Divaina - අරුමැසි කටහඬක අපූර්වත්වය; ඉන්දිකා උපමාලී

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

indika1


අදින් දහඅට වසරකට පෙර ඉන්දිකා උපමාලී සෞන්දර්ය විශ්වවිද්‍යාලයට සිසුවියක ලෙස පැමිණෙද්දී ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන් ඇයට ”හූ තැබුවේ ඒ වෙනවිටත් ඇය ස`දපහන් රැුයේ ගීතයෙන් තරමක ජනප‍්‍රියත්වයට පත්වූ සිසුවියක නිසා ඇගේ ගායනය සමච්චලයට ලක්කරනු පිණිසය. එහෙත් ඇය ඉන් වසර හතර පහකට පසුව එම විශ්වවිද්‍යාලයෙන් වැඩිම ශිෂ්‍යත්ව ප‍්‍රමාණයක් සහ ප‍්‍රථම පන්ති සාමර්ථයක් ලබා එම විශ්වවිද්‍යාලයේම සිසු සිසුවියන්ට ගායනයේ හැඩහුරුකම් කියා දෙන්නට ව්‍යවහාරික අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරියක් ලෙස එක්වීමට අවස්ථාව ලැබීම දෛවය ඇයට උරුමකර දුන් අසිරිමත් භාග්‍යයක් වැන්න.

ගාල්ල අහංගම වැනි ගමක ඉපදී හැදී වැඩුණු ඉන්දිකා වැල්හේන්ගොඩ ශ‍්‍රී ගුණරතන විද්‍යාලයෙන් හතර වසර දක්වාද, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් 6 වසර දක්වාද අධ්‍යාපනය ලැබුවාය. සංගීත ගුරුවරයකු වූ තම පියාගේ සේවා මාරුව නිසා තවත් වසරක කාලයක් ඇයට අධ්‍යාපනය ලබන්නට සිදුවන්නේ කුරුණෑගල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේය.

දැරිවියක ලෙස තම ළමා අවධියේ ගිරෙන් ගිරට පැන විසිර ගිය ජීවිතය කිනම් හෝ වාසනා ගුණයකට නියම පීල්ලට වැටෙන්නේ මයුරපාද විද්‍යාලයෙන්ද අස්වී කොළඹ ආනන්ද බාලිකාවට පැමිණි පසුවයි. ඉන්දිකා ආනන්ද බාලිකාවේ අටේ පන්තියට ඇතුළත්වන විට එම විද්‍යාලයේ සංගීත ආචාර්යවරිය වී ඇත්තේ අතිදක්ෂ ප‍්‍රවීණ ගායිකාවක් වූ මාලනී බුලත්සිංහල මහත්මියයි. මේ කුඩා දැරිවියගේ හැකියාව හඳුනාගත් මාලනී බුලත්සිංහල පාසලේ දී ඇයට සංගීත විෂය ඉගැන්වූවාට අමතරව ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ටද හඳුන්වාදීමේ උත්තම ගුණය ප‍්‍රදර්ශනය කළාය. ඉන්දිකා කුඩා කාලයේ සිටම යතුමැද ඔප දැමූ ගෞරවය මාලනී බුලත්සිංහලට සහ කේමදාසයන්ට එක ලෙසම හිමිවන බව අපේ හැ`ගීමයි.

මාලනී බුලත්සිංහල විසින් ඉන්දිකා උපමාලී කේමදාසයන්ගේ සංගීත ඇසුරට සමීප කරනු ලබන්නේ 1992 වසරේ කේමදාස පදනම පටන්ගන්නටත් මත්තෙනි. ඒ 1990 දී පමණ ඔහුගේ ’මානසවිල ඔපෙරාවට’ සම්බන්ධ කරගැනීම ස`දහායි. එතැන් පටන් කේමදාස සූරීන් 2008 වසරේ අභාවප‍්‍රාප්ත වන තෙක්ම කේමදාස පදනමේ සිසුවියක ලෙස ඇය අවුරුදු 18 ක් වැනි දීර්ඝ කාලයක් විවිධ සංගීත ශෛලීන් සහ ප‍්‍රසාංගික කලාව අභ්‍යාස කරනු ලැබුවාය. කේමදාස යනු අන් සියල්ලටම වඩා කටහ`ඩ ප‍්‍රමුඛ කොට සැළකූ, කටහ`ඩට මුල් තැන දුන්, කට හෙ`ඩන් වැඩගත් සංගීතඥයෙකි.

ගොළුවන් නොවෙන ඕනෑම කෙනකුට යම් මට්ටමකින් ගීතයක් ගායනා කිරීමේ හැකියාව ඇතත් ඒ හැමෝම ගායක ගායිකාවෝ නොවෙයි. ස්ත‍්‍රී පුරුෂ භේදයවත් ශ‍්‍රාවකයාට නිරවුල් නැති ගායනා අද බහුලව ඇහෙන්නේ එබැවිනි. ගායනය වූ කලී හැදෑරිය යුතු විෂයකි. විටෙක එය පුහුණු කළයුතු විද්‍යාවකි. වෙනත් ලෙසකින් පැවසුවොත් එය ප‍්‍රගුණ කළයුතු ශිල්පයකි. ඉන්දිකා යනු ගායනය හා ප‍්‍රසාංගික කලාව සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ මෙම අභ්‍යාසය කළ ගායිකාවකි. උත්තර භාරතීය සංගීතය සහ ගායනය,

 

indika2

බටහිර සම්භාව්‍ය සංගීතය සහ ගායනය ඉන්දිකා සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් හා ඉන් බාහිරවත් හැදෑරූ කෙනෙකි. රශ්මි සංගීතා, සනත් නන්දසිරි, කෝලිත භානු, අමරා රණතුංග වැනි ප‍්‍රවීණයන් ඇගේ සරසවි අධ්‍යාපනයේ ගුරුවරුන් වෙති. ඉන්දිකා සමාජ ජාල ඔස්සේ හෝ රුපවාහිනී නාළිකාවල ස්ටාර් තරග ඔස්සේ එක රැුයෙන් බිහි වූ ගායිකාවක් නොවේ. අද පරම්පරාවේ බොහෝ දෙනකුට නැති ඇය ආ ගමනක් සහ කියන්නට කතාවක් ඉන්දිකාට තිබේ. එමෙන්ම ජන ගායනාවල සිට දේශීය ඔපෙරාව දක්වා පුහුණු කළ රසාලිප්ත කටහ`ඩක් ඈ සතුවීම ඇයට ඇති වටිනාම අභරණය වේ.

මේ වනවිට ඉන්දිකා ඇගේ ගායන කුසලතාව වෙනුවෙන් රයිගම් සම්මාන 3ක්, සුමති සම්මාන 3 ක්, සිග්නීස් සම්මාන 3 ක් සහ 2003 දී ජනාධිපති සම්මානය ද 2015 දී රාජ්‍ය සංගීත උළලේ හොඳම ගායිකාවට හිමි සම්මානයද දිනාගෙන තිබේ. විශේෂයෙන් සදහන් කළයුතු කරුණ වන්නේ 2016 දී රයිගම්, සිග්නීස්, සුමති යන සම්මාන උළෙල ත‍්‍රිත්වයේම හොඳම ගායිකාව ලෙස සම්මාන දිනා ගනු ලැබුවේ ඉන්දිකා උපමාලි වීමය. යළිත් ඇය එම වාර්තාව අලූත් කරමින් මීට දින කිහිපයකට ඉහතදී පැවති 2018 වසරේ රයිගම්, සිග්නීස්, සුමති යන සම්මාන උළෙල ත‍්‍රිත්වයේම හොදම ගායිකාව ලෙස ඇගයීමට පාත‍්‍ර වූවාය. නමුත් ඇගේ කලා ජීවිතයේ මුල්ම ඇගයීම ලෙස සුමති සම්මානයක් ලැබෙන්නේ 1994 දී ගායන කුසලතාවට නොව ජාතික රූපවාහිනියේ විකාශනය වූ ධවල කේතු නම් ටෙලි නාට්‍යයේ කළ ර`ගපෑම වෙනුවෙන් නැගී එන රංගන ශිල්පිනියක් ලෙසටයි.

ඊට අමතරව හිරු තනිවෙලා, වසන්තය ඇවිල්ලා, පුලින ප‍්‍රාසාද, උතුරුකුරු සටන, ජයතුරා ශංඛ ආදී ටෙලි නාට්‍ය කිහිපයත්, භේරුණ්ඩ පක්ෂියා, සැලමුතු පින්න, සූවිසි විවරණ යන චිත‍්‍රපට කිහිපයකත්, යශෝධරා, සක්වා දහවල, මොනරු සහ අපි යන වේදිකා නාට්‍ය කිහිපයකත් ඉන්දිකා රඟපානු ලැබුවද රසික හදවත් තුළ නොමැකෙන සලකුණක් ඉතුරු කරගනු ලැබුවේ ගායන ශිල්පිනියක් වශයෙනි. ඒ ඇයට උපන් හැකියාව ලැබුණේ ගායනයට මිස රංගනයට නොවන නිසා විය යුතුය. ඉන්දිකා මීට බොහෝ කාලයකට පෙරදීම රංගනය අතහැර ගායනය පමණක් සහෘද ආමන්ත‍්‍රණයට තෝරා ගත්තේ ඇයටද එය ප‍්‍රත්‍යක්ෂ වූ නිසා විය හැකිය. ඒ කෙසේ වෙතත් එය ඇයගේ වෘත්තීය ගමන ගැන ගත් ප‍්‍රඥාවන්තම තීරණය බව අපගේද අදහසයි.

කලාව උදෙසා කරන මෙහෙයට ඇගැයීමක් වශයෙන් ඉන්දිකාට 2008 වසරේදී ශ‍්‍රී ලංකාව හා ජපන් මිත‍්‍රත්ව පදනම මගින් බුන්කාට් සම්මානය ප‍්‍රදානය කිරීමද දුක්ඛ ස්‍යෙියාවෙන් ඇය පැමිණි ගමනට මහත් ධෛර්යයක් වන්නට ඇති බව නිසැකය. ඇතැම් සම්මාන උළෙලවල පිටුපස ඇති නීරස කතන්දර අප දන්නා නිසා ඉන්දිකා ගැන ලිවීමට අපට සිත් වූයේ ඇය ලැබූ එම සම්මාන නිසාම නොව ඇය දක්ෂ ගායන ශිල්පිනියක් නිසාය. නමුත් ඉන්දිකා මෙතෙක් ලබා ඇති සම්මාන පිළිබඳව සඳහන් කළේ යමෙක් ඇගේ දක්ෂතාවය මනින්නේ සම්මානවලින් නම් ඒවා ද ඇයට නොඅඩුව තිබෙන බව පැවසීමටයි. සිංහල සුභාවිත සංගීත කලා අරණේ විසල් වනස්පතියක් වී වැඞීමට ඇය මෙතෙක් ලද සම්මාන ඇගයීම් සහ රසික සද්ජන ප‍්‍රසාදයන් ද එක ලෙස හේතු වේවායි අවසාන වශයෙන් ප‍්‍රාර්ථනා කරන අතර සමාජ සංස්කෘතික විරෝධී එන්ජි ඕ නඩවල සුරතලියක වීමෙන් දැනට ඇති බහුජන ගෞරවය ඉදිරියටත් විනාශකර නොගෙන සිටීමේ ප‍්‍රඥාවෙන් යුක්ත වන ලෙසද මතක් කරමු.

රත්තනදෙණියේ මේධානන්ද හිමි

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles