Divaina - පුංචි අනුපමාගේ කුළුඳුල් පොත එළිදැක්වූ දා......

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

anupama1‘පුංචි අනුපමාගේ කතන්දර සහ කවි මිසිර’ පසුගියදා අරකවිල නර්තන හා නාට්‍ය පදනම් ශාලාවේදී එළිදැක්විණි. සිය ආදරණීය දියණියගේ මෙම හපන්කම ගැන ඇගේ මව ජානකී හිල් විසින් ඉතා හැ`ගුම්බර සටහනක් මුහුණු පොතට එක්කර තිබිණි. ඒ මෙසේය.
 
 මාගේ දියණියගේ කුළුඳුල් ළමා ග‍්‍රන්ථය ‘පුංචි අනුපමාගේ කතාන්දර සහ කවි මිසිර’ එළිදැක්වීමේ උත්සවය අති සාර්ථක ලෙස සිදුකිරීමට හැකිවීම ඉමහත් සතුටක්...ගෞරවනීය මහා සංඝරත්නය, ගෞරවනීය මෙහෙණින් වහන්සේලා, අධ්‍යාපන ක්ෂෙත‍්‍රයේ නිලධාරීන්, ආචාර්ය මහාචාර්යවරුන්, කලාකරුවන්, හිතවතුන්, ගම්වාසීන්ගේ පැමිණීම අපට මහත් ගෞරවයක් වුණා....
 
 ආපු හැමෝගෙම දෙනෙත්වලින් කඳුළු කඩාවැටුනෙ පළමු වැනි පොත අවුරුදු හතක් වයසැති පුංචි දස්සනා මෙහෙණින්වන්සේට පුංචි අනුපමා විසින් පූජා කිරීමත් සමගයි... එතැන ඉඳන් හැමෝම අඬන්න ගත්තෙ ජ්‍යෙෂ්ඨ කලාවේදිනි අනෝජා වීරසිංහගේ හැ`ගුම්බර කතාවත් එක්ක. ඒ විතරක් නෙවෙයි අතිපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දෑස් අගටත් කඳුළු එකතුකරන්න ඒ කතාව සමත්වුණා.
 
 ගුවන් විදුලි සංස්ථා ප‍්‍රාදේශීය සේවා අධ්‍යක්ෂිකා කථිකාචාරීනී තුෂාරි වෙලගෙදරගේ දේශනය කාලිදාසයන්ගේ සාහිත්‍ය ඇසුරින් ඉතා අපූරුවට ගෙනහැර පෑවේ අනූපමාගෙ කතාන්දර සහ කවි මිහිරත් එක්ක මුසුකරමින්... අරකවිල නර්තන හා නාට්‍ය පදනමේ ශිල්පීන් වේදිකාව නර්තනයෙන් හැඩකළා.....
 
 ප‍්‍රවීණ කලා ශිල්පී විකුම්සිරි මුණසිංහ ඇතුළු තවත් කලා ශිල්පීන් ප‍්‍රදේශයේ කලා හිතකාමීන්ගෙන් ශාලාව පිරී ඉතිරී යෑම සතුටට කරුණක්. මේ වැසි සමයේ මගෙ දුව වෙනුවෙන් වැස්සවලාහක දෙවියෝ එදා දවස පුරාම වැහි පොදයක් වත් බිමට වැටෙන්න නොදී සේරම බර දරාගෙන උත්සවේ ඉවරවෙන අන්තිම තත්පරය දක්වා. උඩට වෙලා හිටියා. උදව්කරපු අය බොහෝමයි... ලියන්න
 
 ගියොත් කෙලවරක් නැතිව ලියයි.... ඒ නිසා පොදුවේ හැමෝටම දහස් වාරයක් ස්තුතියි....

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles