Divaina - නර්තන චිකිත්සාව බොහෝ මානසික රෝගවලට ඔසුවක් - ප‍්‍රවීණ නර්තන ආචාරිනී ප‍්‍රීති ගනේගොඩ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


prteethi1නර්තන කලාව අති ශ්‍රේෂඨවූත් පූජනීයවූත් කලාවක් ලෙස භාරතය විශ්වාස කරයි. ඉන්දීය නර්තන කලාවට වටිනා ඓතිහාසික පසුබිමක් ඇත. එය ඉතාමත් චිත්තාකර්ෂණීය අභිනය භාෂාවකි. ඉන්දීය නර්තනයෙහි ගැබ්ව ඇති සෞන්දර්ය, ලය, තාලය, ගීතය, වාදනය, රිද්මය, පද්‍ය පාඨනය, කථකතාව, වර්ණය, ආලෝකය, වේශ නිරූපණය, වේශ රචනය ආදී අනේකවිධි ප‍්‍රකාශන ශක්තීන්ද එක්වූ කල වෙනත් ඕනෑම කලාංගයක් අභිබවා යෑමට තරම් එය බල සම්පන්නය.
 
 අප මේ පූර්විකාවත් සමගින් අපේ රටේ නර්තන කලාව දෙසට හැරෙමු. ඒ පිළිබඳ කතාබහ කරන්නට ප‍්‍රවීණ භරත නාට්‍ය ශිල්පිණියක් මෙන්ම ආචාර්යවරියක්ද වන ප‍්‍රීති ගනේගොඩ කලකට පසු දිවයින සිනමා කලා සංග‍්‍රහය සමග එක් වූවාය.
 
 අද අපේ රටේ භාවිත වන නර්තනය පිළිබඳ ඇය පළමුව කතා කළාය.
 
 අද නර්තනය ජනප‍්‍රිය කලාවක් බවට පත්වෙලා. රියැලිටි වැඩසටහන්වලට, මංගල උත්සවවලට වගේම ක‍්‍රීඩා උත්සව වැනි සෑම අවස්ථාවකටම අද නර්තනය නැතිවම බැරි තත්ත්වයට පත්වෙලා. අපේ නර්තනය අද ජාත්‍යන්තරය දක්වා ගෙන ගිහින් තියෙනවා. ඒත් මේ නර්තනයේ ගුණාත්මක බව වගේම ඇඳුම් නිර්මාණ ගැනත් අප සිතා බැලිය යුතුයි. කුඩා දරුවන්ගේ රියැලිිටි වැඩසටහන්වල අපි දකිනවා බොහෝ ශිෂ්ට සම්පන්න ඇඳුම් වගේම ශාස්ත‍්‍රීය නර්තනාංග. ඒවා ගුණාත්මක බවින් ඉතාම ඉහළයි. එය පැසසිය යුතුයි.
 
 ප‍්‍රීති භරත නාට්‍ය ශිල්පිණියක්. ඒ නිසාම අපේ රටේ භරත නාට්‍ය ශෛලිය පිළිබඳ ඇති පිළිගැනීම කෙබඳුද යන්න ගැන ඇය දැක්වූයේ මෙවන් අදහසකි.
 
 භරත නාට්‍ය ශිල්පය මූලධර්ම රැුසකින් යුත් ශාස්ත‍්‍රීය නර්තන සම්ප‍්‍රදායක්. අද බොහෝ ළමුන් සහ කාන්තාවන් මෙම නර්තන ශෛලිය හදාරනවා.
 
 බොහෝවිට දෙමාපියන් හා දරුවන්ට අවශ්‍ය වන්නේ කළඑළි රංගනය නොහොත් අරංගේත‍්‍රම් දිනය දක්වා ශිල්පය හැදෑරීම පමණයි. භරත නාට්‍ය ශිල්පය මැනවින් හදාරන සිසුවකු තුළ අපට විශේෂයක් දක්නට ලැබෙනවා. එම දරුවන් තුළ මනා සංයමයක්, ධාරණ ශක්තියක් වගේම ක‍්‍රියාශීලි අධිෂ්ඨානාත්මක බව නිතැතින්ම වැඩෙනවා. නර්තන පන්තියට එන දරුවන්ට අපි මූලිකවම ස්වයං විනයක් ලබාදිය යුතුයි. දරුවා තුළ කිසියම් පෞරුෂ වර්ධනයක් ඇති වී මට ඉඩ සැලැස්විය යුතුයි. නර්තනය හදාරන දරුවන්ට කිසියම් ස්ථාවරත්වයක් තුළ වැඞීමට ඉඩ සලසනවා.
 
 සිසු දරුවන් සහ ගුරුවරුන් අතර අද තිබෙන සම්බන්ධතාව දකින ආකාරය ඇය විග‍්‍රහ කළේ මෙලෙසිනි.
 
 අප ඉගෙන ගන්නා අවධියේදී අපට ගුරුවරුන් කෙරෙහි මහත් භක්තියක් තිබුණා. ගුරු භක්තිය අද බොහෝ දරුවන් තුළින් වියැකී යනවා. ගුරු භක්තිය පිළිබඳව විශේෂ අවධානය යොමු කරවමින් මගෙන් ඉගෙන ගන්නා දරුවන්ට ඒ සඳහා නිසි ලෙස හැඩ ගස්වනවා.
 
 ඉන්දීය නර්තන හුදු ප‍්‍රසංග කලාවක් පමණක් ද යන පැනයට ඇගේ පිළිතුර වූයේ මෙවැන්නකි.
 
 ඉන්දීය නර්තන හුදු ප‍්‍රසංග කලාවක් ලෙස අපට සලකන්න බැහැ. එය මිනිසාගේ අධ්‍යාත්මය සුවපත් කරන කලා අංගයක් ලෙසට විග‍්‍රහ කළ හැකියි. දෙවොල ආශ‍්‍රිත නර්තනයක් ලෙස ඇරඹුණු භරත නාට්‍ය කලාව අද චිකිත්සාවක් ලෙස භාවිත කරනවා. බොහෝ ඉන්දීය නර්තන ශිල්පීන් අද වෘත්තිය මට්ටමෙන් නර්තන චිකිත්සාවේ නියැළෙනවා. නර්තන චිකිත්සාව නොහොත් ා්බජැ තෙරපි අද බොහෝ රටවල බහුලව භාවිත කරනවා. ශ‍්‍රී ලංකාව තුළ බහුලව භාවිත නොවුනත් ලොව පුරා ව්‍යාප්තව ඇති නර්තන චිකිත්සාව, නාට්‍ය චිකිත්සාව, චිත‍්‍ර චිකිත්සාව තුළින් වැඩිහිටියන්ගෙන් මෙන්ම ළමුන්ගෙ ද බොහෝ මානසික රොගී තත්ත්වයන්ට ප‍්‍රතිකාර ලැබෙනවා. බොහෝ මානසික රෝගවලට ඖෂධවලින් කෙරෙන ප‍්‍රතිකාරවලට වඩා වැඩි ප‍්‍රතිපලයක් කලින් කී චිකිත්සාවන් මගින් ලැබෙනවා. නර්තන ගුරුවරියක් ලෙස කටයුතු කරමින් මා මරදාන ආනන්ද කුමාරස්වාමි මාවතේ අංක 93 දරන ස්ථානයේ නර්තන චිකිත්සා වැඩමුළුත් පවත්වනවා.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles