Divaina - ගතින් වෙන් වුණත් දිවිය පුරා අපි සිනාසෙමු...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

amara111 මහ රෑ යාමේ මේ ඇල් හේනේ
 
 තනියම සීපද කියනු අසා
 
 වෙහෙස දරාගෙන පාර අසාගෙන
 
 ආවෙමි අඳුරෙම ඔබව සොයා
 
 ඔහුගේ සීපද රාවයට ඈ කෙතරම් ආදරය කළාද.. ඒ නිසාම එදා පටන් මියෙන තුරාම ඈ ඔහුගේ සෙවනැල්ල වූවාය. ඒත්...,
 
 පමා වීය හිමියනි මම ඔබගෙන් සමුගමි
 
 නොමැරෙන යම් කෙනෙක් වීද
 
 ඒ නම මට හිමී...
 
 අමරාදේවී ඔබ අමරාදේවී
 
 නැණවත් දේවී ඔබ අමරාදේවී..
 
 ඕ ආදරණීය හිමියන්ගෙන් සදහටම සමුගත්තාය. ඒත්..., ඒත් ඔහු හමුවේ ඈ තවමත් අමරණියව ජීවත්වන්නීය. ඒ නිසාම ඔහුට ඈ අදත් හෙටත් අමරාදේවියක්මය.
 
 ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
 
 කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි
 
 දෙදෙනා ළමා වියේ පටන්ම රජයේ සංගීත විද්‍යාලයේ සිසුන්ය. ඒ නිසාම නිතර දෙවේලේ දුටු ඇගේ නෙත් ඔහුට ගී ගයන්න, තනු ලියන්න බල කරන්න ඇති.
 
 ඈ අපේ සංගීත ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රථම මහාචාර්යවරිය වන්නට තරම් නැණවත් වූවාය. ඇගෙන් පසු මෙතෙක් ඒ තැන ගන්නට කිසිම කාන්තාවක සමත්වීද නැත.
 
 එක කිරුළක් පළඳින්නට බෑ
 
 එකම සිහසුනේ ඉන්නට බෑ
 
 සුලෝචනා අප දෙදෙනාටම
 
 එක රජදහනක රජ කරන්න බෑ
 
 ඈ පෙම්වතුන්ට පමණක් නොවේ විප‍්‍රයෝගය ගැනද ගී ගැයුවාය. දශක ගණනක් පැරණි වුවද ඒ ගී අදටත් වලංගුය.
 
 පේ‍්‍රම කතාවක චරිත දෙකක් අපි
 
 විරහ ගීතයක පේළි දෙකක් අපි
 
 දෙදෙනා ගැයූ පෙම් ගී පෙම්වතුන්ට මිහිරක් ගෙන දුන්නේය. විරහ දුකට සැනසුමක් එක් කළේය. එහෙත් අදරැුති හිමියන්ට, ¥දරුවන්ට, මුණුබුරු මිණිබිරියන්ට මෙන්ම අපටද කඳුළක් ඉතිරිකරදී ඕ ඊයේ සදහටම වියෝ වූවාය.
 
 සපුමල් සුවඳක්සේ සීතල ? යාමේ
 
 හද කුටියට ඔබ හෙමිහිට වැඩියා
 
 කිසිවෙකු නෑ දුටුවේ
 
 එසේ නික්ම ගියත් එදා මෙන්ම අදත් අද මෙන්ම හෙටත් ඈ ඔහුගේ හද තුළ රැුඳි සපුමල් සුවඳක්මය.
 
 පෙර දිනේ සොඳුරු රුව ඔබේ
 
 හද කොනේ ඇඳි පැයේ
 
 ආදරේ මං පෙතේ
 
 ආවේ දෑත ගෙන දෙන්නා
 
 ඔහුට ඒ අතීතය අමතක කළ හැකිද.. නැත ඒ මතකය ඔහු හද තුළ නිතර සැරිසරනු ඇත.
 
 ඊයේ ? ඔබ සිහිනෙන් දෙඩවූ
 
 ඒ උපුලී කවුදෝ..
 
 නිදි නැති ? යාමේ මා හැඬ වූ
 
 ඒ උපුලී කවුදෝ..
 
 එවන් ගීයක් ඈ ගැයුවද හැබෑවටම ඔහු නෙතු ඈ නැති සොවින් කඳුළින් තෙත් වනු ඇත. එවන් මොහොතක ? සිහිනෙන් ඈ විත් ඔහු සනසනු ඇත.
 
 පාළු පැලේ මට තනි නෑ හිමියනේ
 
 දුක් සංකා ගන්න එපා හිමියනේ
 
 ඒ කෙසේ වුවත් ඈ නැති අඩුව ඔහුට දැනෙනු ඇත. මෙවන් සංගීතවේදිනියක් අහිමිවීමේ පාඩුවෙන් ගී කෙත පාළු වී යනු ඇත.
 
 පියවි ලොවේදී ඇතිවන තුරු අපි සිනාසෙමු
 
 සිහින ලොවේදී ? තුන්යම අපි සිනාසෙමු
 
 ගතින් වෙන් වුණත් දිවිය පුරා අපි සිනා සෙමු..
 
 අමරා රණතුංග මහැදුරුතුමියනි.. ඔබට නිවන්සුව පතමු.
 
  අලහකෝන්

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles