Divaina - ඞී එස් ගෙන් අසාධාරණයක් වුණානම් නඩු නොදැම්මේ ඇයි? - සුනෙත් මාලිංග

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


  dssunet‘නිදහසේ පියා ඞී. එස්.’ රිදී තිරයේ දිගහැරෙන්න සූදානම් වී තිබෙන මොහොතක සිනමාව පැත්තෙන් ලොකු පෙරළියක් සිද්ධ විය. මේ හැල හැප්පීම්වලට මුහුණ දුන් ‘නිදහසේ පියා ඞී. එස්’ දැන් තිරගත වේ.
 
 ඒ අතරතුර අප එහි අධ්‍යක්‍ෂ සුනෙත් මාලිංග ලොකුහේවා සමග කතා බහ කළෙමු.
 නිදහසේ පියා ඞී.එස්. චරිතාපදාන චිත‍්‍රපටයක් ලෙසයි සැලකෙන්නේ. චිත‍්‍රපටයේ ධාවන කාලය පිළිබඳ ගැටලූවක් මතු වුණා නේද?
 
 ලංකාවේ පළමුවැනි වතාවට තමයි දේශපාලන චරිතාපදාන සිනමා කෘතියක් දකින්නට ලැබෙන්නේ. ඇත්තටම අපි මුලදී චිත‍්‍රපටය සංස්කරණය කළේ පැය දෙකයි විනාඩි විසිනවයකට. ඉන් පස්සේ මුලින්ම පෙන්නුවේ සේනානායක පවුලේ සාමාජිකයන්ට. ඒ වගේම තවත් අවස්ථා කිහිපයකදී විවිධ අයට අපි චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කළා. ඒ අවස්ථාවලදී ආපු යෝජනාවක් තමයි චිත‍්‍රපටය දිග වැඩියි කියන එක. ඒ අනුව අපි නැවත සංස්කරණය කරන්න තීරණය කළා. අවසන් සංස්කරණයෙන් පැය දෙකයි විනාඩි නවයකට චිත‍්‍රපටය තිරගත වන කාලය අඩු කරන්න පුළුවන් වුණා. නමුත් ඒ අවස්ථාවේ දර්ශන කිහිපයක් ඉවත් කරන්නට සිදුවීම අධ්‍යක්‍ෂවරයා විදියට මට ලොකු කනගාටුවකුුත් ඇති වුණා.

 

ds500
 
 ඞී.එස්. චිත‍්‍රපටයට තියෙන ලොකුම චෝදනාව තමයි චිත‍්‍රපටය තිරගත කරගන්න මණ්ඩල ටික සංස්ථාවට පවරා ගත්ත කියන එක. මේ නිසා ප‍්‍රදර්ශනයට ප‍්‍රශ්නයක් මතුවෙලා නැද්ද?

ds1
ඒ චෝදනාවට අවස්ථා කිහිපයකදීම මම උත්තර දීල තියෙනවා. වත්මන් විෂයභාර ඇමැතිවරයා විසින් මේ තීරණය ගන්න කලින් තමයි ඉන් පෙර හිටපු විෂයභාර ඇමැතිවරයා විසින් මේ චිත‍්‍රපටය තිරගත කරන්න අවසර දීල තිබුණෙ. වත්මන් විෂයභාර ඇමැතිවරයා මේ චිත‍්‍රපටයේ එක් නිෂ්පාදකවරයෙක් විතරයි. තවත් පස්දෙනෙක් ඉන්නවා. ඒ වගේම පෝස්ටරයක්වත් ගහන්න ඇමැතිවරයා විසින් කිසිම බලපෑමක් කරල නෑ. ප‍්‍රචාරක වැඩවලට නිෂ්පාදකවරුන්ගේ මුදල් යොදාගෙනත් නෑ. මේක ඇත්ත චෝදනාවක් නම් නඩු දාන්න තිබුණ. නමුත් කාටවත් එහෙම කරන්න පුළුවන් වුණේ නෑ. මේක අපේ රටේ ප‍්‍රශ්නයක්. වැඩක් කරන කොට කකුලෙන් අදින්න ඉන්න අය තමයි වැඩි. සිනමාව කර්මාන්තයක් විදියට සාමූහිකව ඉදිරියට ගෙනියන්න උත්සාහ කරන්නෙ බොහොම සුළු පිරිසක් විතරයි.
 
 මේ ප‍්‍රශ්න නිසා චිත‍්‍රපට ශාලා මගින් ප‍්‍රදර්ශනය ප‍්‍රතික්‍ෂේප කරල නැතිද?
 
 කිසිසේත්ම ඒ වගේ දෙයක් සිද්ද වෙලා නෑ. ලංකාවේ පළමු වතාවට සිංහල සහ දෙමළ භාෂාවලින් එකම දවසේ මේ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය ආරම්භ කළා. ඒ අනුව සිනමා ශාලා සියය ඉක්මවා නිදහසේ පියා ඞී.එස්. තිරගත කෙරෙනවා.
 
 අතීත කතාවක් වර්තමානයට ගේනකොට ඒ චරිත ඒ පසුබිම ඒ ආකාරයටම ඉදිරිපත් කරන්න මොනවද යොදාගත් උපක‍්‍රම?
 
 අපි මුලින්ම මේ දින වකවානු පිළිබඳව රාජ්‍ය චිත‍්‍රපට අංශයෙන් තොරතුරු ලබාගත්තා. ඊට අමතරව යු ටියුබ් එකෙන් සහ අන්තර්ජාලය හරහා තොරතුරු රැුස් කළා. ඒ තොරතුරු අපි වෙනම ගබඩා කරගෙන තෝරාගත් චරිත 30 කට 35ක්පමණ නියෝජනය කරන රංගන ශිල්පීන්ට ලබා දුන්නා. එමගින් ඒ අයට එම චරිත අධ්‍යයනය කරන්න පහසු වුණා. ඒ වගේම කලා අධ්‍යක්‍ෂවරයාට සහ ඇඳුම් නිර්මාණ ශිල්පියාටත් එම තොරතුරු අධ්‍යයනය කරල නියම චරිත ගොඩනඟන්න විශාල උත්සාහයක් ගත්තා.
 
 ස්ටීවන් සේනානායකගේ තරුණ කාලයට තුමිඳු සහ වැඩිහිටි කාලයට ලක්‍ෂ්මන් යොදා ගැනීම කොතරම් දුරට සාර්ථකද?
 
 ඇත්තටම ඒ චරිත තෝරා ගැනීම බොහෝ දුරට සාර්ථකයි. ඞී. එස්. සේනානායක මහත්මයාගේ තරුණ කාලයේ පින්තූර පහක් පමණ අපට සොයා ගන්න පුළුවන් වුණා. ඒවායින් 90% ක් ම තුමිඳුගෙ මුහුණුවරට සමානයි. ඒ වගේම වැඩිහිටි අවධියේ පෙනුමට ලක්‍ෂ්මන් බොහෝ දුරට සමාන බව අපි විශ්වාස කරනවා.
 
 චිත‍්‍රපටයේ ඇතැම් තැන්වලදී දෘෂ්‍ය ප‍්‍රයෝගවල අසාර්ථකත්වයක් දකින්න ලැබෙනවා?
 
 එක් එක් අය විවිධ ආකාරයෙන් ඒ දේවල් දකින්න පුළුවන්. ඒ අවස්ථාවල හැටියට මම කැමරා කෝණය භාවිත කළ විදියෙනුත් කෙනෙක් හිතන දේ පෙනෙන දෙයින් වෙනස් වෙන්න පුළුවන්. සමස්තයක් විදියට දෘශ්‍ය ප‍්‍රයෝග ඉතාමත් අවම විදියට තමයි අපි මේ චිත‍්‍රපටයට යොදා ගත්තේ.
 
 ඞී. එස්. දැවැන්ත චරිතයක්. ඓතිහාසික කතාවක්. මෙවැන්නක් සිනමාවට නැඟීමේදී විවිධ චෝදනා එල්ල වන්නට පුළුවන්?
 
 කිසිම කෙනෙක් කරන චෝදනා මම අහන්නේ නෑ. ඒවට උත්තර බඳින්න යන්නෙත් නෑ. මොකද නිදහසින් වසර 71 කට පස්සේ ඒ නිදහස අපට ලබා ගන්නට පුරෝගාමී වුණු නායකයෙක් ගැන චිත‍්‍රපටයක් හදල තියෙනවා. ඒකට චෝදනා නැති වෙන්නේ නෑ. අවුරුදු තුනක් වෙන කිසිම වැඩක් නොකර මම මේ චිත‍්‍රපටය වෙනුවෙන් කැපවුණා. යම් කෙනෙක් චෝදනාවක් කරනව නම්, ඒ කෙනා මට වඩා වැඩිමල් නම් මම එයාගෙන් අහන්නේ මොන බම්බුවක් ද මෙච්චරකල් කළේ කියල. ඒ කෙනා මට වඩා බාලයි නම් ඔහුට කියන්නේ ඔයාලට තව කල් තියෙනවා. මීට වඩා හොඳ චිත‍්‍රපටයක් කරන්න කියලයි.
 
 කෙනෙක් කිව්වොත් ඔබ ඞී. එස්. චරිතයට හානියක් කළා කියල. ඒ චෝදනාව පිළිගන්නවද?
 
 නැහැ. කොහොමටවත් පිළිගන්නේ නැහැ. මොකද ඞී. එස්. පවුලේ අය චිත‍්‍රපටය බලල කිව්වෙ එතුමාගේ චරිතය චිත‍්‍රපටය තුළින් ඉහළට ඔසවා තබනව කියල. ඒ වගේම මේ තමයි එතුමා වෙනුවෙන් කරපු හොඳම නිර්මාණය කියල. ඉතිං තවත් චරිත සහතික අවශ්‍ය නෑ. එතුමා ගැන හරියට නොදන්නා අයට මේ චිත‍්‍රපටයෙන් යමක් ඉගෙන ගන්න පුළුවන්.
 
මහේෂ් එදිරිසිංහ

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles