Divaina - රන්තාරකාවෝ අරගෙන චන්ද්‍රිකා බී.එම්.අයි.සීඑච්. එකට ගොඩවෙයි; මගේ ගීත ප‍්‍රචාරය අඩුවුණු නිසා මට තිබුණේ කළකිරීමක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

chandi333 ඉගිල්ලිලා යන්න යං කෝ පිහාටු නෑ අනේ
 මුහුදු හතේ යන්න යං රුවල් හබල් නෑ අනේ
 රජෙක් වෙන්න යන්න යං ඉහට ඔටුණු නෑ අනේ
 අහංකාර විලම්බීත ඇයි...
 
 ඈ ගයද්දී අසා සිටින්නට අකමැති අයෙක් නැත. ඒ තරමට ඇය හැ`ගුම්බරව ගී ගයන්නීය. ගීතයේ පද මාළාව නිවැරදිව වටහා
 
 ගන්නා ඈ පැහැදිළිව වදන් උච්චාරණය කරමින් ගයනාකාරය ශ‍්‍රාවක සවන් මිහිරෙන් සනහාලන්නීය.
 
 
 මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
 රන් අරුණළු වැටිලා
 අත්තෙන් අත්තට මල් හිනැහෙනවා
 ඉර ම`ඩලට හැරිලා
 
 ඇය කැමරාවක් ඉදිරියේ ගී ගයද්දී ගීයේ රසය වඩාත් තීව‍්‍ර කරන්නීය.
 
 ගීයේ අර්ථය පිළිබිඹු වන ආකාරයට ඇගේ මුහුණේ ඉරියව් මගින් දක්වන භාව ප‍්‍රකාශනයන් නිසාම රූපවාහිනී තිරයේ ඈ ගයද්දී උපරිම රසයක් වි`දින්නට පේ‍්‍රක්‍ෂකයා කැමැතිය.
 
 අප මේ කියන්නේ විශාරද ගායිකා චන්ද්‍රිකා සිරිවර්ධන ගැනය. ඕ මේ ක්‍ෂේත‍්‍රයට පැමිණෙන්නේ වයස අවුරුදු පහේදීය. ඒ ගුවන් විදුලියේ ළමා මණ්ඩපයෙනි. ප‍්‍රවීණ සංගීතඥයෙකු මෙන්ම නළුවෙකුද වූ පීටර් සිරිවර්ධන සහ සංගීත ආචාර්යවරියක මෙන්ම නිළියකද වූ කරුණාදේවි සිරිවර්ධන ආදරණීය පියා සහ මව වීම චන්ද්‍රිකාගේ සංගීත චාරිකාවට දිරියක් විය.
 
 උක්ද`ඩු දුන්නෙන් උපන්නෙමි
 මල් මල් උයනක වෙසෙන්නෙමි
 රැස`ද ලෙස හිනැහෙන්නෙමි
 මමයි අප්සරාවී අප්සරාවී අප්සරාවී
 
 හැත්තෑව දශකයේ ඕ ගායිකාවක ලෙස උපන්නේ ඒ ගීයෙනි. සමන් චන්ද්‍රනාත් වීරසිංහගේ පද රචනයක් සංගීතවත් කළේ සරත් දසනායකය. ඈ ගී ලොව අප්සරාවියක වන්නට පටන් ගත්තේ ඒ ගීයෙනි. මේ ගුවන් විදුලියේ ස්වර්ණමය කාලයයි. රිජ්වේ තිලකරත්න සභාපතීත්වය ඉසිලූ සමයයි. එවක චන්ද්‍රිකා සිරිවර්ධන නම්වූ නවක ගායිකාවගේ සංගීත ජීවිතයේ කඩඉම් සටහනක් තැබූ අවධියයි. ඈ විශිෂ්ඨ ශ්‍රේණියේ සිංහල සරල ගී ගායිකාවක ලෙසත් විශිෂ්ඨ ශ්‍රේණියේ දමිළ සරල ගී ගායිකාවක ලෙසත් ශාස්ත‍්‍රීය
 
 ගායිකාවක ලෙසත් සමත් වූවාය. ඇය පළමුව සරල ගීයක් ගැයුවේ සොහොයුරු සුනිල් සිරිවර්ධනගේ සරල ගීත වැඩසටහකටය.
 
 රත්තරනින් රන් මාල නොබැන්දට
 රත්තරනින් රන් තෝඩු නොදැම්මට
 ඔබේ දෑත මට රැකවරණයි
 රත්තරන් දෑත මට රැකවරණයි
 
 මහනුවර පුෂ්පදාන විද්‍යාලයෙන් ශිල්ප හැදෑරූ චන්ද්‍රිකා ඉන්දියාවේ භාත්ඛණ්ඩ සරසවියෙන් පළමු ශ්‍රේණියේ සමාර්ථයක් සමගින් විශාරද උපාධිය ලබන්නීය. ඈ උතුරු ඉන්දියානු ශාස්ත‍්‍රීය සංගීතයටත් දකුණු ඉන්දියානු කර්ණාටක සංගීතයටත් එකසේ දස්කම් දක්වන්නීය.
 
 වියෝ වී මිහිම`ඩල - ඉකිබි`දී ර`ළු සුළ`ගක් සේ
 අ`ළු යටින් මතුව ඇවිලෙන -නොනිමි ගින්නක් වී
 ඉකි බි`දියි මිහිම`ඩල
 සාපයක්දෝ දෙවියන්ගේ - පාපයක්දෝ මිනිසුන්ගේ
 
 සුනිල් ආර්. ගමගේ විසින් සිංහල සහ දමිළ වචන මිශ‍්‍රව ලියූ මේ පදමාලාව ’සුර අසුර’ ටෙලි නාට්‍යයට ගයන්නේද විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනය.
 
 අද ඈ සිය ජීවිතයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකට පැමිණ සිටින්නීය. ඇගේ හැත්තෑවැනි ජන්ම දිනය සමරමින් විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන සිය ප‍්‍රථම ඒක පුද්ගල ගීත ප‍්‍රසංගයට සූදානම් වන්නීය.
 
 රන් තාරකාවෝ නෑ නිදියන්නේ
 මේ නංගී මල්ලී සේ හිනැහෙන්නේ
 
 ’’මගේ ජීවිතේ පළමුවැනි වරට ’රන් තාරකාවෝ’ නමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ නොවැම්බර් 11 වැනිදා හවස 6.30ට පවත්වන මගේ ඒක පුද්ගල ගීත ප‍්‍රසංගය . මේ ප‍්‍රසංගයේදී දී මා සමග ගීත ගයන්න බොහෝ තරුණ පිරිස් එකතු වෙනවා .මගේ පුතා ප‍්‍රශන්ත, දුව ජිතේන්ද්‍රිකා, මිනිපිරී දුල්ෂාරා දසන්ති, මුණුපුරා දෙවින් නේලක , මුණුපුරා , දෙවෙනි මුණුබුරා චිත්රු නිලේෂ් මේ ප‍්‍රසංගයේ ගී ගයනවා. පවුලේ අයට අමතරව රිද්ම වීරවර්ධන, රවීන් කණිෂ්ක චන්දීප ජයකොඩි, නදීමාල් පෙරේරා, වගේම ප‍්‍රවීණ ශිල්පීන් වන චරිතා ප‍්‍රියදර්ශනී පීරිස්, ප‍්‍රදීපා ධර්මදාස සහ අමරසිරි පීරිස් ගී ගයනවා. සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ දිනේෂ් සුබසිංහ ප‍්‍රමුඛ ටෝන් පොයම් සංගීත කණ්ඩායම. මේක මගේ පළවෙනි ප‍්‍රසංගය. ඒ වගේම පළවෙනි සංයුක්ත තැටියත් එදාට එළිදක්වනවා .
 
 ඈ ඒකපුද්ගල සංගීත ප‍්‍රසංගයක් පවත්වන්නත් සංයුක්ත තැටියක් එළිදක්වන්නත් අවුරුදු හැත්තෑවක් ගත කළේ මන්ද යන්න ඕනෑම කෙනෙකුට මතුවන පැනයක්.
 
 ඔව්. මම සතුටු වෙනවා ඇත්තටම මෙච්චර කාලෙකට ප‍්‍රසංගයක් හෝ සංයුක්ත තැටියක් නොකර ජනතාව අතර ඉන්න ලැබීම ගැන. මට හිතුණේ නෑ ප‍්‍රසංගයක් ගැන. මගේ සැමියා ඇන්ටන් අල්විස්. එයාට වුවමනාව තිබුණා මගේ ප‍්‍රසංගයක් කරන්න. සීඞී එකක් කරන්න. ඒත් ඒක කොහොම කොහොම හරි සිද්ධ වුණේ නැහැ. මගේ ගීත ප‍්‍රචාරය හුඟක් අවම වෙලා තිබුණා. ඒ ගැන කලකිරීම් තිබුණා. ඒත් ජනතාව වෙනුවෙන්, මගේ රසික පිරිස වෙනුවෙන් මේ ප‍්‍රසංගය කරනවා.
 
 අද ඉන්නවා හෙට යාවිදෝ නෑ බව කිසිවෙකු දන්නේ
 මහ සත්මහල් මැදුරින් පවා මහ පොළොවයි උරුමය වන්නේ
 මත භේදයෙන් අමනාපකම් ඇයිදෝ දිගටම ගෙන යන්නේ
 අපි යාළුවෝ අපි යෙහෙළියෝ නෑ නෑ අපි තරහා වෙන්නේ
 
  චන්ද්‍රිකා සිරිවර්ධන නිතර තරුණ පිරිසත් සමඟ වැඩ කරන ප‍්‍රවීණ ශිල්පිණියක්. ඇයගේ මේ ගුණාංගය ’ රන් තාරකාවෝ ප‍්‍රසංගයෙන් පවා දැකගත හැකියි.
 
 පරපුරවල් කිහිපයක් එකතු කර ගැනීමේ අවශ්‍යතාව මට දැනුනා.ඒ තුළින් ප‍්‍රසංගයට ලැබෙන විචිත‍්‍රත්වය ගැන හිතුවා. ඒ නිසයි නව පරපුර මේ ප‍්‍රසංගයට එක්කර ගන්නේ. ප‍්‍රසංගයේ කතක් නර්තනයක් සමග ස්වතන්ත‍්‍ර ගීයක් දුල්ශාරා එදාට ඉදිරිපත් කරනවා.
 
 
 මහ සාගරේ කැළඹී සැලී රළ හෝ හ`ඩින් පෙරලී හැපී
 පෙර කල්පයේ මතුදා පවා දැවෙනා අහිංසක පෙම්වතුන්
 හද වේදනා දුක් චේතනා පේ‍්‍රමේ විලාපය නංවනා
 ඊට අමතරව මා ගැයූ චිත‍්‍රපට ගීත, තරුණ පරපුර
 
 ගායනා කරනවා. ඒවාට රංගනයෙන් එකතු වෙනවා දිනක්ෂි ප‍්‍රියසාද් සහ සහ ශනුද්‍රි ප‍්‍රියසාද් ඇතුළු රංගන ශිල්පීන් කිහිපදෙනෙක්. මේ ප‍්‍රසංගයේදී මගේ පැරණි සින්දු සියල්ල අලූත් විදියට ගායනා කරනවා. ඒ පැරණි ගීයට කිසිම හානියක් සිදු නොවන ආකාරයට. මම ගීත විස්සක් පමණ ගායනා කරනවා .ඊට අමතරව අනෙක් අයත් මගේ ගීත ගායනා කරනවා. මගේ පුතා ප‍්‍රශාන්ත උදය අල්විස් බටහිර ආරක ගීතයක් ගායනා කරනවා.
 
 චිත‍්‍රපට සීයක විතර මම ගීත ගීත ගායනා කරලා තියෙනවා. ’ තිලක සහ තිලකා’ චිත‍්‍රපටයට අමරදේව සූරීන් සමඟ ගායනා කළා ’ලස`දා’ කියලා ගීයක්. එතුමා සමග ගීත කිහිපයක්ම ගායනා කළා.
 
 නිම් වළල්ලේ ඔබේ රුව දැක
 දෙනෙත කළ ආයාචනා
 නෙතක ස`ගවන ක`දු`ළු බි`දුවක්
 ආදරේ ආරාධනා
 
 හිතවතිය විත‍්‍රපටයට ගායනා කළ මේ ’නිම් වළල්ලේ’ ගීතයට සරසවි සම්මානයක් ලැබුණා. මාලනී ෆොන්සේකා තමයි ර`ගපෑවේ. මගේ දුව ජිතේන්ද්‍රිකා භරත නාට්‍ය ශිල්පිණියක්. එදාට දුවත් දුවගේ පුතත් සමග මම ගීතයක් ගායනා කරනවා. මමත් භරත සහ උඩරට නර්තනය හදාරලා තියෙනවා. ඒ වගේම ගිජු ලිහිණියෝ, රත්තරං අම්මා, දෙව්දුව චිත‍්‍රපටවල මම ර`ගපෑවා. ඒත් ඊට වඩා සුදුසු ගායනය නිසා ගී ගැයීම තෝර ගත්තා. මම ගොඩක් ගායනා කරන්න කැමැති අර්ධ ශාස්ත‍්‍රීය සංගීතය.
 
 
 අජිත් අලහකෝන්
 ඡායාරූප - සුජාතා ජයරත්න

 



 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles