Divaina - දුර ගමනක පෙර නිමිති පෙන්වන සිතාරා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

sitara2222003 දී ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා ශිල්පි පරීක්‍ෂණය සමත් වී ළමා පිටිය සරස්වතී මණ්ඩපය වගේ වැඩසටහන් තුළින් කරළියට ආව විශාරද සිතාරා මධුෂාණි ‘ළමා ගී සැඳෑව’ ‘ගී මුතු’ ‘හපන් පැදුර’ ‘ලහිරු මඬල’, ‘නෙළුම් විල’ වගේ විවිධ රූපවාහිනි නාලිකාවන්හි ළමා වැඩසටහන්වල ළමා ගායිකාවක් ලෙස ගීත ගැයුවාය. ඇය ජාතික රූපවාහිනිය සඳහා ගැයූ ‘දණ ගෑවත් තාම එයා - ඔටුන්න හිමි කුමාරයා’ ගීතය තුළින් වඩාත් ජනප‍්‍රියත්වයට ඈ පත්වූවාය.
 
 ඇය පාසල් අධ්‍යාපනය හදාරා තියෙන්නේ ඇරැුව්වල ධර්මපාල මහා විiාලයෙන් සහ පිළියන්දල මධ්‍ය මහා විiාලයෙනි. දහම් අධ්‍යාපනය හදාරලා තියෙන්නේ මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයෙනි. එතනින් පස්සේ 2017 වසරේදී ‘සෞන්දර්ය කලා විශ්වවිiාලය තුළින් ප‍්‍රාසංගික කලාවේදී (විශේෂ* සංගීත උපාධිය, ප‍්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව හිමිකර ගනු ලබන සිතාරා මධුෂණි එම වසර තුළ එකී විෂය සඳහා වැඩිම ලකුණු ලබාගත් ‘දෙවැන්නා’ බවටද පත්වූ අතර ඇය එම සරසවියෙන්ම ‘උත්තර භාරතීය රාගධාරී ගායනය’ පිළිබඳ බාහිර කථිකාචාර්යවරියක් ලෙසට පත්වීම් ලැබුවාය.
 
 මේ අතරතුර ‘ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ’ සහ ‘ශ‍්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ‘ඒ ශ්‍රේණිගත’ සරල ගී නායිකාවක් බවට පත්වන ගැය ‘දෙරණ ඞී‍්‍රම් ස්ටාර්’ සංගීතමය වැඩසටහන තුළින් ජයග‍්‍රාහිකාවක් ලෙසට යළි කලා ලොවට පිවිසියාය. 2013 වසරේදී නවීනා ඔ්කැබඑ ීැ්ිදබ 02’ අවසන් මහා තරගයේ ‘විශිෂ්ටතම ගායිකාව සඳහා පිරිනැමෙන අනුශූරතාවයද එම වසරේදීම ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඔයැබාර් ත්‍ඵ දමිළ සේවය මගින් පවත්වන ලද දමිළ ගීත ගායනා අවසන් මහා තරගයේ ප‍්‍රථම ස්ථානයට හිමි ශූරතාවද ඇය විසින් හිමිකර ගනු ලැබුවාය. ඒ සමගම ඕ... සිංහල ගායිකාවක් වශයෙන් ‘් ශ්‍රේණියට’ පත් ප‍්‍රථම දමිළ සරල ගී ගායන ශිල්පිනිය ලෙසට වාර්තා පොතටද එක්වූවාය.
 
 sitara111වර්තමානයෙහි උත්තර භාරතීය රාගධාරි ගායනය පිළිබඳ විශාරදවරියක වන සිතාරා මධුෂානි මෙම කෙටි කාලය තුළ චිත‍්‍රපට සහ ටෙලිනාට්‍ය පසුබිම් ගායිකාවක් ලෙසටද ජනාදරයට පත්වූවාය. ඒ අතරින් ‘අධිරජ ධර්මාශෝක’ ටෙලි වෘතාන්තය සඳහා ඇය විසින් ගයන ලද ‘පුතුනි මගේ’ (තේමා ගීතය* බෙහෙවින්ම ජනප‍්‍රිය වූ අතර ‘දේදුන්නයි ආදරේ, කුටු කුටු මාමා, නීල පලි`ගු දිය, මේඝ, නිසල අරණ, පෘථිවි මහරජ, මුතු අහුර, ග`ග ළ`ග ගෙදර’ යන ටෙලි නාට්‍ය වල තේමා ගීතයන් සඳහාද, ‘සරිගම, දෙවැනි වරම, පත්තිනි ඇහැලේපොල කුමාරිහාමි, යශෝධරා යන සිනමා සිත්තම්හි ගීත ගායනයෙන් සහ පසුබිම් ගායනයෙන් එක් වූ සිතාරා නුදුරු කාලයෙහි නිකුත් වීමට නියමිත තවත් කලා නිර්මාණ රැුසකටම සිය දායකත්වය ලබාදී ඇත.
 
 මේ දිනවල ශාස්ත‍්‍රපති උපාධියට සූදානම් වන සිතාරා ග‍්‍රන්ථ කතුවරියක් ලෙසටද කලා ලොවට ඉදිරියේදී පිවිසීමට නියමිතය. ඒ වගේම මෙම වසර ඇතුළත ඇයගේම නැවුම් ගීත දෙකක් නිකුත් කිරීමටද නියමිතයි. එපමණක් නොවෙයි ඇය ‘ස්වරාංජලී’ නමින් සංගීත අධ්‍යාපන ආයතනයක් ආරම්භ කර ඇති අතර කුඩා ළමුන්ට පාසල් ළමුන්ට විශ්වවිiාල දරුවන්ටද සිය දැනුම ලබාදෙන ගුරුතුමියකි.
 
 මේතාක් දුර ගමනක් ඒමට අතහිත දී නොමඳ ආශිර්වාදය ලබාදුන් ඇයගේ දෙමවුපියන්වත්, සහෝදරයාවත්, සෞන්දර්ය කලා එම විiාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත‍්‍රපති සන්ධ්‍යා කාන්ති ඉලේපෙරුම ගුරු මෑණියන්වත්, ශාස්ත‍්‍රපති අසිත අතපත්තු සර්වත් විශේෂ කොට සිහිපත් කරන අතර ආචාර්ය රෝහණ වීරසිංහ, ප‍්‍රවීණ ලේඛක ආනන්ද පී. විජේසිංහ, අමිතා කුරුගම, චන්දන වැලිකල විජේසිරි ගෝවින්ද, කැස්බෑව හිටපු නගරාධිපති සුමණ රණවීර, ඇඹිලිපිටියේ රතනජෝති ස්වාමීන් වහන්සේ ඇතුළුව සංගීත ක්ෂේත‍්‍රය තුළ මේ ගමනට ඇයට උදව් උපකාර කළ සියලූ දෙනාවම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් යුතුව සිහිපත් කළාය.
 
 පොල්ගස් ඕවිට  සුසිල් ඉලේපෙරැුම

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles