Divaina - තරු අගයන හිරුගේ රාති‍්‍රයට තව දින දාහතරයි; Golden Film Awards සඳහා සියල්ල සූදානම්

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

hiru1
 
 
 
 

 

 

hiru2සිංහල සිනමාවට යළි ස්වර්ණමය යුගයක් උදාකිරීමේ අරමුණ ඇතිව ලාංකීය රූපවාහිනී නාළිකාවක් සිංහල සිනමාව වෙනුවෙන් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර තලයේ එකම සිනමා උළෙල වන්නේ හිරු Golden Film Awards .

 

හිරු Golden Film Awards 2018 සම්මාන උළෙල මෙම 27 වැනිදා සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතුව පැවැත්වේ.
 
 ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ ද සිල්වා මහතාගේ සංකල්පයකට අනුව 2014 වසරේ පළමු වරට හිරු Golden Film Awards 2014 අති උත්කර්ෂවත් ලෙසින් සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වැණි. දෙවන වරට 2016 වසරේදී කොළඹ නෙලූම් පොකුණ ජාතික රඟහලේදී පැවැත්විණි. ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක අසිරිය ශ‍්‍රී ලාංකීය පේ‍්‍රක්ෂක හද මත අමරණීයව මතකයේ තබමින් මෙවරද තෙවන වරටත් සම්මාන උළෙල පවත්වනු ලබයි.
 
 මෙවර හිරු Golden Film Awards 2018 සඳහා 2016 - 2017 වසර දෙක තුළ මෙරට තිරගත වූ චිත‍්‍රපට 50 ක් සමඟ කෙටි චිත‍්‍රපට නිර්මාණකරුවන් 150 දෙනෙකුගේ කෙටි චිත‍්‍රපටද සම්මාන සඳහා විනිශ්චයන්ට ලක්වේ. මෙහිදී කලාත්මක ජනප‍්‍රිය සහ විශේෂ සම්මාන 40 ක් ප‍්‍රදානය කිරීමට නියමිතය.

hiru3ජනප‍්‍රිය සම්මාන සඳහා සුදුස්සන් ජනතා මනාපය යටතේ තෝරා ගැනේ. එය කෙටි පණිවිඩ සේවාව මගින් පමණක් නොව වෙබ් මාධ්‍ය මගින්ද ලබාදීමට ද සිනමා සම්මාන උළෙලේදී ජනතාවට අවස්ථාව උදාවෙයි. මේවන විට කෙටි චිත‍්‍රපට ලබා ගැනීම අරඹා ඇත. සම්මාන උළෙල සඳහා මෙවරත් බොලිවුඞ් සිහින සිනමා නිම්නයේ සුපිරි තරු වන ගෝවින්දා, ජුහී චව්ලා, සායිෆ් අලීඛාන්, ශිල්පා ෂෙට්ටි, සිද්ධාර්ථ මල්හෝත‍්‍රා, සරීන් ඛාන් සහ සොනක්‍ෂි සිංහා සහභාගි වීමට නියමිතය.

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles