Divaina - තර`ගකාරී ලෙස මේ ගමන යන්න අමාරුයි - ධනංජය රූපසිංහ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 මේ වේදනා බැරි උනත් ඉවසලා
 මා නුඹ නමින් මියෙන්නෑ දිවිතුරා
 විස්වාසයේ පණ වගේ උන්නා නම්
 අතින් අත යන්නේ නෑ ඔයා
 
 newman111
 
 ඔහු ධනංජය රූපසිංහ, පදිංචිය වත්තල. වත්තල ශාන්ත අන්තෝනි ජාතික පාසලේ ශිල්ප හදාරන කාලයේ ධනංජය විෂයයක් ලෙස කළේ නර්තනයි. ඒත් පාසල් අධ්‍යාපනය හමාර කළාට පසුව බ්ලැක් හොර්සස් සංගීත කණ්ඩායමේ දොරටු මේ තරුණයාට විවර වේ.
 
 ‘‘ඒත් මට මහ ලොකුවට අවස්ථාව ලැබුණේ නෑ. සින්දු කියන්න ආසාවෙන් වේදීකා ළඟ අනන්ත අප‍්‍රමාණව බලා ඉඳලා තියෙනවා. එත් අවස්ථාවක් ලැබුණේ නෑ. ඉන් පස්සේ මගේ පළමු ගීතය නිර්මාණය වෙනවා. ඒ දුලීප් මිරැුන්ඩෝ සමග.
 
 ආදරේ මතකේ තියා ඔබ මගෙන් වෙන් උනා
 
 මගේ කියු හැම දේ පවා ඔබ නිසා නැති උනා
 
 මාව දන්නෑ වාගේ ඉන්නේ කොහොම ඔබ නම්
 
 වාවන්නේ නෑ තාම ඉන්න මා ළඟින්්
 
 පද රචනා කළේ සෙව්වන්දි වික‍්‍රමසිංහ. මම ගායකයෙක් ලෙසින් රසිකයා අතරට ආ ගීතය. ධනන්ජය රූපසිංහ ගායකයා හඳුන්වා දුන් ගීතය ගොඩක් ජනප‍්‍රිය වුණා. එෆ්. එම්. වලින් ප‍්‍රචාරය කළ ගීතයක්.’’ ධනංජය‘සිනමා කලා’ සමග එක් වෙමින් පැවැසුවේය.
 
 මගේ දෙවැනි ගීතය ’‘මාව දන්නෑ’’. පද රචනය කළේ සත්සර කසුන්. සංගීතය අමිත් ගුරු. මේ ගීයත් එක්ක මගේ නම තවත් ටිකක් ඉදිරියට ගියා. ඉන් පස්සේ ප‍්‍රසංගවලට පවා ආරාධනා ලැබුණා’’ මා නුඹ නමින්’ මගේ තුන්වැනි ගීය සංගීතය දුලිප්
 
 මිරැුන්ඩෝ පද රචනය සෙව්වන්දී වික‍්‍රමසිංහ, රූප රචනය කළේ සත්සර කසුන්. ගීතයෙන් කියැවෙන්නේ අනියම් පේ‍්‍රමය ගැන. එත් අසභ්‍ය රූප නොදා ලස්සන විඩියෝවක් කළා. දැනට මගේ ජනප‍්‍රිය වුණ ගීතයක්. හැම නාලිකාවකම ප‍්‍රචාරය කළා. ගොඩක් සතුටුයි
 
 තවමත් මාව රසිකයන් දන්නේ ‘මා නුඹ නමින්’ ගීතය හරහා. සල්ලි වලට වඩා මිනිස්සු හම්බ කරපු නිසා හැම කෙනෙක්ගෙම ආදරය දිනා ගන්න පුළුවන් වුණා.
 
 අද මේ ක්ෂේත‍්‍රයේ තිබෙන්නේ තරගයක්. ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන ප‍්‍රශ්නයට පිළිතුරු දුන් ධනංජය මෙසේ කීය.
 
 සංගීත ක්‍ෂේත‍්‍රයේ තරගයක් තමා පවතින්නේ. මට කිසි කෙනෙක් එක්ක තරගයක් නෑ. මම හැම වෙලේම හිතන්නේ මට වඩා හැකියාව ඇති අය ඉන්නවා කියලා. අපි හොඳ නිර්මාණ කළොත් අනිවාර්යයෙන් එය ජනප‍්‍රිය වෙනවා. තරගයත් එක්ක සංගීත ගමන යන්න අමාරුයි. මම සංගීතය කරන්නේ සල්ලි හම්බ කරන්න නොවේ. මේ ක්‍ෂේත‍්‍රයේ හම්බ කළේ ගොඩක් සල්ලි වලට වඩා මිනිස්සු. ඉතින් ඒ ටික හොඳටම ප‍්‍රමාණවත්. ඉදිරියේදී අහන්න පුලූවන් ලස්සන වැඩක් එනවා. සංගීතය ශෙනාල් මද්දුමගේ වැළලී ගිය සංගීතය ගොඩක් මහන්සියෙන් නැවත ගොඩ ගන්න හදන උත්සාහයක්.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles