Divaina - ළග වගේම දුර දුවන්න හපනා බජාජ් කියුට් කොඩි‍්‍රසයිකල්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali

we bajaj1ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප‍්‍රයිවට්) ලිමිටඞ් වෙතින් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දුන් ශ‍්‍රී ලංකාවේ පළමු කොඩි‍්‍රසයිකල් රථය වන බජාජ් කියුට් මේ වන විට පාරිභෝගික ආකර්ෂණය ඉහළින්ම දිනා ගැනීමට සමත් වී ඇත.
 
 මුළු පවුලටම එකට ගමන් කළ හැකි වාහනයක් පිළිබඳව සිහින මැවූ ශ‍්‍රී ලාංකිකයන්ට දරා ගත හැකි මිලකට හඳුන්වාදුන් බජාජ් කියුට් පහසුවෙන් හැසිරවිය හැකි මෙන්ම ඉන්ධන පිරිමැස්ම ගැන සැලකීමේදී පෙට‍්‍රල් ලීටරයකින් වැඩිම දුරක් ගමන් කළ හැකි එකම වාහනයද වේ.
 
we bajaj කෙටි දුර ධාවනයට මෙන්ම දිගු දුර ධාවනය සඳහාද එකසේ ඔරොත්තු දෙන බජාජ් කියුට් රථය පිළිබඳව එම වාහනයක හිමිකරුවෙකු වන සීදූවේ පී. ඒ. ඒ. ජී. ඩබ්ලිව්. තිලකසිරි මහතා පැවසුවේ හසලක, රන්දෙනිගල, මහනුවර හරහා බිබිලේ සිට සීදූව දක්වා කිලෝ මීටර් 560ක දුරක් එක දිගට ගමන් කිරීමට ඔහුට වැය වූයේ රුපියල් 2820ක වැනි මුදලක් වූ අතර වෙනත් වාහනයකින් බිබිලේ සිට කෑගල්ලට පමණක් ඒමට මීට පෙර රුපියල් 6,000ක මුදලක් වැය කිරීමට සිදු වූ බවයි.
 
 ,මට මීට පෙර තිබුණේ බජාජ් ත‍්‍රිරෝද රථයක්. මම අලූතෙන් රෝද හතරේ වාහනයක් ගන්න සැලසුම් කරන කොට තමයි බජාජ් කියුට් වෙළෙඳපොළට නිකුත් වුණේ. මම මේ වාහනය මිලදී ගත්තේ ආරක්ෂාව, ඉන්ධන පිරිමැස්ම මෙන්ම වැස්සේදී පවා ගමන් කිරීමේ පහසුව ගැන හිතලා. බජාජ් කියුට් කියන්නේ අද කාලේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක කුඩා පවුලකට ඉතාමත් ගැලපෙන පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් වාහනයක් කියල මම දැන් අත්දැකීමෙන්ම දන්නවා,, යැයි තිලකසිරි මහතා පැවසුවේය.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles