Divaina - නිදහසේ පියා ඞී. එස්. 12 දා සිට රිදී තිරයේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ds666


 
 සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්‍ෂණය කළ ‘නිදහසේ පියා ඞී. එස්’ චිත‍්‍රපටය ලබන සිකුරාදා (12 වැනිදා* සිට රිද්ම මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත කෙරේ.
 
 සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් ශ‍්‍රී ලංකාව නිදහස් කර ගැනීමේ සටනට නායකත්වය ලබාදුන් මහාමාන්‍ය ඞී. එස්. සේනානායක මහතාගේ චරිතය ඇසුරින් නිර්මාණය කළ මෙම චිත‍්‍රපටය සංස්කෘතික හා උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ, ශ‍්‍රීමත් මොහාන් ඩිල්මන් ජයරත්න, ආචාර්ය ක්ලැරන්ස් කුමාරගේ, ශාස්ත‍්‍රීය රාජපුත‍්‍ර වීරසිංහ, චන්න විකුම් හෙට්ටිආරච්චි, ආචාර්ය මොහොමඞ් අමනුල්ලා රම්සි යන අය නිෂ්පාදනයෙන් දායක වූහ.
 
 විශාල පිරිවැයක් දරා නිෂ්පාදිත ‘නිදහසේ පියා ඞී. එස්.’ චිත‍්‍රපටයේ නිදහස් සටනට අත්වැල් සැපයූ එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක, ශ‍්‍රීමත් ජේම්ස් පීරිස්, ඊ. ඩබ්ලිව්. පෙරේරා, ඒ. ඊ. ගුණසිංහ, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, ඞී. ආර්. විජයවර්ධන, ජේ. ඇස්. ජයවර්ධන, ශ‍්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, ඩඞ්ලි සේනානායක, ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලක, රිචඞ් අළුවිහාරේ වැනි පුරෝගාමී චරිත ද ඇතුළත් කර තිබේ.
 
 ලක්‍ෂමන් මෙන්ඩිස්, තුමිඳු දොඩම්තැන්න, සාරංග දිසාසේකර, බුද්ධදාස විතානාරච්චි, පූජිත ද මෙල්, ශ‍්‍රියන්ත මෙන්ඩිස්, පාලිත සිල්වා, ජනක් පේ‍්‍රමලාල්, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, රොෂාන් පිලපිටිය, ජී. ආර්. පෙරේරා, සෝමසිරි අලකොලංග, උදිත් අබේරත්න, කමල් දේශප‍්‍රිය, මිලින්ද පෙරේරා, ගාමිණී හෙට්ටිආරච්චි, උදේනි අල්විස්, හේමසිරි ලියනගේ, දයාදේව එදිරිසිංහ, අනුර බණ්ඩාර රාජගුරු, සඳුන් විජේසිරි, කුමාර තිරිමාදුර, අතුල ජයසිංහ, සුසන්තා චන්ද්‍රමාලි, තිසුරි යුවනිකා, නයනා හෙට්ටිආරච්චි, පවිත‍්‍රා වික‍්‍රමසිංහ, ප‍්‍රියා විතානාරච්චි, නිරෝෂා තලගල, අයෝධ්‍යා රත්නසිරි, ශ‍්‍රියාණි මහවත්ත, තෙසාරා ජයවර්ධන ඇතුළු නළු නිළියන් සියයකට අධික පිරිසක් රංගනයෙන් ද චන්දන ජයසිංහ කැමරා අධ්‍යක්‍ෂණයෙන් ද ශාන් අල්විස් සංස්කරණයෙන් ද උදය ප‍්‍රසන්න සහාය අධ්‍යක්‍ෂණයෙන් ද රංග වස්ත‍්‍ර නිර්මාණයෙන් පියතිස්ස අකුරම්බොඩ ද අංග රචනයෙන් තාරක අධිකාරි ද සංගීත අධ්‍යක්‍ෂණයෙන් සමන්ත පෙරේරා ද ගී පද රචනයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ද ගායනයෙන් අමරසිරි පීරිස් සමඟින් සමන්ත පෙරේරා ද ඩිජිටල් වර්ණ සංයෝජනය සහ ශබ්ද පරිපාලනයෙන් ප‍්‍රවීන් ජයරත්න ද විශේෂ දෘශ්‍ය ප‍්‍රයෝග අධීක්‍ෂණයෙන් චත‍්‍ර වීරමන් සමඟින් චමින්ද ජයවර්ධන ද නිශ්චල ඡුායාරූපකරණයෙන් මෙවන් ලියනගේ ද නිෂ්පාදන කළමනාකරණයෙන් ඉරෝෂණ ගයාන් වීරකෝන් ද විධායක නිෂ්පාදනයෙන් නිරෝෂන් පාදුක්ක ද නිෂ්පාදන උපදේශනයෙන් නීතිඥ සමන් වීරමන් ද සම නිෂ්පාදනයෙන් ශ්‍යාමලී පතිරණවසම් ලියනගේ, පද්මසිරි රණවක ආරච්චි, සිරි නිමල් කත‍්‍රිආරච්චි ද කිත්සිරි ඇතුලත්මුදලි ද එක්ව ඇත.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles