Divaina - යාපනයේ සංස්කෘතිය රකින්න ඇමරිකාව ඉදිරිපත් වේ

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

jaffnatrediයාපනය විශ්වවිද්‍යාලයේ ඇති පූර්ව ඓතිහාසික පුරාවස්තු එකතුව සංරක්ෂණය කිරීමේ දෑ-අවුරුදු ව්‍යාපෘතියක් නියෝජය තානාපති රොබට් හිල්ටන් විසින් අද ආරම්භ කළේය. මේ සඳහා සංස්කෘතික සංරක්ෂණය සඳහාවූ තානාපති අරමුදලෙන් AFCP එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකා රුපියල් මිලියන 23 කට වැඩි මුදලක් සපයයි.
 
 පෙර තිබූ තත්ත්වයට නැවත ගෙන ආ නොහැකි ලෙස විනාශයට පත් වෙමින් තිබෙන මැටි බඳුන්, තඹ හා පිත්තල භාණ්ඩ, ප‍්‍රතිමා, කාසි, කොරල් ගල් හා පිඟන් භාණ්ඩ වැනි පුරාවස්තු මෙම ව්‍යාපෘතිය යටතේ සංරක්ෂණය කරනු ඇත.
 
 ”ජාතියක සංස්කෘතික උරුමය ඉතා වටිනා සම්පතක්, යැයි නියෝජ්‍ය තානාපති හිල්ටන් ප‍්‍රකාශ කරයි. සංස්කෘතික උරුමය අපට සිහිපත් කරන්නේ මිනිස් වර්ගයාගේ ඓතිහාසික අත්දැකීම් බවද පවසන හෙතෙම ශ‍්‍රී ලාංකික ජනතාවගේ ඉතිහාසය කියවෙන මෙම වැදගත් පුරාවස්තු සංරක්ෂණය කිරීමට එක්සත් ජනපද තානාපති කාර්යාලය සහාය වීම සිය සතුටට හේතුවක් බවද කී හිල්ටන් මහතා සංරක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසුව මෙම පුරාවස්තු යාපනේ විශ්වවිද්‍යාලයේ කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනය කරන බවද කීය.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles