Divaina - ශී‍්‍ර ලංකා ටෙලිකොම් සාඩම්බරයෙන් යුතුව හඳුන්වාදෙන ආසියාවේ පළමු ‘SLT Voice App. සේවාව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

telicomශී‍්‍ර ලංකාවේ ජාතික සන්නිිවේදන සේවා සැපයුම්කරු වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් (SLT) තම පාරිභෝගිකයන්ගේ ඇමතුම් සබඳතා (Voice connection) සේවාව නව මානයකට රැගෙන යමින් සහ පාරිභෝගිකයා හට ඇමතුම් සන්නිවේදනයේ නවතම අත්දැකීමක් ලබාදෙමින් ‘SLT Voice App. හඳුන්වාදීමට සැදී පැහැදී සිටියි. ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ආසියානු කලාපයේ ද පළමු වරට දියත්වන මෙම ‘SLT Voice App. නම් මෙම නවෝත්පාදනය ශී‍්‍ර ලාංකිකයන්ට හඳුන්වාදීමට ලැබීම ශී‍්‍ර ලංකා ටෙලිකොම් ලද ගෞවරයකි.
 
 ශී‍්‍ර ලංකාවේ සියලූම ක‍්‍රියාකාරී වෘත්තිකයන්, විධායකවරුන්, යෞවනයන්, තරුණ වැඩිහිටියන් හා ශී‍්‍ර ලංකා ටෙලිකොම් අන්තර්ජාල පරිශීලකයන් සියල්ලම පාහේ, වේගයෙන් පෙරට ඇදෙන ලෝකය සමගින් ස්මාර්ට් දුරකථන, ස්මාර්ට් ටැබ්ලට් පරිගණක හා ස්මාර්ට් උපාංග බහුලව භාවිතා කරයි. විශේෂයෙන්ම යොවුන් පරපුර විවිධාකාරයේ යෙදුම් හරහා අන්තර්ජාල ඇමතුම් ලබාගැනීමට වැඩි නැඹුරුතාවක් පෙන්නුම් කරයි.
 
 වර්තමානයේදී පාරිභෝගිකයන් දියුණු තාක්ෂණික යෙදුම් (App) සමඟ සමීපවීමත් සමගින්, ස්ථාවර දුරකථයට පවා ඩිජිටල් නාමාවලියක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත. එබැවින් දුරකථනයේම ඇතුළත් නාමාවලිය (Contact list) හා ප‍්‍රායෝගික ජංගමතාව වැනි විශේෂාංග ශී‍්‍ර ලංකා ටෙලිකොම් ස්ථාවර දුරකථන පාරිභෝගිකයන්ගේ තෘප්තිමත්භාවය තවත් ඉහළට ඔසවා තබනු නොඅනුමානය. සැබැවින්ම ‘SLT Voice App. යනු මෙම අංශයට වඩාත් උචිත නවොත්පාදනයයි. 
 
we telicom2 මෙම ‘SLT Voice App. සමඟ ප‍්‍රතිලාභ රාශියක් හිමිවන අතර පාරිභෝගිකයාගේ මනාපය අනුව රැහැන් සහිත ස්ථාවර දුරකථන සම්බන්ධතාවයට තමන් කැමති Smart Phone 4ක් සම්බන්ධ කිරීමට හැකියාව තිබේ. ලියාපදිංචි වීම සඳහා www.slt.lk/voice වෙත පිවිස දුරක ථන අංක 4ක් ලියාපදිංචි කළ යුතුය. ‘SLT Voice App. යෙදුම Android භාවිත කරන්නන්ට Play store හරහාද Apple භාවිත කරන්නන්ට Apple store හරහාද බාගත කරගැනීමට හැකියාව තිබේ. ලියාපදිංචි වූ පාරිභෝගිකයන්ට SLT Wifi ජාලය හරහා නොබිඳුනු සුපැහැදිලි ඇමතුම් පහසුවෙන් ලබාගැනීමට හැකිවේ. 
 
 ඡායාරූප - ගාමිණී මුණසිංහ
 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles