Divaina - මේ නාට්‍යය කරන්න පුංචි තියටරය ලක්‍ෂ හතළිහකට උකස් කළා... - නාමෙල් වීරමුණි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

රාවණ සිතාභිලාෂය වේදිකාවට

punchi199වසර ගණනාවක් විදේශගතව සිට ඉපැයූ සේසතම යටකර නාමෙල් මාලිනී පුංචි තියටරය නගරයේ වටිනාම තැනක ඉදිකළේ නාට්‍ය කලාව උදෙසා ඇති ආදරය නිසාමය.

බොහෝ දුක් විඳ නාට්‍යයක් නිර්මාණය කරන නාට්‍යකරුවන්ට ඉතා අඩු මුදලකට තම නිර්මාණය වේදිකාගත කරන්නට නාට්‍
යයක් පුරුදු පුහුණු වන්නට පුංචි නාමෙල් වීරමුණි සහ මාලිනී වීරමුණි යුවළ පුංචි තියටරය ඔස්සේ ලබාදෙන අනුග‍්‍රහය මිල කළ නොහැකිය.

චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්, නාට්‍යකරුවෙක් සහ තිර පිටපත් රචකයකු මෙන්ම රංගන ශිල්පියකු ලෙස ද දස්කම් දක්වා ඇති නාමෙල් වීරමුණි එක්සත් රාජධානියේ නීතිඥවරයකු ලෙස කලක් සේවය කළේය.

නැට්ටුක්කාරි, ගන්ධබ්බා රාජ්‍යයෙන්, කවුදෝ සතුරෝ, මාධ්‍යවේදියකුගේ අසිපත, ද ඩික්ටේටර් වැනි නාට්‍ය ගණනාවක් වේදිකාවට ගෙන ආ නාමෙල් වීරමුණි සිය ආදරණීය බිරිය මාලිනී වීරමුණි ද සමගින් තම ජීවිත කාලයම නාට්‍ය කලාව උදෙසා කැප කර සිටී.

 

punchi222
”රාවණ සිතාභිලාෂය” නාමෙල් වීරමුණිගේ නවතම නිර්මාණය මෙම 04, 05, 06 යන දිනවල නාමෙල් මාලිනී පුංචි තියටරයේ ර`ගදැක්වේ.

මහාචාර්ය ජේ. බී. දිසානායකයන්ගේ කතාවක් නාට්‍යයක් ලෙස නිර්මාණය කරමින් නාමෙල් වීරමුණි සිතාභිලාෂය වේදිකාවට ගෙන එයි. අප ‘රාවණ සිතාභිලාෂය’ පිළිබඳ තොරතුරු සොයා නාමෙල් වීරමුණි හමුවූයෙමු.

රාමා ව ඉන්දියාවේ සලකන්නේ දෙවියෙක් ලෙස. ජේ. බී. දිසානායක මහත්තයාගේ කතාවේ අවසනය ඔහුගේ ද අවසරය ඇතිව මේ නාට්‍යය සඳහා සංශෝධනය කළා. මම ගත්තේ මහාචාර්යතුමාගේ කතාවෙන් භාගයයි. අවසාන කොටස මා විසින් පරිච්ෙඡ්දයක් ඇතුළත් කළා. පේ‍්‍රක්‍ෂකයාට හිතන්න යම් ඉඩකඩක් ලබාදුන්නා...

ලංකාවේ මෙතෙක් කළ රාමා, සිතා, රාවණා වැනි චරිතවලට අදාළ නිර්මාණවලින් වෙනස් වන ආකාරය නාමෙල් වීරමුණි මෙසේ පැහැදිලි කළේය.

punchi333වාල්මිකී නොදුටු ඇසින් කියන ටැග් එක අපි මේකට යෙදුවා. මෙය වාල්මිකීගේ රාමායනය නොවේ. රාවණ ඉන්නවා නම් ඔහු පවා තක්බීර් වේවි මේ නාට්‍යය දැකලා. මනුෂ්‍යත්වය, දුන් වචනයට අනුව කටයුතු කිරීම, මවකගේ ආදරය ගැන පණිවුඩයක් මේ නාට්‍යය මඟින් ලබාදෙනවා. මම හිතනවා ‘රාවණ සිතාභිලාෂය’ විවාදාත්මක ආන්දෝලනාත්මක නාට්‍යයක් වේවි. දයා දිසානායක මහත්මයා මේ පිටපත දැකලා ඉංග‍්‍රීසියට පරිවර්ථනය කරන්න කැමති වුණා. ගැඹුරු අර්ථයක් දර්ශනයක් මේ නාට්‍යයෙන් ලබාදෙනවා. ඒකයි මම කිව්වේ වාල්මිකී නොදුටු ඇසින් කියා කියන්නේ...මෙය ශෛලිගත නිර්මාණයක්. නමුත් නාඩගම් සහ නූර්ති දෙකම සම්බන්ධ කරගෙන තිබෙනවා.

වේදිකා නාට්‍යයක් කරන එක පහසු කටයුත්තක් නොවේ. නාමෙල් වීරමුණි ඒ පිළිබඳ කතා කළේ තරමක් කණස්සල්ලෙනි.

නාට්‍යය අරගෙන පුංචි තියටරයෙන් ඔබ්බට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. මට සංවිධානාත්මක හැකියාවක් නෑ. සංස්කෘතික අමාත්‍යාංශ අනුග‍්‍රහය මත පාසල්වලට මේ නාට්‍යය ගෙන යා හැකිවේවි කියා හිතනවා. ලයනල් වෙන්ඩට් එකේත් දර්ශනයක් ඉල්ලා තියෙනවා. නළු නිළියන් තිහකට අධික පිරිසක් රඟපානවා. ඔවුන්ට විශාල මුදලක් ගෙවන්න වෙනවා. එතන තමයි ප‍්‍රශ්නය තියෙන්නේ. අද නාට්‍ය කලාව හොඳටම වැටිලා. අපට කිසිම ආධාරයක් රජයෙන්වත් නෑ. මගේ මේ නාට්‍යයට රුපියල් ලක්‍ෂ තිස් පහක් වැයවෙනවා. මේ මුදල අතින් දරන්න ඕනෑ. මමත් මාලිනිත් පුංචි තියටරය ලක්‍ෂ හතළිහකට බැංකුවට උකස් කරලා තමයි මේ නාට්‍යය කරන්නේ. වෙන කවුරුත් අපිට උදව් කරන්නේ නෑ. හැමෝම අහනවා ඇයි මෙහෙම කරන්නේ කියලා. අපි නාට්‍යය කලාවට තියෙන ආදරය නිසායි මෙහෙම කරන්නේ. අපි දෙන්නගේ ප‍්‍රාර්ථනය තමයි කනත්තේ පොහොසත්ම පුද්ගලයෝ දෙදෙනෙක් බවට පත්වෙන්න. එවන් ආකල්පයකින් අපි දෙදෙනා ජීවත්වෙන්නේ. තියෙන දෙයින් සතුටු වෙලා සමාජයට කළ හැකි යමක් කළ යුතුය යන අදහසින් තමයි අපි දෙන්නා වැඩ කරන්නේ.

අලහකෝන්

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles