Divaina - බොලිවුඩ් සුපිරි තරු පිරිවරා 'Golden Film Awards' ලබන මසදී

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

 hiru3
 
බොලිවුඩයේ සුපිරි තරු පායන 'හිරු සිනමා රන් සම්මාන මංගල්‍යය' (හිරු Golden Film Awards) මෙවරත් ඔක්‌තෝම්බර් 27 දා සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
 
 මෙවර සම්මාන උළෙල සඳහා බොලිවුඩ් සිනමා නිම්නයේ සුපිරි තරු වන ගෝවින්දා, ජුහීචව්ලා, සාහිෆ් අලීඛාන්, ශිල්පාෂෙට්‌ටි, සිද්ධාර්ථ මල්හෝත්‍රා සහ සරින් ඛාන් සහභාගිවීමට නියමිතය.

hiru1
 
 

hiru2

සිංහල සිනමාව යළිත් ස්‌වර්ණමය යුගය දක්‌වා ඔසවා තැබීමේ මහ`ගු අරමුණ කරගනිමින් ලාංකීය ටෙලිවිෂන් නාලිකාවක්‌ සංවිධානය කරනු ලැබන එකම ජාත්‍යන්තර තලයේ සිනමා උළෙල ලෙස හිරු Golden Film Awards සැලකේ.
 
 ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ ද සිල්වා මහතාගේ සංකල්පයක්‌ අනුව හිරු Golden Film Awards වසර දෙකකට වරක්‌ පැවැත්වේ.
 
 සිනමාව යළි ස්‌වර්ණමය යුගය දක්‌වා ඔසවා තැබීමේ මහ`ගු අරමුණ ඇතිව ශ්‍රී ලාංකීය රූපවාහිනී නාලිකාවක්‌ සංවිධානය කරනු ලබන එකම ජාත්‍යන්තර තලයේ සිනමා සම්මාන උළෙල වන්නේ හිරු Golden Film Awards ය. වසර දෙකකට වරක්‌ පවත්වන හිරු Golden Film Awards පළමු වැන්න 2014 දී සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගනයේද දෙවැන්න 2016 දී නෙලුම්පොකුණ ර`ගහලේද පවත්වමින් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක අසිරිය ශ්‍රී ලාංකීය ප්‍රේක්‌ෂකයා හමුවට ගෙන ආවේය.
 
 මෙවර හිරු Golden Film Awards ස`දහා 2016, 2017 වසර දෙක තුළ මෙරට තිරගත චිත්‍රපට 50 ක්‌ සමඟ කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් 150 දෙනෙකුගේ කෙටි චිත්‍රපටද සම්මාන සඳහා විනිශ්චයන්ට ලක්‌වේ. එහිදි කලාත්මක ජනප්‍රිය සහ විශේෂ සම්මාන 40 ක්‌ ප්‍රදානය කිරීමට නියමිතය.
 
 ජනප්‍රිය සම්මාන සඳහා සුදුස්‌සන් ජනතා මනාපය යටතේ තෝරා ගැනීමට නියමිතය. එය කෙටි පණිවිඩ සේවාව මගින් පමණක්‌ නොව වෙබ් මාධ්‍ය මගින් ලබාදීමට ද සිනමා සම්මාන උළෙලේදී ජනතාවට අවස්‌ථාව උදාවෙයි.
 
 එතෙර මෙතෙර ජනප්‍රිය තාරකාවන් රැසක්‌ පායමින් ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ස්‌වර්ණමය ස්‌වරූපය යළිත් වරක්‌ වර්ණවත් කරමින් ලාංකේය සිනමාවේ සියලුම වර්ෂයයන් අභිෂේක ගන්වමින් රන් සම්මානයෙන් පිදීමට හිරු Golden
 Film Awards 2018 සියල්ල සුදානම් කර ඇත.

 
 
 
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles