Divaina - කළුහිම කළුදැයි බලන්න එන්න

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

kaluhima1
 
 හිම කී විට අපගේ සිහියට නැගෙන්නේ සුදු පැහැයයි. එහෙත් රතු හිම, කළු හිම හා කොළ හිමද පවතී. හිම රතු හෝ කොළ හෝ වන්නේ ඇල්ගීවල ක්‍රියාකාරිත්වයෙනි. කළු හිම බිහිවන්නේ පාරිසරික ගැටලු ඔස්‌සේය. උපාලි ගම්ලත් සිය අලුත්ම චිත්‍රපටය කළු හිම ලෙස නම් කොට ඇත්තේ හිමවල වර්ණය ගැනම සිතමින් නොවන බව මගේ හැඟීමයි. කළු පැහැති අයිස්‌ යන වාච්‍යාර්ථය ඉක්‌මවූ නොපෙනෙන අනතුර යන ලක්‍ෂණර්ථයක්‌ද කළු හිම යන්නෙහි වේ.
 
 කළු හිම පිළිබඳ ලියන මේ මොහොත වන විට එය සිනමා ශාලාවල තිරගත වෙමින් පවතී. පළමුවෙන්ම මා ඔබට යෝජනා කරන්නේ මේ චිත්‍රපටය සිනමා ශාලාවකට ගොස්‌ නරඹා රස විඳිය යුතු බවයි. මා එසේ කියන්නේ සිනමා විචාරකයකු ලෙස සිනමාව පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස හෝ නොව සිනමා කර්මාන්තයේ චිර පැවැත්ම අපේක්‍ෂා කරන්නකු ලෙසය.
 
 මන්දයත් මේ මොහොත සිනමා කර්මාන්තය ඉතා ෙ€දනීය ලෙස කඩා වැටෙමින් පවතින මොහොතකි. හුදෙක්‌ සම්භාවනීය චිත්‍රපටවලට පමණක්‌ මේ අර්බුදය ජයගන්නට නොහැකිය. සම්ප්‍රදායික විචාරයෙන් ඔබ්බට ගොස්‌ යම් කෘතියක සාධනීය ගුණ හඳුනා දී ප්‍රේක්‍ෂක ගණයා ඒ ජනයා ඒ වෙත යොමු කිරීමේ හැකියාවක්‌ ඇත්දැයි විමසා බැලිය යුතු වන්නේ එහෙයිනි. කළු හිම සම්භාව්‍ය චිත්‍රපටයක්‌ නොවූවද සුන්දර චිත්‍රපටයකි. මෙහි වැඩිහිටියන්ට පමණක්‌ සීමා වූ දර්ශන සහිත කෘතියක්‌ද නොවන හෙයින් පවුලේ චිත්‍රපටයක්‌ සේ මෙය ඉදිරියට ගෙන එන්නට පුළුවන. මෙහි ඇත්තේ ආකර්ෂණීය කතා පුවතකි.
 
 අධ්‍යක්‍ෂවරයා මෙය අපූර්වත්වයකින් ඉදිරිපත් කර තිබේ. ජනප්‍රිය සිනමාවේ සියලු අංග ඇතුළත් කරමින් පැරණි තේමාවක්‌ වුවද නැවුම් ආකාරයට ඉදිරිපත් කර තිබේ. අධ්‍යක්‍ෂවරයා චිත්‍රපටයට දායක කරගත් නළු නිළියන් ගැන සඳහන් කරතොත් නිරෝෂන් විඡේසිංහ (සචින්) ප්‍රබුද්ධි ලක්‌මාලි (චුන්දා) සුලේකා ජයවර්ධන (විනු) ඉතා රංගනයක නියෑළෙති. නිරෝෂන් විෙ-සිංහගේ රංගනය පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ යුතුය. හුදෙක්‌ ටෙලි නාට්‍ය නළුවකු ලෙස රාමුවක සිරගතව සිටි නිරෝෂන්ට පසුගිය කාලයේ ප්‍රධාන චරිත සහිත චිත්‍රපට ලැබුණේ නැත. එහෙත් ඔහු මේ චිත්‍රපටයේදී තමා කෙතරම් දක්‍ෂ නළුවෙක්‌ දැයි ස්‌ඵුට කරයි. දඟකාර පෙම්වතකුගේ චරිතය, අතීතය අමතක වූ මංමුලා වූවකුගේ චරිතය මෙන්ම සිරගත වී මානසික ව්‍යාධියකට ගොදුරු වූවකුගේ චරිතය යනාදී විවිධාකාර භූමිකාවලට ඔහු මේ චිත්‍රපටය තුළදී පණ පොවයි. ඔහු ඒ ඒ අවස්‌ථාවල ඉතා ස්‌වභාවික අන්දමින් ඒ චරිතවලට ආරෝපණය වේ. විශේෂයෙන්ම මාවෝවාදී සිරකුටිය තුළ දුක්‌ අනුභව කරමින් සිටින අවස්‌ථාවේ ඔහුගේ අභිනයන් ඉතාමත් සිත්ගන්නා සුලුය. ඔහු සිය ඇස්‌වලින් අපට බොහෝ දේ කියයි. චුන්දාගේ රඟපෑම් ද ප්‍රශස්‌ථ මට්‌ටමක පවතී. ආගන්තු මිනිසකු කෙරෙහි ඇය දක්‌වන දයාව අප සිත්හි අපූර්ව චිත්ත රූප මවන්නට සමත් වේ. සචින්ගේ හා චුන්දාගේ ප්‍රේමය ඉතා ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරන්නට අධ්‍යක්‍ෂවරයා සමත් වී සිටී. මේ දෙදෙනාට අමතරව තම චරිතයෙන් යමක්‌ කරන්නට සමත්ව සිටින්නේ විනූ හා විහිළුකාර තරුණ ශිෂ්‍යයා පමණි.
 
 විනූ ට රඟපාන්නට ලැබී ඇති කාලය සීමිත වුව ද ඇය ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සිය මනෝහර වූ රූපය මැනවින් උපයෝගී කරගනිමින් ප්‍රේක්‍ෂක රසභාව පුබුදයි. විහිළුකාර තරුණයා චිත්‍රපටය ආරම්භයේ සිටම සිය විහිළු මඟින් ප්‍රේක්‍ෂකයා සිනහ ගන්වයි. කෙසේ වෙතත් සෙසු නළු, නිළියන් වෙතින් ලැබී ඇති දායකත්වය ගැන සෑහීමට පත්විය නොහැකිය. අයිරාංගනී සේරසිංහව කටවුට්‌වලදී ඉතා විශාල පරිමාණයෙන් පෙන්වන මුත් ඇයගෙන් එතරම් වැඩක්‌ ගෙන නොමැති බව ද පෙනේ. මගේ අදහස නම් මේ චිත්‍රටයට අයිරාංගනී සේරසිංහ වෙතින් කිසිදු ආලෝකයක්‌ එක්‌ වී නොමැති බවයි.
 
 සංෙ€ත වටිනාකමක්‌ ඇති නළුවකු හෝ නිළියකට කුමක්‌ හෝ චරිතයක්‌ ලබාදී චිත්‍රපටයට එක්‌කර ගැනීමේ වරද උපාලි පමණක්‌ නොව බොහෝ අධ්‍යක්‍ෂවරුන් වෙතින් සිදුවන්නකි. එහෙත් අදාළ චරිතයට කළ තෝරාගැනීම සුදුසු එකක්‌ නොවේ. උපාලි ගම්ලත් මෙහිදී මාවෝවාදීන් අතර කෙරෙන සාකච්ඡාවට යොදාගෙන ඇත්තේ හින්දි බසයි. එහෙත් ඔවුන්ගේ ප්‍රධාන බස හින්දි නොවේ. එය බරපතළ වරදක්‌ සේ නොසලකන මුත් ඔවුන්ගේ භාෂා ව්‍යවහාර ගත් විට වඩා උනන්දුවක්‌ යොමුකළා නම් සුදුසුය. කෙසේ වෙතත් අවසාන වශයෙන් කිව යුතු සුළු සුළු දුර්වලතා පැමිණිය ද මේ චිත්‍රපටය ඉතා ආකර්ෂණීය එකක්‌ බවයි. වෙසෙසින්ම චිත්‍රපටය පුරා සියලු රූප රාමු සිද්ධි දාම බිඳ තබන හුයක්‌ සේ විහිදෙන රෝහණ වීරසිංහයන්ගේ සංගීතය මේ කෘතියට විශාල ආලෝකයක්‌ ලබාදී තිබේ. කැමරාකරණයෙන් ද විශිෂ්ට දක්‍ෂතා දක්‌වා තිබේ. ඉතා සුන්දර ප්‍රදේශයක ජීවිතය රූපරාමු මත මැනවින් සිත්තම්ව තිබේ. එහෙයින් නැවතත් මා ඔබට යෝජනා කරන්නේ මේ චිත්‍රපටය ගැලවී යන තුරු බලා නොහිඳ වහාම ළඟම ඇති සිනමාහලට ගොස්‌ එය නරඹන ලෙසයි. සිනමාව රැකගන්නට ප්‍රේක්‍ෂකයෝ වශයෙන් අපට කළ හැකි දේ ප්‍රවේශ පත්‍රයක්‌ ගෙන චිත්‍රපටය නැරඹීමයි. මන්දයත් චිත්‍රපට හදන්නට ගත් ණය ගෙවන්නට බැරිව දිවිනසාගත් හා රට හැර ගොස්‌ පිටරටවල කුලී වැඩ කරන නිෂ්පාදකයන් ගැන මම දනිමි. ඔවුන් නිපදවූ චිත්‍රපට අසාර්ථක වූයේ චිත්‍රපටවල වරදින් යෑයි ඔබ කීමට ඉඩ තිබේ. එහෙත් එය සැමවිටම සත්‍යයක්‌ නොවේ. මාධ්‍යයේ පිහිට නොලබන ඉතා හොඳ කෘති පවා ජනතා අවධානයට නොලක්‌ව ඉවත්ව යන්නට ඉඩ තිබේ. කළු හිමවලට එසේ නොවිය යුතුය.
 
 මනෝඡ් ප්‍රසන්න රත්නායක
 බාහිර කථිකාචාර්ය (සිනමාව පිළිබඳව)
 සෞන්දර්ය විශ්වවිද්‍යාලය
 


 
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles