Divaina - මහාචාර්යවරුන් දෙදෙනකු කරළියට ගෙන එන උන්මාද චිත‍්‍රා

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

prof1
 
 ශෛලිගත නාට්‍ය කලාවට ජීවය දුන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසිනි. සරච්චන්ද්‍රයන් වියෝ වී වසර ගණනාවක් ගත වුවත් ඔහු විසින් නිර්මාණය කරන ලද මනමේ, සිංහබාහු වැනි ශෛලිගත වේදිකා නාට්‍ය අද වේදිකා ගතවනු දැකිය හැකිය. එම සම්ප‍්‍රදායට පෙම් බඳින බුද්ධිමත් පේ‍්‍රක්ෂකයෝ ද වෙති.
 
 නමුත් පොදුවේ ගත් කල ශෛලිගත නාට්‍ය අලූතින් නිෂ්පාදනය වීම දුර්ලභය. එම අඩුව සපුරමින් මහාචාර්යවරු දෙපළක් විසින් ශෛලිගත නාට්‍යයන් මේ දිනවල කරළිය මතට ගෙන ඒමේ කාර්යයේ නිරත වී සිටිති. මහාචාර්ය රෝහණ පී. ප‍්‍රනාන්දු සහ මහාචාර්ය සාගර කරුණාතිලක යන මහාචාර්යවරු එම දෙපළයි. මෙම දෙදෙනාගේ එකමුතුවෙන් ශෛලිගත සම්ප‍්‍රදාය ඔස්සේ වේදිකාව මත එළිදැක්වෙන්නේ ඓතිහාසික ‘උන්මාද චිත‍්‍රා’ කතා පුවතයි.
 
 මෙම නාට්‍යයෙහි මුහුරත් උළෙල ඉතා චාම් ආකාරයෙන් පසුගියදා මාලබේ පිහිටි බි‍්‍රටේනියා කැම්පස්හි සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. නාට්‍යයේ අධ්‍යක්‍ෂක මහාචාර්ය රෝහණ පී. ප‍්‍රනාන්දු සහ නිෂ්පාදක මහාචාර්ය ශී‍්‍රමත් සාගර කරුණාතිලක යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට නාට්‍යයට සම්බන්ධ ශිල්පීන් සහ බි‍්‍රටේනියා කැම්පස්හි කළමනාකාරීහු ද සහභාගි වූහ.
 
 මෙම නාට්‍යයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය රෝහණ පී. ප‍්‍රනාන්දු මහතා ප‍්‍රවීණ පුරාවිද්‍යාඥයෙකි. නාට්‍ය රචකයෙකි. අධ්‍යක්ෂවරයෙකි. ගීත රචකයෙකි. එසේම ඔහු නවකතාකරුවකු, කවියකු මෙන්ම සාහිත්‍ය විචාරකයකු ද වේ.
 
 ඉතිහාසගත පුරාවෘතයක් මෙලෙස නිර්මාණ කිරීමේ අභියෝගය භාර ගත් ඔහු ඒ හරහා ප‍්‍රවීණ නාට්‍ය රචකයන් වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන වැන්නවූන්ගේ වියෝවෙන් කිසියම් තරමක රික්තකයක් වී තිබෙන ශෛලිගත නාට්‍ය කලාවේ එම හිදැස පිරවීම දරන ප‍්‍රයත්නය අගය කළ යුතුය. ‘‘ ජීවිතයේ පැවැත්ම සඳහා ආදරය, සුන්දරත්වය, සංවේදී බව, මනුෂ්‍යත්වය උදෙසා ආදරය වර්තමානයට මෙන්ම අතීතයට ද සාධාරණය‘ යන්න මෙම වේදිකා නාට්‍යයේ තේමාව බව මහාචාර්ය රෝහණ පී. ප‍්‍රනාන්දු මහතා පවසයි.
 
 මෙම නාට්‍යයේ නිෂ්පාදක මහාචාර්ය ශී‍්‍රමත් සාගර කරුණාතිලක මහතා ඔස්ටියෝ හිලිම්පති වෛi ක‍්‍රමය ලොවට හඳුන්වා දුන් වෛiවරයා යි. ඒ වෙනුවෙන් ඔහුට යුරෝපා සංගමය විසින් නයිට් නාමයක් ද පිරිනමා ඇත. ඖෂධ භාවිතයකින් තොරව හා කිසිදු ශල්‍යකර්මයකින් තොරව දහස් ගණනකගේ කොඳුඇට පෙළ ආශි‍්‍රත රෝග සුවපත් කළ ඔහු නාට්‍ය නිෂ්පාදනයට යොමු වූයේ ඇයි දැයි අප ඔහුගෙන් විමසා සිටියෙමු. ඒ සඳහා මහාචාර්ය සාගර කරුණාතිලක මහතා දුන්නේ මෙවැනි පිළිතුරක්.
 
 ‘‘මම මෙම නාට්‍ය නිෂ්පාදනය කළේ කලාවට ඇති දැඩි ලැදියාව නිසයි. අද සෑම කටයුත්තකදීම මූල්‍යමය වටිනාකම්වලටයි මුල්තැන දැක්වූයේ. නමුත් මම මෙම නාට්‍ය නිෂ්පාදනය කිරීමට තීරණය කළේ ලාභ අපේක්‍ෂාවකින් තොරවයි. මාගේ පැතුම, පරමාර්ථය හොඳ නිර්මාණයක් සමාජගත කිරීමයි. එය ශී‍්‍ර ලංකාවට පමණක් සීමා නොවී ජාත්‍යන්තරයට ද රැුගෙන යෑමට මම බලාපොරොත්තු වෙනවා.’’
 
 මහාචාර්ය සාගර කරුණාතිලක මහතා දාර්ශනිකයකු මෙන්ම අධ්‍යාපනික උපදේශකවරයකු ලෙස ද කටයුතු කරයි. වෛiවරයකු ලෙස රෝගීන් සුවපත් කරන්නා සේම කලාව තුළින් මේ රටේ සුවහසක් පේ‍්‍රක්ෂකයන්ට වටිනා කලා නිර්මාණයක් බිහි කිරීම ට ඔහු ගන්නා උත්සාහයට අපගේ සුබ පැතුම්.
 
  වසන්ත ලියනගේ

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles