Divaina - නිලාර් ගේ 'සරස වසන්තය' - ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ සර්ව ඝට්‌ටනයන් මැද නොපැකිළෙන ගී පද රචකයා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

නිලාර් ගේ 'සරස වසන්තය' අද පදනම්  ආයතනයේදී

nilar1


ඔහු නිර්රූල් නිලාර් හෙවත් නිලාර් එන්. කාසිම් ය. මාතර රාහුලයෙන් උසස්‌පෙළ හදාරා ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් සිංහල ගෞරව උපාධියක්‌ හැදෑරූ සිංහල බසට පෙම් බැඳි මුස්‌ලිම් ජාතිකයා ඔහුය.

හිරු සඳුද පහුරුලන බෑඟිරියේ භාෂාව කිම් වුවද ගලායන සහ උදර රුධිරයට වේදනා එකහාම ගැබ්බරයි

එල්.ටී.ටී.ඊ සාමාජිකයින් විසින් වෙඩි තබා ඝාතනය කරන ලද නිරායුධ පුවත්පත් කරුවෙකු වූ අරුණ කහඳගමගේ, එනම් සාහිත්‍යවේදී පියසේන කහඳගමගේ ගේ බාල සොහොයුරා වෙනුවෙන් 1991 පළ වූ 'අරුණ කී කවි සහ අරුණට කී කවි' කෘතියට ඒ කවිය ලියන්නේ නිර්රූල් නිලාර් නම් කවියෙකි.

නිර්රූල් නිලාර් යනු නිලාර් එන්. කාසිම් ම ය. මාලනී බුලත්සිංහලයන්ගේ 'සුසුමක රාවය' කැසට්‌ පටයට 'සමනලුන් රොදක්‌ නිල් ගොයමට වියන් බඳී'

ගීය තෝරාගන්නා රඹුකන සිද්ධාර්ථ හිමියන් 'මේ නම කියවන්aන අමාරුයිනේ' යනුවෙන් මැසිවිලි නැගූ නිසාම නිර්රූල් නිලාර් තරුණයා නිලාර් එන්. කාසිම් බවට පත් විය.

ඔහු 1992 වසරේ පැවති ප්‍රථම ජනතා සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම ගීත රචකයා ලෙස අබිසෙස්‌ ලබමින් මෙසේ ලීවේය.

බිඳුණු තල් ගහ පාමුලට වී

කඳුළු ඇහිඳින රාජිනී

කැදලි සුන් වී විසිර ගිය දා

තනිකම ද නුඹෙ සාමිනී

අද වන විට පෙර පැවති හඬ පෞරුෂයේ නටබුන් පවා අහිමිව සිටින අසංක ප්‍රියමන්ත පීරිස්‌ගේ තරුණ හඬ අද්‍යතන ගීත යුගයේ සංධිස්‌ථානයකට එළැඹෙන්නේ නිලාර් ගේ වචන ඔස්‌සේය.

පැහැසර අරුණක ඉර මල පිපුණාවේ

යුගඳුරු යුද දුම සැණෙකින් නිවුණාවේ

හිමිදිරියේ . . .

සීතල හීනෙක තැවරීවත්

පරෙවි පියාපත් ඇසුණාවේ

(පැහැසර අරුණක)

ඉන් නොනැවතුණු අසංක මාලනී බුලත්සිංහලයන්ගේ විප්පයෝගී හඬ සමග තම ගැඹුරු හඬ මෙසේ මුදාලීය.

ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ

සෝදා හළ හැකිද ගැරහුම් රළ ගාව

කඩ ඉම ළඟ ඉඳන්වත් නුඹ හැමදාම

මට අත වනාපන් නලියන නළ සේම

(සඳ දිය දෙවුණ සේ)

සහස්‍රය ආරම්භ වන්නේ භාතිය - සංතුෂ්ගේ නච්ච ගීත වාදිත විසූක දස්‌සන සමගිනි. ඔවුහු වේදිකාවේ අණසක පැතිරූහ. රූකාන්තගෙන් පසුව පාද වල ලාටු තැවරුණු ගායන සම්ප්‍රදායෙන් මිදුණු වඩාත්ම කැපී පෙනෙන ගායකයෝ බවට පත් වූහ. සරම ඇඳ සපත්තු ලාගෙන 'සිරිසඟබොධි මාලිගාවේ' ගීතය රැප් සමගින් ගැයූහ. මුල් කාලයේ රන් කුරහන් මල ගීතය ආරම්භයේ 'නා නම්දෙනා නම්දෙනා' යනුවෙන් නොදන්නා තානමක්‌ වැරදියට ගැයූහ. නොබෝ කලෙකින් භාතිය - සංතුෂ් සුභාවිත කලාවේ පිලිස්‌තීනු හතුරන් බවටත් සරම් ඇඳ සිවුරු බණ කියන රූපවාහිනි කෙළතොල්ලන්ගේ කටගැස්‌ම බවටත් පත් වූහ.

මේ සර්ව ඝට්‌ටනයන් මැද නොපැකිළෙන නිලාර් එන්. කාසිම්, සිංහල සංගීත අල්තාරයේ පැහැරූ බවට චෝදනා ලබන පව්කාරයන් දෙපළට මියුරු ගී ලියා දුන්නේය.

ගෝපි ලියන් හා යමුනා තෙරේ

අවුදින් මුළා වූ රාධා මගේ

වස්‌සානයේ ආ මේ කුළුවලින්

සංතාපයේ ලා පොද වෑහුණේ

රන්මිර් මෙවුල්දම් බිඳිනා වෙලේ

කෝ කොයිද රාධා උන්මාදනී

( උන්මාදිනී හැංගුණා )

ඔහු මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට පසුව ගීත ගෝවින්දය සුනම්‍ය ලෙස හැසිරූ ගීත රචකයා බවට පත් විය. භාතිය - සන්තුෂ් ගේ තුරුණු ජවයට බාධා නොකර තම අනන්‍යතාව නඩත්තු කළේය.

නිලාර් එන්. කාසිම් නම් වූ ගීත රචකයාගේ විසිපස්‌ වසක ගීත ඉතිහාසයේ එහෙන් මෙහෙන් සිහිපත් කළ ඉමිහිරි නැවතුම් කීපයක්‌ පමණකි. අද (07) වැනිදා ප.ව. 5.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී දොරට වඩින 'සරස වසන්තය' කෘතිය, ගීත සියයක්‌ රැගත් µaලෑෂ් ඩ්‍රයිව් ගීතාවලිය, සමගින් තවත් මිහිරියාවන් විඳින්නට හැකි වේවා යෑයි විශ්වාස කරමු.

සහන් කසීර වික්‍රමසිංහ
 


 
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles