Divaina - කෙනකුගේ සතුට දැකීමේ මුදිතා ගුණය මා සතුයි කලාසූරී සතිශ්චන්ද්‍ර එදිරිසිංහ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

sathis1
කලා ශිල්පීන් සුවඳ පද්ම සම්මානයෙන් පුද ලබන මහා කලා මංගල්‍යය ඉරිදා (7 දා* පස්වරු 3.00 ට කොළඹ බිෂොන් විiාලයීය ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

හෙළ කලාකෙත පෝෂණය කිරීම සඳහා විශාල මෙහෙවරක් කරන කලාසූරී සතිශ්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ සභාපතිත්වයෙන් යුත් මිහිඳු සංස්කෘතික පදනම විසින් මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය පවත්වනු ලබන්නේ හත්වැනි වරටය.

මහාචාර්ය ජේ.බී. දිසානායකයන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලේ ආරාධිත දේශනය මහාචාර්ය දර්ශන රත්නායකගෙනි.

කලාසූරී ලතා වල්පොල, ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ දෙපළ වෙත සුවිශේෂී මූල්‍යමය තිළිණ ප‍්‍රදානයක්ද සමගින් ඇගයීමක්ද මෙහිදී සිදුකෙරේ. එමෙන්ම හෙළ කලාකෙත පෝෂණය කිරීම සඳහා කැපවූ විශේෂඥ වෛi රුවන් ඒකනායක, ප‍්‍රවීණ ගීපද රචක සුනිල් සරත් පෙරේරා, පියදාස රත්නසිංහ, මහින්ද කුමාර දළුපොත, බුද්ධදාස විතානච්චි, ක්ලීටස් මෙන්ඩිස්, වීණා ජයකොඩි, අනුලා කරුණාතිලක, වසන්ති චතුරානි, පද්මිනී දහනායක, රොෂාන් මහානාම, සරත් පෙරේරා, හීනටිගල පේ‍්‍රමදාස, පේ‍්‍රමදාස මුදුන්කොටුව, ජයන්ත රණවක, සරච්චන්ද්‍ර වන්නිආරච්චි යන ශිල්පීහුද සුවඳ පද්ම උපහාර ලබති.

රූපා ගෝමස්, පද්මිනී දිවිතුරුගම, නිහාල් ප‍්‍රනාන්දු, මර්වින් පි‍්‍රයන්ත, ඞීමන් හෙට්ටිආරච්චි, කුමාරි පෙරේරා, චන්ද්‍රසේ්න පෙරේරා, වී. හේමපාල පෙරේරා, ජේ.ඒ.ඞී. පෙරේරා, උපුල් වීරසිංහ (උපුල් මාමා*, කුසුම් පීරිස්, සන්ධ්‍යා රඹුක්කනගේ, ලතා ගමගේ, ලලනි සෝමසිරි, ජයතිස්ස අතුලසිරි, සරත් සිල්වා, හේමචන්ද්‍ර පියදාස, උපුල් රංජිත්, අමරසේකර පහළවිතාන සහ අභාවප‍්‍රාප්ත ලොයිඞ් ජානකටද සුවඳ පද්ම මූල්‍යමය තිළිණ සමග රජත උපහාර පුදනු ලැබේ.

කලා ශිල්පීන් හා ශිල්පිනියන් පිරිවරා ගනිමින් කලා හා සාහිත්‍යකරුවන්ට උපහාර දක්වන කලා ශිල්පියා මෙම මහා කලා මංගල්‍යය පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේය.

අපේ මිහිඳු සංස්කෘතික පදනමේ ප‍්‍රධාන අරමුණු කිහිපයක් තියෙනවා. එකක් සාරධර්ම අධ්‍යයනය. අපි පාසල් සහ විවිධ සම්මානවලදී ළමයින් සහ වැඩිහිටියන්ට මේ පිළිබඳ දේශන පවත්වනවා. ඒ වගේම පරිසරය සුරැුකීමත් අපේ අරමුණක්. දිවයින පුරා ප‍්‍රධාන නගර 25 ක අප ජලය සහ මිනිසා පිළිබඳ ප‍්‍රධාන වැඩසටහන් පවත්වා තිබෙනවා. අනෙක් අරමුණ කළ ගුණ සැලකීම.

මා කලාකරුවෙක්. මාව අගය කළ අවස්ථා තිබෙනවා. රජයෙන් මට කලාසූරී සම්මානය ලබා දෙද්දී, සුමති සම්මාන, රයිගම් සම්මාන මට ලැබෙද්දී මම සතුටු වුණා මාව අගය කළාට. ඒ වගේම ඒ සම්මාන ලබාදුන් අය ගැනත් මට පැහැදීමක් ඇති වුණා. මම කල්පනා කළා මමත් මේ දේ අනෙක් අයට කළොත්, කවදාවත් ඇගයීමට ලක් නොවුණු අය අගය කළොත් කොතරම් සතුටු වේවිද කියලා. මේ හත්වැනි අවුරුද්ද. අවුරුදු දහයකින් මේ සම්මාන උළෙල අවසන් කරනවා. තව අවුරුදු තුනක් කරනවා. මම මගේ සැඳෑ සමය ගැන කල්පනා කරලා තමයි ඒ තීරණය ගත්තේ තවත් කෙනෙක් සතුටු වෙනවා දකින මුදිතා ගුණය මට තියෙනවා. බොහෝ දෙනෙක් මේ සඳහා මට අනුග‍්‍රහය ලබා දෙනවා. ඒ මේක හොඳ වැඩක් නිසා. මට ලැබෙන මුදලින් කොටසක් මම ඉතිරි කර ගන්නවා. ඒ මුදලින් දිළිඳු පාසල්වල දරුවන්ට උදව් කරනවා යැයි කලාසූරී සතිශ්චන්ද්‍ර එදිරිසිංහයන් පැවසූහ.

අලහකෝන්

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles