Divaina - හිරු Golden Film Awards හින්දි සිනමාවේ සුපිරි තරු පායන රැය හෙටයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


hiru1

 

hiru2

සිංහල සිනමාවට යළි ස්වර්ණමය යුගයක් උදා කිරීමේ අරමුණ ඇතිව ලාංකීය රූපවාහිනී නාලිකාවක් සිංහල සිනමාව වෙනුවෙන් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර තලයේ එකම සිනමා උළෙල හිරු Golden Film Awards සම්මාන උළෙල හෙට (27 වැනිදා) සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතුව පැවැත්වේ.
 
 ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ ද සිල්වා මහතාගේ සංකල්පයකට අනුව 2014 වසරේ පළමුවරට හිරු Golden Film Awards 2014 අති උත්කර්ෂවත් ලෙසින් සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි. දෙවනවරට 2016 වසරේදී කොළඹ නෙලූම් පොකුණ ජාතික ර`ගහලේදී පැවැත්විණි. ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක අසිරිය ශ‍්‍රී ලාංකීය පේ‍්‍රක්ෂක හද මත අමරණීයව මතකයේ තබමින් මෙවරද තෙවන වරටත් සම්මාන උළෙල පවත්වනු ලබයි.
 
 සම්මාන උළෙල සඳහා මෙවරත් බොලිවුඞ් සිහින සිනමා නිම්නයේ සුපිරි තරු වන ගෝවින්දා, ජුහී චව්ලා, සායිෆ් අලීඛාන්, ශිල්පා ෂෙට්ටි, සිද්ධාර්ථ මල්හෝත‍්‍රා, සරීන් ඛාන් සහ සෝනක්‍ෂී සිං සහභාගි වීමට නියමිතය.

 

hiru3

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles