Divaina - ‘සිග්නිස් ’උළෙලේදී බන්ධන ඇගයීම සතුටක් ගින්දරී දෙවැන්නට ලෑස්ති වෙනවා; උදයකාන්ත වර්ණසූරිය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

 
udaya1
 
 ‘‘බන්ධන’’ මෙවර සිග්නීස් සිනමා සම්මාන උළෙලේදී සම්මාන කිහිපයකටම පාත‍්‍ර වූවා පමණක් නොවේ අධ්‍යක්‍ෂණය උදෙසා ජූරියේ විශේෂ සම්මානයකින්ද පුද ලැබුවේය.
 
 උදයකාන්ත වර්ණසූරිය..,‘‘බන්ධන’’ අධ්‍යක්‍ෂවරයා. ‘‘බන්ධනයට’’ ලද සම්මාන ගැන ඔහු සමග කළ කෙටි පිළිස`දරකි මේ.
 
 මේ සම්මානය ඔබට සුවිශේෂීයි..?
 
udaya4 ‘‘බන්ධනය’’ අධ්‍යක්‍ෂණය වෙනුවෙන් සිග්නීස් උත්තමාචාර උළෙලේදී ලැබුණු විශේෂ ජූරි සම්මානයක්. ‘‘බන්ධන’’ සම්මානනීය තත්ත්වයේ ඇති බව තේරුම් ගැනීම ගැන ජූරියට ස්තුතිය පුද කරනවා. මා කළ අනෙක් චිත‍්‍රපට වගේ නොවේ ‘‘බන්ධන’’ . ඒ නිසා අධ්‍යක්‍ෂණයේදී ඒ කෙරෙහි විශේෂ සැළකිල්ලක් මා දැක්වූවා. ‘‘බන්ධන’’ ලංකාවේ පළමුවරට කළ ‘‘හොරර් ’’ චිත‍්‍රපටය. භීතිය මතු කළ යුතු නිසා සීරුවෙන් අධ්‍යක්‍ෂණය කරන්න උවමනා වුණා. මේක මටත් අලූත් අත්දැකීමක් වුණා. සංගීතය සහ ර`ගපෑම් ගැන පවා සැලකිලිමත් වුණා. අතීත කාල වකවානුවේ වූ සිද්ධියක් ලෙසයි මම මේක කළේ. බිය ඇති වන්නේ විශේෂයෙන් රාත‍්‍රී කාලයේ. ඒ භීතිය ඉස්මතු කරන්න තමයි ‘‘බන්ධන’’ කලූ සුදු චිත‍්‍රපටයක් ලෙස නිර්මාණය කළේ.
 
 සිග්නිස් උළෙලේදී චිත‍්‍රපටයට තවත් සම්මාන ලැබුණා..?
 
 ඔව්..ළමා චරිතය කළ දැරියටත් ජූරියේ සම්මානයක් ලැබුණා. ඇගේ ර`ගපෑම් දැකලා මා පවා විශ්මයට පත් වුණා. වයසට වඩා මුහුකුරා ගිය විදිහට තමයි ඇය රගපෑවේ. ඒ වගේම විශේෂ දෘශ්‍ය ප‍්‍රයෝග උදෙසාත් සම්මානයක් ලබුණා. වෙනත් චිත‍්‍රපටවලට වඩා ‘බන්ධන’ චිත‍්‍රපටයේ දෘශ්‍ය ප‍්‍රයෝග බහුලයි. ඒ නිසාම වියදමත් වැඩියි. මේ දරුවාට යක්‍ෂාවේශ වෙන අවස්ථාව සිද්ධාර්ථ නයනානන්ද ශිල්පියා ඉතා විශිෂ්ඨ ලෙස කළා. මේ චිත‍්‍රපටය බොහෝ සිනමා ශාලාවල මුදා හැරියේ ත‍්‍රිමාණ තාක්‍ෂණයෙන්. ඒකත් දේශීය සිනමාවට අලූත් අත් දැකීමක් වුණා. බුද්ධික විජේරත්න සහ සමින්ද වටවලවිතාන දෙදෙනාම ත‍්‍රිමාණ නිර්මාණ වෙනුවෙන් සිග්නස් සම්මාන ලැබුවා. මේ දෙන්නා සරසවි සම්මානත් ලබා ගත්තා. මෙතෙක් පැවැති සෑම සම්මාන උළෙලකදීම හො`දම අංග වෙනුවෙන් ‘බන්ධන’ නිර්දේශ වුනා. මගේ උත්සාහයට ප‍්‍රතිපල ලැබුණා. ඒ ගැන සතුටුයි. ආදායම අතිනුත් සාර්ථකයි. හොරර් චිත‍්‍රපටයක් කරන එක සුන්දර අත්දැකීමක්. ’බන්ධන’ කලූ සුදු වුනාට වර්ණ නිෂ්පාදනයක් ඞීවීඞී තාක්‍ෂණයෙන් නිකුත් කලා.
 
 මේ වගේ තවත් චිත‍්‍රපටයක් හදන්න සූදානමක් නැද්ද.?
 
 අදහසක් තියෙනවා. මම සූදානම් තවත් ’හොරර්’ චිත‍්‍රපටයක් කරන්න. ඒත් ඊට කලින් ජනවාරියේ ’ගින්දරී 2’’ පටන් ගන්නවා.
 
 නළු නිළියන්..?
 
 සුපුරුදු පරිදි පබෝධා සන්දීපනී ගින්දරී ලෙස ර`ගපානවා. මහේන්ද්‍ර සහ රොඞ්නිත් ර`ගපානවා. ඊට අමතරව තවත් ප‍්‍රවීණ ශිල්පීන් එකතු වෙනවා. ‘ගින්දරී 2’ මෙතෙක් සිංහල සිනමාවේ කිසිම කෙනෙක් නොකළ ආකාරයේ විශේෂ දෘශ්‍ය ප‍්‍රයෝග රැුසක් ඇතුළත් වේවි. හාස්‍ය උපරිමයෙන් ලබා දෙන්නත් කටයුතු කරනවා. ලංකාවේ මෙතෙක් කළ හො`දම හාස්‍යොත්පාදක චිත‍්‍රපටය බවට ‘ගින්දරී 2’ පත්වේවි. ඒ වගේම කොස්තාපල් පුක්‍ඳ්ක්‍ඳසෝම දෙවැන්න ’ සාජන් පුක්‍ද්ක්‍දසෝම’ චිත‍්‍රපටයේ වැඩත් පටන් ගන්නවා. මෑත කාලයේ ුුුඅපිට පාතාලයේ භීෂණ ක‍්‍රියා බහුලවම අහන්න ලැබුණා. ඒවා අළලා ‘‘ගිනි අවි සහ කෙළි’’ දෙවැනි කොටසත් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල ලබන අවුරුද්දේ නිර්මාණය වේවි.
 
 ඒ කියන්නේ වර්තමානය සිනමාවට හො`ද කාලයක්..?
 
 චිත‍්‍රපට නරඹන පේ‍්‍රක්‍ෂන පිරිසක් ඉන්නවා.ඒ අයව ර`දවා තබා ගැනීම අවශ්‍යයි. ඊට නොයෙක් ශිල්පීය ක‍්‍රම භාවිත කළ යුතුයි. නව ුඅත් දැකීම් සහිත නිරිමාණ කළ යුතුයි. නව තාක්‍ෂණය සහිත සිනමාශාලා සහ අලූත් සිතුම් පැතම් සමගයි මේ ගමන යායුත්තේ. හැත්තෑව දශකය ගැන හිත හිතා හිටියොත් දියුණුවක් ලබන්න බැහැ. කොහොමත් මගේ චිත‍්‍රපට බලන්න පේ‍්‍රක්‍ෂක පිරිසක් ඉන්නවා.

 
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles