Divaina - Venom ලංකාවට

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

venom133
 
Venom 2018 යනු ඇමරිකානු සුපිරි වීර චරිත පාදක කරගනිමින් නිෂ්පාදිත චිත‍්‍රපටයකි. මෙය Columbia Pictures සමාගම Marvel ආයතනය සමග සම්බන්ධ වෙමින් නිෂ්පාදනය කර Sony Pictures සමාගම විසින් ලොව පුරා බෙදාහරින සිත් ඇද බැඳ ගන්නා චිත‍්‍රපටයකි.
 
 මැලේසියාවේ ගොඩබිමකට කඩාවැටුණු අභ්‍යවකාශ යානයක් Life Foundation නම් ජෛව ඉංජිනේරු ආයතනය විසින් සොයාගැනීමේ ත‍්‍රාසජනක සහ කුතුහලය පිරුණු දර්ශන පෙළත් සමගින් චිත‍්‍රපටය ආරම්භ වේ. එම ආයතන ප‍්‍රධානියා නීතියට පටහැනිව පෘථිවියට පැමිණි සංක‍්‍රමණිකයන් සම්බන්ධ කරගනිමින් කරන විවිධ පරීක්‍ෂණ සම්බන්ධව සිදුවන අපූරු සිදුවීම් මෙහි විදහා දැක්වේ. සංක‍්‍රමණිකයන් මිනිසුන්ගේ ශරීරයන්ට අනුබද්ධ වීම් හා එමගින් ඔවුන් සිදුකරන ක‍්‍රියාදාම තුළින් පේ‍්‍රක්ෂකයා මනාව ආකර්ෂණය කර ගන්නා චිත‍්‍රපටයකි.
 
 ටොම් හාර්ඩි, මිෂෙල් විලිියම්ස්, රිස් අහමඞ්, ස්කොට් හේස්, රීඞ් ස්කොට් යන අය රංගනයෙන් දායක වෙති. මෙම චිත‍්‍රපටය Colombo City Center හි පිහිටි Scope Cinema සංකීරණයේදී නවීන Dolby Atmos ශබ්ද තරංග සමග නැරඹීමේ හැකියාව ඇත.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles