Divaina - නන්දා මාලිනීගෙන් ආරාධනා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
nanda133 දේශයේ දරු පරපුර වෙනුවෙන් ‘‘හඳහාමි’’ ‘‘සින්දු හෝඩිය’’ ‘‘පුංචි සින්දු’’, ‘‘ලස්සන මල් පිපිලා’’ වැනි නිර්මාණ රැසක් සමඟ ස්වර සටහන් සහිත ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහ, ධර්මසිරි ගමගේ වැන්නවුන්ගේ ළමා ගී රචනා ඇතුළත් පොත් ගණනාවක් දරුවන්ට ප‍්‍රදානය කළ සංගීත විශාරද නන්දා මාලිනිය මෙහෙයවන සංගීත පන්ති සඳහා නන්දා මාලිනී සංගීත ආශ‍්‍රමයට’’ නවක සිසු සිසුවියන් බඳවා ගැනීම මේ දිනවල සිදු කෙරේ.
 
 වයස අවුරුදු 8 සිට 12 දක්වා වූ කුඩා දැරි දැරියන් සඳහා මූලික ස්වර අභ්‍යාස සහිත දරුවන්ගේ මුවට පහසුවෙන් ගායනා කළ හැකි මධුර ගීත මාලාවක් ඔවුන්ගේ කටහඬ පුහුණුව සඳහාම උගන්වනු ලැබේ.
 
 වයස අවුරුදු 12 සිට 15 දක්වා වූ දරුවන්ට පාසල් විෂය මාලාව හා සම්බන්ධ කෙරුණු දේශීය ජන ගායනා සහ රාගධාරී විෂය ඇතුළත් සංගීත පාඨමාලාවක් ද, තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා තම ගායනා හැකියාවන් ප‍්‍රගුන කර ගැනීම සඳහා ඉන්දියාවේ භාත්ඛන්ඬේ සංගීත විද්‍යා පීඨයේ ප‍්‍රවේශිකා, ප‍්‍රථම සහ ඩිප්ලෝමා යන පාඨමාලාවන් ද ඉගැන්වේ.
 
 සංගීත ආශ‍්‍රමය අංක 30, විජයබා මාවත, නුගේගොඩ යන ලිපිනයට නොවැම්බර් 30 වන දිනට පෙර මුද්දර සහිත කවරයක් එවීමෙන් අයැදුම්පත් ලබා ගත හැක.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles