Divaina - නතර කළ බදු සහන යළි ලබා දෙන්න - රෝහල්ගතව සිටින සනත් ගුණතිලක ජනපතිගෙන් ඉල්ලයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

sana222ඕනෑම කෙනෙක් ඕනෑම ආකාරයේ ලෙඩ රෝගයකට ඕනෑම අවස්ථාවක ගොදුරු විය හැකි බව මම ඉතා හොඳින් දනිමි. මෙලොව උපත ලැබුවා නම් අනිවාර්යයෙන් ම මරණය නියත බව ද මා මනාව අවබෝධ කර ගත් කෙනෙකි. මරණය කිනම් අවස්ථාවක, කිනම් ආකාරයට අප වෙත ළඟා වේදැයි නොදනිමු.
 
 මානසික චෛතසිකයන් වන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, කුහකකම, උද්දච්ඡුකම වැනි දුර්ගුණවලින් සමන්විත හෝ සමන්විත නොවී ඕනෑකම් මුල්කරගෙන කරුණු සොයා නොබලා අන් අය වෙත දොස් නැඟීම මනුෂ්‍ය ඝාතනයක් සේ මම සිතමි. ඊට භාජන වන පුද්ගලයා අවංකවම අහිංසකයෙක් නම් එය ඔහු හෝ ඇය නොමරා මැරීමකි.
 
 ඔහු හෝ ඇය සත්‍ය වශයෙන් ම නිවැරැුදි නම් ඒ චෝදනා මත ජීවත් වන්නට සිදුවන්නේ මැරි මැරීය. පෙර කළ අකුසල කර්මයක් නිසාදෝ මම ද එවැනි තත්ත්වයකට මුහුණ දුන් අයෙක්මි. වර්තමානයේදී ඊට මුහුණ දෙමි. මම වඩාත් කම්පා වන්නේ මගේ මියගිය දෙමව්පියන්ට පසුව භක්තියෙන් ආදරය කළ සිනමාවට මා විසින් වින කළැයි කෙරෙන චෝදනා නිසා ය. එකී චෝදනාවලින් නිදොස් වීම ඉතා පහසුය. එහෙත් මගේ පහසුව නිසා අපහසුවට පත්වන ප‍්‍රතිරූප කෙරෙහි ඇති අනුකම්පාවෙන් දැනට මීට වඩා යමක් මම නොකියමි.
 
 සිනමා කර්මාන්තයට මෙන්ම සිනමාවේ ශිල්පීන්ට ද නොදැනෙන පරිදි එක්තරා සමයකදී සිදුවීමට ගිය ‘ව්‍යසනයක්’ එවක ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා වෙත ගොස් කළ විවාදාත්මක සාකච්ඡුාවකින් පසු එය නතර කිරීමට සමත් වූයෙමි. එහෙත් එතුමාගේ අභාවයත් සමඟ අළුයට ගිනි පුපුරු සේ තිබූ එම ව්‍යසනය යළි දැල්වෙන්නට පටන් ගත්තේය. පසුව ඞී. බී. විජේතුංග ජනාධිපතිතුමාගේ කාලයේ එතුමාටත් නොදන්වා (සඟවමින්* එය නැවත ඉස්මතු විය. චිත‍්‍රපට සංස්ථා ගොඩනැඟිල්ල ඒ වන විටත් ඉරාන තානාපති කාර්යාලයට හොර රහසේම විකිණීමට ගෙන තිබූ තීරණය එතුමාට පවසා නතර කිරීමට මූලික වූ තැනැත්තා මාය. අදටත් බෞද්ධාලෝක මාවතේ 224 ගොඩනැඟිල්ලෙන් (එවකට සංස්ථාව තිබූ ස්ථානය* යම් ආදායමක් සංස්ථාව විසින් ලබා ගන්නේ මාගේ මූලිකත්වයෙන් ගත් එම තීරණය නිසා බව මම කියමි. ඒ සඳහා මට ඇති එකම සාක්‍ෂිය එවක සිනමාව භාරව සිටි වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා ය.
 
 චන්‍ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ සිනමාවට සිදු වූ බොහෝ යහපත් දේ පිළිබඳ මා උදම් අනන්නේ නැත. නමුත් සිදු වූ වැරදි දේ සහ එතුමියගේ දැනුවත් භාවයෙන් හෝ නොදැනුවත්ව වැරදි ලෙස ගන්නා ලද තීරණ නිසා සිදු වූ ව්‍යසනයන්ට වගකිව යුත්තා මා ලෙස කරනු ලබන අර්ථකථනය පිළිබඳ සත්‍යය ඉදිරියේදී සවිස්තරව මම හෙළි කරන්නෙමි. ඒ කවදා හෝ පරම සත්‍යය හෙළිවිය යුතු නිසා මිස කිසිවෙකුට අපහාස කිරීමේ චේතනාවෙන් නොවේ. එසේ නොවුණොත් අනාගත පරපුර මා වෙත නිකරුනේ ශාප කරනු ඇත. තමන්ට එල්ල විය හැකි ශාපයෙන් මිදීමට ඔවුන් එලෙස මා වෙත ඇඟිල්ල දිගු කරනවා විය හැක.
 
 ඉන් පසු බලයට පත් වූ මහින්ද රාජපක්‍ෂ සහ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරුන් දෙදෙනා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිනමාව පිළිබඳ විටින් විට ගත් තීරණ මා මේ අවස්ථාවේ ප‍්‍රකාශ නොකරන්නේ කිසිම බලවේගයකට හෝ කිසිම තර්ජනයකට යටත්ව නොවේ. වත්මන් දේශපාලනයේ කිසිදු පාර්ශ්වයකට මගේ ප‍්‍රකාශයෙන් කිනම් හෝ බලපෑමක් සිදු නොවිය යුතු බව මම තරයේ විශ්වාස කරමි. නමුත් මෙම කරුණු පිළිබඳ ඉදිරියේදී කරුණු හෙළිදරව් කිරීම සඳහා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් උදාවනු ඇතැයි මා විශ්වාස කරන්නේ මේ මොහොතේ මා ලබන සුවිශේෂ වෛi සත්කාරය හා අවධානයට කෘතඥ වෙමිනි. එය මා නවලෝකයක් වෙත ගෙන යනු ඇත.
 
 වත්මන් ජනාධිපතිතුමාගෙන් මා ගෞරවයෙන් සහ ආදරයෙන් කරනු ලබන ඉල්ලීම් කිහිපයක් ඇත. ඒ සියල්ල මේ මොහොතේ සටහන් කිරීම අපහසුය. එබැවින් කරුණු කිහිපයක් පමණක් සඳහන් කරමි.
 
සිනමාවට අහම්බෙන් පිවිසි මා එය රැකියාව කරගත්තා. ඒත් ඉන් වැජඹීමට හෝ ඉදිමීමට වඩා ඊට සාධාරණයක් කරීමට තමයි මා උත්සාහ කළේ. විචාරකයන්ගේ, මාධ්‍යවේදීන්ගේ මත ගරු කරමින් වැරදි හදාගෙන ගිය ගමනක්. ඒ අතර සිදුවන සමහර අකටයුතුකම් බැහැර කළා. වෙනත් අය කළ අකටයුතුකම් නිසා අද මම විඳවනවා...
 
 2015 ජනවාරි 08 ඔබතුමන්ගේ රජය පත්වීමට පෙර සිනමා කර්මාන්තයේ සහ කලාවේ සියලූ ක්‍ෂේත‍්‍රයන් ලබා තිබූ බදු සහන යළි ප‍්‍රතිෂ්ඨාපනය කරන්න. කලා නිර්මාණවලට අය කරන බදුවලින් රජයට ලැබෙන විශාල ආදායමක් නැත.
 
 දෙවැන්න නම් දැනටමත් ඔබතුමා කලාකරුවන් වෙත දක්වන ආශිර්වාදය, ආදරය සහ අනුග‍්‍රහය මත මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීම සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කර දෙන්න. මෙය ඉදිරි අය වැය තුළින් ඉටුකර දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලමි.
 
 සිනමාවේ වැඩි පිරිසක් අද වැඩි කාලයක් ගත කරන්නේ උසාවිය මගින් ගැටලූ විසඳා ගැනීමටය. ඒවා දින නියමයක් නොමැතිව කල් යයි. අධිකරණයේ තීරණවලට බලපෑම් කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලීමට තරම් මම අඥානවන්තයෙක් නොවෙමි. නමුත් ජනපතිතුමනි, ඔබට දහසකුත් එකක් ප‍්‍රශ්න මැද මෙකී ප‍්‍රශ්නයත් දහසකුත් දෙකක් ලෙස සලකා විසඳාලීමට උනන්දු වන්නේ නම් ඔබතුමාට පිං.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles