Divaina - බොලිවුඩ් තරු සුගතදාසයට පෑයූ හිරු ගෝල්ඩන් ෆිල්ම් Awards

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

hiriu6
 
 ශ‍්‍රී ලාංකේය සිනමා සම්මාන ඉතිහාසය නැවත ලියූ ප‍්‍රමිතිගත අන්තර්ජාතික සිනමා සම්මාන රාත‍්‍රියක උත්කර්ෂය රැගත් හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඞ් 2018 සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පසුගිය ශනිදාවේ නිමාවට පත්වුණා.
 
 ඒ බොලිවුඞ් සුපිිරි තරු මෙන්ම මෙරට ජනප‍්‍රිය මෙන්ම ප‍්‍රවීණ සිනමා ශිල්පීන්ගේ සම්ප‍්‍රාප්තිය රන් පලස මතින් සිදුවීමෙන් අනතුරුවයි.
 
 හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඞ් 2018 සම්මාන උළෙළේ හො`දම චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය වෙනුවෙන් 28 චිත‍්‍රපටයේ ප‍්‍රසන්න ජයකොඩි දිනාගත් අතර, හො`දම චිත‍්‍රපටය ලෙස සම්මානයට පාත‍්‍රවූයේ අශෝක හ`දගම අධ්‍යක්‍ෂණය කළ ඇගේ ඇස අග චිත‍්‍රපටයයි. වසරේ හො`දම නළුවා ලෙස සපපෙති කුසුම චිත‍්‍රපටයේ දසුන් පතිරණ සම්මානයට පාත‍්‍රවුණා. හො`දම නිළිය ලෙස සම්මාන හිමිකරගත්තේ ඇගේ ඇස අග චිත‍්‍රපටයේ ර`ගපෑ ස්වර්ණා මල්ලවාරච්චිය. වසරේ ජනප‍්‍රියතම චිත‍්‍රපටය ලෙස පත්තිනි චිත‍්‍රපටය සම්මානයට පාත‍්‍ර වූ අතර ජනප‍්‍රිය නළුවා ලෙස උද්දික පේ‍්‍රමරත්න සම්මානයට පාත‍්‍රවුණා. ජනප‍්‍රිය නිළිය වූයේ පූජා උමාශංකර්. ජනප‍්‍රිය ළමා නිළිය ලෙෂ ධර්මයුද්ධය චිත‍්‍රපටයේ ර`ගපෑ විනුම් වන්සදි සම්මාන හිිමිකරගත්තා. හො`දම සහාය නළුවා ලෙස ධර්ම යුද්ධය චිත‍්‍රපටයේ කුමාර තිරිමාදුරත්, හො`දම සහාය නිළිය ලෙස ඒ ලෙවල් චිත‍්‍රපටයේ ර`ගපෑ උමාලි තිලකරත්න සම්මානයට පාත‍්‍රවුණා.

 

hiriu1

hiriu2

hiriu3

hiriu4

hiriu5


හො`දම හාස්‍යෝත්පාදක රංගන ශිල්පියාට හිමි සම්මානය මහේන්ද්‍ර පෙරේරා හිමිකරගත් අතර හො`දම ප‍්‍රතිවීර රංගනයට හිමි සම්මානයට හිමිකම් කියනු ලැබුවේ බන්ධනය චිත‍්‍රපටයේ ර`ගපෑ සිරිල් වික‍්‍රමගේය.
 
 එමෙන්ම සිනමාවේ නව මානයන් ප‍්‍රගුණ කළ නිර්මාණකරුවාට හිමි හිරු ටෙ‍්‍රන්ඞ් සෙටර් සම්මානය හේමාල් රණසිංහ හිමිකරගත්තා. හො`දම තිර රචනයට හිමි සම්මානය ඇගේ ඇස අග චිත‍්‍රපටයේ අශෝක හ`දගමට හිමි වූ අතර හො`දම කැමරා අධ්‍යක්‍ෂවරයා ලෙස සම්මාන හිිමිකරගත්තේ එම චිත‍්‍රපටයේ චන්න දේශප‍්‍රියයි. හො`දම සංස්කරණයට හිමි සම්මානය මෝටර් බයිසිකල් චිත‍්‍රපටයේ තිසර ඉඹුලානට හිමිවුණා.
 
 හො`දම අංග රචනය ආලෝකෝ උදපාති චිත‍්‍රපටයේ ජයන්ත රණවකට හිමි වූ අතර හො`දම අංග වස්ත‍්‍ර නිර්මාණයට හිමි සම්මානය සරිගම චිත‍්‍රපටයේ මෙත්නුවන් විජේසිංහ විසින් හිමිකරගත්තා. හො`දම සටන් අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය හිමිකරගත්තේ ආලෝකෝ උදපාදි චිත‍්‍රපටයේ ස`දුන් ප‍්‍රනාන්දුයි. හො`දම පසුබිම් ගායිකාව වූයේ සරිගම චිත‍්‍රපටයේ මේ සීත උදයේ ගීතය ගැයූ උරේෂා රවිහාරියි. හො`දම ගී පද රචනය ස`දහා වූ සම්මානය මහාචාර්ය සුනිල් ආරියරත්න හිමිකරගත් අතර හො`දම පසුබිම් සංගීත අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය ආචාර්ය රෝහණ වීරසිංහයන් හිමිකරගත්තා.
 
 එමෙන්ම ආසියානු චිත‍්‍රපට ක්‍ෂේත‍්‍රයට කළ මෙහෙය වෙනුවෙන් රන් සම්මානය හිමිවූයේ සුපිරි වොලිවුඞ් නළු ගෝවින්දා අහුජාටයි.
 
 ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන හිරු ජීවන ප‍්‍රයාම රන් සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ප‍්‍රවීණ රංගන ශිල්පිනී ආචාර්ය මාලනී ෆොන්සේකායි. ඊට අමතරව ආචාර්ය ධර්මසේන පතිරාජයන් සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙනුවෙන් හිරු උත්තමාචාර රන් සම්මාන පිරිනැමුණා.
 
 දිනේෂ් විතාන
 ඡායාරූප- යූ.කේ.අබේරත්න
 



 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles