Divaina - වඩු බාස්‌ගේත් රබර් කිරි කැපූ අම්මාගේත් පුතා අද ජනප්‍රිය ගායකයෙක්‌ - චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

හතළිස්‌ වසරක සෙනෙහසේ ගී තවලම අද යොවුන් රඟහලේදී

chandra1
මහනුවර නුගලියෑද්ද බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය ගායනයට, වාදනයට මෙන්ම නර්තනයටද පිවිසෙන තරුණ තරුණියන්ට තක්‌සලාවක්‌ වුණා. අසූව දශකය මේ තක්‌සලාව දක්‌ෂයන්ගේ තෝතැන්නක්‌.

හැත්තෑනවයේ පැවැති යෞවන සම්මාන උළෙලේ ගායනයට, වාදනයට මෙන්ම සංගීතයටද ප්‍රථම සම්මානය හිමි වූ තරුණයෙක්‌ අසූවේදී මේ බෙල්වුඩ් නිකේතනයට ඇතුළත් වුණා. ඒ යෞවන සම්මාන උළෙලේ ඉදිරිපත් කළ දස්‌කම් නිසා.

තරුණසේවා සභාව සංගීත කණ්‌ඩායමක්‌ පටන් ගන්නවා ඇතුළත් වෙන්න කැමැතිද...... එවක උසස්‌ නිලධාරියකු වූ ප්‍රියා දනන්සූරිය මේ දස්‌කම් දැක්‌වූ තරුණයාගෙන් විමසනවා.

මම කැමැතියි, මේ තරුණයා දෙවරක්‌ නොසිතා කැමැත්ත ප්‍රකාශ කරනවා.

එවක තරුණ කටයුතු ඇමැතිවරයා රනිල් වික්‍රමසිංහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති චරිත රත්වත්ත මේ දෙදෙනාගේ උපදෙස්‌ මත යොවුන් ගී කණ්‌ඩායම ඇරඹෙනවා. අප මේ කියන තරුණයා මේ කණ්‌ඩායමට එක්‌වෙනවා. එහිදී තවත් තරුණ තරුණියන් පිරිසක්‌ ඔහුට හමුවෙනවා. සෝමසිරි මැදගෙදර , චන්ද්‍රලේඛා පෙරේරා, තේජා අමරසිංහ, දම්මිකා කරුණාරත්න.

විශාරද ෂර්ලි වෛජයන්ත සංගීත උපදේශකය මේ තරුණයාට ගයන්න මුලින්ම ගීයක්‌ දෙනවා.

ඈත හමායන.....මද සුළඟේ ඔබ

බිඳුවක්‌ නවතින්නේ

කාලය ගෙවිලා යයි සැණෙකින්

බිඳුවක්‌ නවතින්නේ....

යටියන්තොට සිට ආ මේ තරුණයා පළමු ගීයෙන්ම ජනප්‍රිය වෙනවා. ගීය යොවුන් ගී කැසට්‌පටයකට ඇතුළු කරනවා. චන්ද්‍රලේඛා, සෝමසිරි වැනි අයත් ඊට එක්‌වෙනවා...ඒ සමගම අප මේ කියන තරුණයාට ගයන්න ගීත රැසක්‌ නිර්මාණය වෙනවා. යොවුන් ගී කණ්‌ඩායමේ ජනප්‍රිය තරුවක්‌ බවට ඔහු පත්වෙනවා.

සීත කඳුයායේ ගයන ගී රාවේ

කවුරුදෝ........කාගේදෝ

මියුරු ගී රාවේ

චන්ද්‍රලේඛා සමග යුග ගීයක්‌ ගයනවා.. එය ඔහු ගයන පළමු යුග ගීතය බවට පත්වෙනවා. ඔහු........කවුද...., කවුද අප මේ කියන තරුණයා......?

චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි.... එදා සිට අද දක්‌වා අවුරුදු හතළිහක ගමන් මඟක්‌ ඒ නිසාම ඔහු සෙනෙහසේ ගී තවලම රැගෙන අද (07) මහරගම යොවුන් රඟහළට ගොඩ වෙනවා.

තලවම ගීය මට හමුවුණේ 1980 දී මගේ මුල්ම ගිය මම ෂර්ලි වෛජයන්ත විශාරද ගුරුතුමා තමයි මට දුන්නේ. මම සෝමසිරි චන්ද්‍රලේඛා අපි හැමෝම එදා මේ ගිSය ගැයුවා.

ඒ කාලේ අපි රටවටා යනවා යොවුන් ගී ප්‍රසංගවලට. නිහාල් ගම්හේවා මහතාවත් මේ අවස්‌ථාවේ සිහිපත් කළ යුතුයි.නිහාල් ගම්හේවා මහතා යටතේත් අපි බෙල්වුඩ්වල සංගීතය හැදැරුවා. ඒ දවස්‌වල මමත් ගීත ලියුවා.

කෙළෙසක කීsවත් ඔබ ගැන මතකය

අමතක කරනු කියා......

ඔබ ඒ කීව ලෙසේ

අමතක කරනු කෙසේ....

ඒ කාලේ සිටි අය අපට ගීත නිර්මාණය කළේ නෑ. ඒ කාලේ ජනප්‍රිය යෑයි කී හැම ගීත රචකයෙක්‌ ළඟටම මම ගියා...

ඒත් ඒ අයගේ නිර්මාණ මට දුන්නේ නෑ.

අම්මා...ජීවන උයන්තෙරේ

නොසැලි දැල්වෙන පහනකි නිරන්තරේ

ඔබ මට සුවය ගෙනේ...

මා ලියූ පළමු ගීතය. මගේ අම්මා වැඩ කළේ රබර් පැක්‌ටි්‍රයක. අම්මා අපිව හැදුවේ රබර් කිරි කපලා. රබර් ගස්‌ වටේ වල් පැළ සුද්ද කරලා අම්මයි තාත්තයි දෙන්නම අපිව හැදුවේ දුක්‌ විඳලා. තාත්තා වඩු බාස්‌ කෙනෙක්‌. ඒ වඩුබාස්‌ගේ පුතා රබර් කිරි කපාපු අම්මගේ පුතා අද රටේ ජනප්‍රිය ගායකයෙක්‌.

මගේ හතළිස්‌ වසරක සෙනෙහසේ ගී තවලම ප්‍රසංගය අද සවස 6.30 ට මහරගම යොවුන් රඟහලේ පවත්වන්නේ නොමිලේ හතළිස්‌ වසරක්‌ මා රැකගත් රසිකයන්ට කළ ගුණ දක්‌වන්න මට අවශ්‍යයි.

ඔයා නිසා මගේ සිනා මැකි ගියා දෙන්

ඔබේ සිනාවන් මතයේ රැඳි තියෙද්දෙන්

ඔබේ පුංචි දෙතෙල් අතර මා තනි වෙද්දෙන්

ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්

අලහකෝන්
 


 
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles