Divaina - දහදිය සිත්තම කලා උළෙල අද සහ හෙට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

chandna1
 
 
 
 ‘දහදිය සිත්තම’ මෙරට ලක්‍ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාවගේ නිර්මාණකරණයේ වේදිකාව ලෙස සැලකේ. මෙම වේදිකාව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ආරම්භ කළේ 2007 වර්ෂයේදීය. රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, වතු ක්‍ෂේත‍්‍රය ඇතුළු සමස්ත වැඩකරන ජනතාවගේ නිර්මාණකරණයේ ලංකාවේ එකම කලා සාහිත්‍ය උළෙලද වන ’දහදිය සිත්තම’ දොලොස්වැන්න අද (25 දා* සහ හෙට (27 දා* බස්නාහිර පළාත් සංස්කෘතික කේන්ද්‍රයේදී පැවැත්වේ.
 
 ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සාහිත්‍ය අනුකමිටුවේ සභාපති චන්දන සූරියආරච්චි ’දහදිය සිත්තම’ පිළිබඳව ‘දිවයින සිනමා කලා‘ සමඟ කළ සාකච්ඡුාවක සටහන් මතු දැක්වේ.
 
 කවුද මෙය සංවිධානය කරන්නේ?
 
 ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සාහිත්‍ය අනුකමිටුව මගින් තමයි මෙම කටයුත්ත සිදුකරන්නේ. අපේ රටේ වැඩකරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ අපි, අපේ රටේ වැඩකරන ජනතාවගේ නිර්මාණශීලි හැකියාවන් දියුණු කරමින් වඩා දියුණු හා තියුණු නිර්මාණාත්මක භාවිතයක් ගොඩනැගීම වෙනුවෙන් වෘත්තීය සමිති මධ්‍යස්ථානය මෙම කලා උළෙල සංවිධානය කරන්නේ.
 
 ඇයි විකල්ප කලාවක්, තියෙන කලාවට මොකද වෙලා තියෙන්නෙ?
 
 පවතින සියල්ල අද අපි මුහුණදීලා තියෙන ප‍්‍රශ්නවලට උත්තරයක් නෙමෙයි. අද කලා සාහිත්‍යය අරන් බැලූවොත් සමාජ ප‍්‍රගමනය වෙනුවෙන් දායකවන නිර්මාණ ඉතාම අඩුයි. එහෙම කලාකරුවනුත් අඩුයි. නමුත් අපි ජීවත්වෙන සමාජයේ ඇත්ත මිනිසුන් මුහුණදෙන සැබෑ ජීවිතය සමාජයේ ඇති නැති පරතරය කුඩා කණ්ඩායමකගේ සුඛවිහරණය වෙනුවෙන් සාතිශය බහුතරයක් දුක් විඳිමින් පාලක පංතිය නඩත්තු කරන මේ සමාජය අධ්‍යාපනයේ, සෞඛ්‍යයේ, ප‍්‍රවාහනයේ විෂමතා සමාජය කියන්නේ මේවා. මේ අපි ජීවත්වන සමාජය. ඒ සමාජය දෙස ගැඹුරින් කියවන්න, අධ්‍යයනය කරන්න පුලූවන් නිර්මාණ බිහිවිය යුතුයි. රස මෙන්ම බුද්ධිමය තර්කනයන් නිර්මාණ වල තිබිය යුතුයි. හුදු රසවින්දනයක් තිබූ පමණින් ඒවා කලාකෘති කියලා තේරුම් ගන්න සමාජය හා පාඨකයා අපි වෙනස් කළයුතුයි. ඒ සඳහා විකල්ප කලාවක් අවශ්‍යයි. පවතින කලාව තුළ ඇත්ත කතාකරන්නෙ නැහැ. ඒකයි, හොඳ කලාවක්, දක්‍ෂ කලාකරුවෙකු වෙනුවට සැබෑ කලාවක් හා සැබෑ කලාකරුවෙකු අවශ්‍යවන්නෙ. ඒ සඳහා විකල්ප කලා භාවිතාවක් අවශ්‍යයි.
 
 දහදිය සිත්තමට විකල්ප කලාවක් කරන්න පුළුවන්ද?
 
 වැඩ කරන ජනතාවගේ දායකත්වය කොහොමද?
 
 ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. මොකද රාජ්‍ය, පෞද්ගලික, වතු ක්‍ෂේත‍්‍ර මේ සියල්ලම එකට එකතු කළ සිංහල, දෙමළ භාෂා මාධ්‍ය දෙකෙන්ම නිර්මාණ කැඳවලා, ලංකාවේ කෙරෙන එකම වැඩකරන ජනතා කලා උළෙල මේක නිසා. වාර්ෂිකව සහභාගිත්වයේත්, නිර්මාණවලත් වර්ධනීය මට්ටමක් දක්නට තියෙනවා.
 
 මේවට මුදල් කොහෙන්ද? ආණ්ඩුවෙන් ලැබෙනවද?
 
 එක පැත්තකින් වැඩකරන ජනතාවගේ විවිධ මට්ටමේ මූල්‍ය දායකත්වයන් තියෙනවා. වෘත්තීය සමිති විසින් කැට ව්‍යාපාර, කෝච්චිවල බස්වල සිංදු කියලා ජනතා ආධාර එකතු කිරීම්, ස්ටිකර්, බුක්මාක් අලෙවිකිරීම් ආදිය මගින් මෙම උළෙලට අවශ්‍ය මුදල් ප‍්‍රශ්නය විසඳගන්නවා. ඊට අමතරව මෙවැනි කලා කටයුත්තක් වෙනුවෙන් සද්භාවයෙන් ලබා දෙන පරිත්‍යාගශීලින්ගේ මූල්‍ය පරිත්‍යාග ද ලැබෙන අවස්ථාත් තියෙනවා. මේ ආකාරයෙන් තමයි, මෙම උළෙල මේ දක්වා අරගෙන ඇවිත් තියෙන්නෙ. ආණ්ඩුව සල්ලි දෙන්නෙත් නැහැ. ආණ්ඩුවෙන් සල්ලි ගන්න උත්සාහ කරන්නෙත් නැහැ.
 
 ආණ්ඩුව සල්ලි වියදම් කරලා කලා සාහිත්‍ය උත්සව කරනවා. ඇත්තටම ආණ්ඩුවෙන් කිව්වත් ඒවා ජනතාවගේම සල්ලි. ජනතාවගේ බදු මුදල්. ආණ්ඩුව චක‍්‍රලේඛ විධිවිධාන අනුව වාර්ෂිකව කලා උත්සව කරනවා. මොකුත් වෙනසක් නැහැ. අය-වැය හදන්න ඕන නිසා කරන කලා සාහිත්‍ය උත්සවත් තියෙනවා.
 
 අද ඇරඹෙන කලා උළෙල පිළිබඳව යමක් කිව්වොත්?
 
 මෙවර උළෙල විශේෂයි. අද (26දා* හා හෙට (27දා* දින දෙක පුරා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන පරිශ‍්‍රයේදී පැවැත්වෙනවා. සිංහල හා දෙමළ මාධ්‍යවලින් ගීත රචනා, කාව්‍ය රචනා, කෙටිකතා, කෙටි නාට්‍ය මෙන්ම ඡුායාරූප, චිත‍්‍ර, ජංගම දුරකතන කෙටි චිත‍්‍රපට ආදි තරග අංශ ගණනාවකින් කැඳවන ලද නිර්මාණ ඇගයීමෙන් පසු ජයග‍්‍රාහි නිර්මාණකරුවන් ඇගයීමට ලක්වෙනවා. අදත් හෙටත් දෙදින පුරා එම පරිශ‍්‍රයේදී ප‍්‍රදර්ශන කුටි, පොත් ප‍්‍රදර්ශන, නිර්මාණාත්මක කලා කි‍්‍රයාකාරකම්, වීදි නාට්‍ය, ශාස්තී‍්‍රය ග‍්‍රන්ථ එළිදැක්වීම ආදී විශේෂාංග රැුසකින් මෙවර උළෙල උත්කර්ෂවත් කරන්න සාහිත්‍ය අනුකමිටුව කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම දහදිය සිත්තම කෙටි නාට්‍ය උළෙල අද සවස 2.00 ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ ප‍්‍රධාන රංග ශාලාවේදී පැවැත්වෙනවා. සාහිත්‍ය අනුකමිටුව වෙත ලැබුනු විශාල කෙටි නාට්‍ය පිටපත් පළමු විනිශ්චයට යොමුකර ඉන් දෙවන වටය සඳහා සුදුසුකම් ලැබූ කෙටි නාට්‍ය අතුරින් අවසන් වටය සඳහා තේරුණු නිර්මාණ අවසන් උළෙලට ඉදිරිපත්වෙනවා. අපේ රටේ සියලූම කලාකාමී සහෘද ජනතාවට ආරාධනා කරනවා අද සහ හෙට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයට පැමිණ ලාංකීය වැඩකරන ජනතාවගේ නිර්මාණශීලි අස්වැන්නේ ඵල භුක්ති විඳින මේ උළෙලට එක්වී එම මිහිර විඳගන්න පැමිණෙන ලෙස.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles