Divaina - මනුදම් තටාකයේ සත්වැනි වරට සුපිපි සුවඳ පද්මය...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

suwanda700

සංකල්පමය වශයෙන් අග‍්‍රස්ථානයේ මුදුන්පත් කරවිය හැකි ලංකාවේ ප‍්‍රමුඛතම නිහඬ උපහාරය ‘‘සුවඳ පද්ම” යැයි නම් කිරීම සාධාරණය.

බුදුන් වහන්සේගේ පද්මාකාර ජීවිතෝපමාවත්, ගුණ සුවද විහිදුවන මිනිසුන් මුදුන්පත් කරවීමත් යන මූලික සංකල්ප මත බලගැන්වෙන මෙම උපහාරයේ නිර්මාතෘත්වය කලාසූරී සතිශ්චන්ද්‍ර එදිරිසිංහයන් ගෙනි. රජය පවා දෙවරක් සිතා මෙවැන්නකට ඉද හිට හෝ අතගසන කල සතිශ්චන්ද්‍රයන්ගේ මෙම බෝසත් කාර්යය ප‍්‍රශංසා කටයුතු වේ’ සතිශ්චන්ද්‍රයන් ම පිහිටුවා සභාපතිත්වය දරන ‘‘මිහිඳු සංස්කෘතික පදනම” විසින් සය වතාවක් පැවැත්වූ ”සුවඳ පද්ම” උළෙල මෙවර සත්වැනි වතාවට විකසිත වූයේ ‘‘LB Finance” නිර්ලෝභි අනුග‍්‍රහයෙනි. සිදුහත් කුමරුන් උපන් විගස පියමැනි සත් පියුම් සිහිගන්වමින් ‘‘සුවඳ පද්ම” සත්වැනි උපහාර උළෙල පසුගියදා කරළිය මත සුපිපුණේය.

 

suwanda2

කෙනෙකු ඇගයිය යුතු වන්නේ මිහිපිට සිටින වකවානුවේදී ය. ඔහු හෝ ඇය මියැදුණු පසු ආචාර වෙඩි මුර සහිතව නිදහස් චතුරස‍්‍රයේ ජාතික අවම`ගුල් උත්සව හෝ ජාතික ශෝක දින, පණිවුඩ, මල්දම් පුදනු වෙනුවට ජීවමාන කළ ඔවුහු රැුකබලාගෙන අභිමන් පිදීම ඉතා අගේ‍්‍රසරය. ඒ උදාර කර්තව්‍ය මෙම උළෙලෙන් ප‍්‍රකට කරන්නේ අන්‍යයන්ට පවා පරමාදර්ශී ලෙසිනි. මෙවර සත්වැනි උපහාර උළෙලටත් සුපුරුදු ලෙස මහාචාර්ය ජේ. බී. දිසානායකයන් ප‍්‍රධාන ආරාධිතයාව සපැමිණි නමුත් කාගේත් අවධානයට මෙවර උළෙල ලක්වූයේ මෙහි පැමිණි සුවිශේෂී ආරාධිත අමුත්තා වූ වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ පැමිණීම නිසාවෙනි. පාරිසරික මිත‍්‍රතා වර්ධනයෙන් හෙට දකින තේමා ගතව දිගහැරුණු සුවඳ පද්මයට වැදි නායකතුමන්ට වඩා හොද ආරාධිතයෙකු සෙවීමත් නිෂ්ඵලය. ඒ තරම්ම එතුමන් ඒ සඳහා උචිතය. සෙසු ආරාධිතයන් ව සපැමිණි කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස, නිළි රැජින ආචාර්ය මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා, රංගධර ආචාර්ය රවින්ද්‍ර රන්දෙණිය මහතා, අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල ප‍්‍රනාන්දු මහත්මිය, අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා, මහවැලි අධිකාරි අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි මහතා ඇතුළු කොටගත් සම්භාවනීයන්ගෙන් සභාව සමන්විත වීය. සුවඳ පද්ම උපහාර උළෙලේ විමසුම මෙසේය.

භේරී නාදයෙන් අනතුරුව අමුත්තන් අසුන්ගන්වා ඇරඹුම සටහන් කළ උළෙලේ පහන්සිලක් පමණක් ජේ’බී’ දිසානායකයන් ලවා දල්වා උළෙලට ආසිරි කැන්දාලීය. චන්දන වික‍්‍රමසිංහයන්ගේ වින්‍යාසගතව ‘‘භක්ති ප‍්‍රණාම” නර්තනයකින් උළෙල සිරි නැංවුණ අතර ඉන්පසු පිළිගැනීමේ සහ අරමුණ පැහැදිලි කිරීමේ කටයුත්ත සදහා සතිශ්චන්ද්‍රයන් වේදිකාගත විය. ගිය වසරේ සුවඳ පද්ම උපහාර ලැබූ ගායක අතුල සෝමසිරි, තිරකතා රචක මෙන්ම ගත්කතුවර සෝමවීර සේනානායක හා වසරක් පාසා සුවද පද්ම සමග හඩ මුසු කළ හේමනලීන් කරුණාරත්න මහතා ප‍්‍රමුඛ මියැදුණු සියල්ලන් සිහිකරමින් කෘතවේදී නිහඬතාවයකට සතිශ්චන්ද්‍රයෝ සභාවසරය පැතීය. ඉන් අනතුරුව සතිශ්චන්ද්‍රයන් විරචිත ලිපි සංග‍්‍රහය වූ ‘‘සතර සවිය සහ නෙළුම” යන කෘතිය ජනගත කෙරුණි. මේ සියල්ලාවසානයේ සම්මාන පිරිනැමීමේ උළෙල ආරම්භ විණි.

සම්මාන උළෙලේ මුලින්ම රජත සම්මාන පිරිනැමීම සිදුවිය’ අනතුරුව  සුවිශේෂී රජත සම්මාන ද්විත්වයක් ද පිරිනැමුණි. එක් සම්මානයක් මීට කාලයකට ප‍්‍රථම මියගිය ලොයිඞ් ජානක කලාකරුවන් සිහිපත්කරමින් පුද කළේය. සම්මානය ඔහුගේ දියණියට පුදකළ අතර, ඇගේ සියලූ ඉගෙනුම් වියදම් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිදීමටද මෙහිදී පොරොන්දු දීමක් සිදුවිය. අනෙක් සම්මානය හිමිවූයේ දෙඅතින් සිටගන්නා ‘දෙපා අහිමි වුවත් ලොව දිනූ සහ සමාජය වෙනුවෙන් තම වගකීම නිසි ලෙස ඉටුකරන උපුල් රංජිත් තරුණ මහතාටය. උපුල් සහෘදයා සම්මානිත වූ මොහොත උළෙලේ කාගේත් සංවේදීතම මෙන්ම පරමාදර්ශීම අවස්ථාව ලෙස හැඳින්විය හැකිය.

මහාචාර්ය දර්ශන රත්නායකයන් කළ දේශනයද මනෝරම්‍ය අර්ථපූර්ණ දෙසුමකි. එය කාගේත් සිතටත් ඔළුවටත් පෝෂක මාධ්‍යයක් බඳු දෙසුමකි. සංගීත විශාරද ජයන්ත රත්නායකයන්ගේ මියැසි නාදයෙන් රස ගැන්වුණු උපහාර සැදෑවේ ජානක වික‍්‍රමසිංහ, ජගත් වික‍්‍රමසිංහ, එඞ්වඞ් ජයකොඩි සහ සුනිල් එදිරිසිංහ යන ගායනවේදීන් ගීතවත් වීය. චරිතා ප‍්‍රියදර්ශනී පීරිස්, ධනුෂ්ක ලක්මාල්, නාලක ඉල්ලවතුර සමග දිනූෂ කුඩාගොඩගේ යන ප‍්‍රතිභාන්විතයන්ගේ මෙහෙයුම් ඇමතුමින් උළෙල සිරිත් සභාවත් අතර පාලම් තැනුණි. උළෙලේ කාගේත් සිත්ගත් අංගයක් ලෙස එක් නර්තනාංගයක් වැඩි අවධානයකට පාත‍්‍ර වීය. ඒ හේනානිගල මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන ආදීවාසී ළමුන් පිරිසක් කළ කුසලතාපූර්ණ නර්තන ඉදිරිපත් කිරීම හමුවේය. එහි නර්තන වින්‍යාසය වෙනුවෙන් හේනානිගල විද්‍යාලයේ නර්තනාචාරිනී දයා අබේසූරිය මහත්මිය සුවිශේෂී උත්තමාචාරයකින් පිදුම් ලැබිණි. චිත‍්‍රකලාවේදී තිලක් ගුණදාසයන්ගේ මනහර වේදිකා පසුතල නිර්මාණයක ද කාටත් ප‍්‍රිය විය. ඉන්පසුව උදාවූයේ ස්වර්ණ සම්මාන පිදීමේ අවස්ථාවය.

සුවද පද්ම උළෙල ඇත්තෙන් ම ඉතා කාලෝචිත උත්තුංග ප‍්‍රයත්නයකි. මන්ද මේ බෝසත් සත්කාරය මත කලාකරුවන් සහ විවිධ වෘත්තීමය ප‍්‍රවීණයන් ලබන ආස්වාදය මුදල් කළ නොහැකි බැවිනි. එහෙයින් තව තවත් මෙවැනි සත්කාර්යයන් සිදුවිය යුතුය. සතිශ්චන්ද්‍රයෝ තව චිරාත් කාලයක් ආයු වඩමින් ජීවමානව මේ උත්තරීතර කාර්යයෙහිලා සමාජය ප‍්‍රගතිය කරා කැන්දාලිය යුතු වේ. එය වටිනේමය. සුවඳ පද්ම අටවැනි විකසිත වීම තෙක් නොඉවසිලි බලාපොරොත්තු තබා නිමා කරමි.

ආකාෂ් තාරුක පෙරේරා
 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles