Divaina - ගී ලියන ගී කියන රංගන ශිල්පී - අසිත මල්ලවආරච්චි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

geeeman
විවිධ ජාතීන් සිටින විවිධ මිනිසුන් සිටින ඇසිපිය ගහන සැණින් වෙනස්වන ලෝකයේ දවසින් දවස වෙනස්වන දේශයක් තමයි ඩුබායි දේශය කියන්නෙ. සිය රැුකියා කටයුතු නිසා වසර ගණන් විදේ්ශගතවී සිටියත් තවමත් දේශීය දේ අගය කරන අපේකම, ගමේකම ගැන කතා කරන නිහඬව සමාජ සේවයේ යෙදෙන සොඳුරු මිනිසකු ලෙස ඔහු හඳුන්වා දිය යුතුයි. එසේම ඔහු සොඳුරු ගී පද රචකයෙක්, වේදිකාව ජයගත් දක්‍ෂ ගායකයෙක්, රංගන ශිල්පියෙක්, තවත් වරෙක දක්‍ෂ නිවේදකයෙක් වූ ඔහු දේශීය කලාකෙත අස්වද්දන්න වෙර දරන සොඳුරු කලාකරුවෙකි. ඔහු නමින් අසිත මල්ලවආරච්චි නම් වේ.
 
  * අසිතගෙ පාසල් කාලය කොහොමද?
 
 මම මුලින්ම ඉස්කෝලේ ගියේ කදුරුපොකුණ ම.වි. පසුව තංගල්ල ම.වි. (දැන් පිරිමි පාසල* තමයි උසස් අධ්‍යාපනයෙන් පසුව වැඩිදුර අධ්‍යාපනය නතර කරල රැුකියාවකට යොමු වුණා.
 
  * පවුලෙ විස්තර කෙටියෙන් සඳහන් කළහොත්?
 
 මම පවුලේ දෙවැනියා. මට අක්කයි, නංගියි, මල්ලියි ඉන්නවා. මගේ තාත්තා ග‍්‍රාමසේවක නිලධාරියෙක්. ඒ වගේම මම මගේ ජීවිතේ කවදාවත්ම ඒ වගේ හැම දේකටම දක්‍ෂ කෙනෙක් දැකලා නෑ. හොඳ කථිකයෙක්, හිටිවන කවියෙක්, පිටපත් ලියන්නෙක්. ඔහු මට අවුරුදු 10 දී මියයනවා. මගේ අම්මා ඉන්නවා. ඇය තමයි මම මේ තැනට එන්න මගේ පිටිපස්සෙන් හිටියේ. දැන් මම විවාහකයි. මට දරුවන් දෙදෙනකු සිටිනවා.
 
  * තාත්තගෙන් ආපු ආභාසය නිසාද ඔබත් සොඳුරු ගී පද රචකයෙක් වුණේ?
 
 සමහර විට වෙන්න ඇති. මට මතකයි තාත්තගේ තිබුණු දක්‍ෂතාවය. ඒත් එක්කම ඩුබායිවලදී (පවුර කලාකවය* විසින් පවත්වන තරගයකදී 2009 වර්ෂයේ හොඳම ගී පද රචනයට හිමි සම්මානය ලැබෙනවා.
 
 මම 2003 ඉඳන් ගීත ලියනවා. මම දැනට ගීත යම් ප‍්‍රමාණයක් ලියලා තියෙනවා. ඉඩ ලැබෙන ආකාරයට මම යාළුවන්ටත් ලියල දීල තියෙනවා.
 
 x ගායකයෙක් වෙන්නේ කොහොමද?
 
 මම පාසල් කාලයේ සිටම ගායනයට කැමැතියි. දක්‍ෂද කියන්න මම කැමැති නැහැ. ඒක කියන්න ඕන, ගීත අහන අය, මට ඩුබායි වලදී 2009 මුලින්ම ගීතයක් ගායනා කරන්න අවස්ථාවක් ලැබෙනවා, ලංකාවේ දක්‍ෂම ප‍්‍රසිද්ධ වාදකයෙක් සමග. ඊට පස්සේ හෙමින් ගායනයට පිවිසුණා.
 
 මම ලස්සන ගීත 14 ක් පටිගත කරල තියෙනවා. නමුත් එම ගීත වීඩියෝ (ඩසිම්ම්ක* කරල නෑ. සමහර ගීත මම යූ ටියුබ් සමාජ මාධ්‍යවල පළකරල තියෙනවා. ප‍්‍රතිචාරය හොඳයි. ලංකාවෙත් පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවල ගීත ගායනා කරල තියෙනවා.
 
 ඩුබායිවල දී ප‍්‍රසංග සඳහා තියෙන ඉල්ලූම කොහොමද?
 
 මම ඩුබායි දේශයේදී ගොඩක් සංගීත කණ්ඩායම් සමග ගීත ගායනා කරල තියෙනවා. විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනෑ මට උදව් කරපු අයට. සම්පත් අයියා, ඉන්දික සිල්වා, සමන්ත අයියා, ජනක, දුමින්ද අයියා, ලසන්ත අයියා, සුදත් අයියා, චමින්ද අයියා, රමේෂ්, ඉරේෂ්, රසික සහ උදාර අයියාට. ලංකාවේ බොහෝ සංගීත කණ්ඩායම් අපට මේ කාර්යයේදී උදව් කරනවා.
 
 x රංගන ජීවිතය පිළිබඳවත් යමක් සඳහන් කළොත්?
 
 මට ඒකටත් මගේ තාත්තාගෙන් ලබපු අත්දැකීම් උපකාර වුණා. මට මතකයි අපේ ගෙදර තාත්තා නාට්‍යවලට පුරුදු පුහුණු කළ ආකාරය. 1987 අවුරුද්දේ කතරගම ගම් උදාවට මම පෙරහැරේ නැටුවා. එතකොට මට අවුරුදු 7 යි.
 
 මට ඩුබායිවලදී අජිත් රූපසේන කියන කලාකරුවා විසින් ආරාධනා කළා එයාගේ නාට්‍යයකට ර`ගපාන්න කියල. සතිෂ්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ සොක්කානෝ් රජානෝ කිියන වේදිකා නාට්‍යයේ ර`ගපාන්න මට අවස්ථාව ලැබුණා. ප‍්‍රවීණ රංගන ශිල්පීන් සමග ර`ගපාන්න අවස්ථාව ලැබුණා. රොජර් සෙනෙවිරත්න, සරත්, කුලසිරි මල්ලිකාරච්චි, අනුර වරාගොඩ යන අයත් සමග පසු කාලයේ මට ර`ගපාන්න අවස්ථාව ලැබුණා.
 
 x අපි දන්නවා විදේශ රටක ඉද්දී විශේෂයෙන් මැදපෙරදිග වගේ අපේම රූපවාහිනි නාලිකාවක වැඩකරනව කියන එක ලෙහෙසි නෑ කියලා. කොහොමද ඒ වැඩ ටික?
 
 ඩුබායි දේශයේ එකම සිංහල රූපවාහිනි නාලිකාව තමයි පවන ඔඪ කියන්නේ. මම රැුකියාවට අමතරව එහි වැඩකටයුතුවලට නිවේදකයෙක් හැටියට දායක වෙලා හිටියා. ඒ වගේම එහි අලෙවි ප‍්‍රවර්ධන නිලධාරිතුමා වශයෙන් කටයුතු කළා. දැන් ලංකාවෙත් අපි පවන ඔඪ ආරම්භ කරන්න වැඩකටයුතු සූදානම් කරමින් ඉන්නෙ.
 
 අපි මේ රටේ දී අවුරුදු උත්සව, වෙසක් උත්සව, ලේ දන්දීම්, වගේ සමාජ සත්කාර සඳහා ලාභ ප‍්‍රයෝජනවලින් තොරව දායක වෙලා තියෙනවා.
 
 2013 වර්ෂයේ ඉඳන් සංහිඳ කියන සංවිධානයත් එක්ක එකතු වෙලා ඒ දේවල් දිගටම කරගෙන යනවා.
 
 පොල්ගස් ඕවිට - සුසිල් ඉලේපෙරුම

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles