Divaina - අබාන්ස් 50 වන සංවත්සරය වෙනුවෙන් දිවයින පුරා කාන්තා ව්‍යවසායකත්වය සවිබල ගැන්වීමේ වැඩසටහනක් දියත් කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali

we abanseඅබාන්ස් සමාගම සහ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) අතර සහයෝගීතාවයෙන් බස්නාහිර පළාතෙන් පිටත සිටින කාන්තා ව්‍යවසායිකාවන් වෙනුවෙන් අලෙවිකරණ මූලධර්ම පිළිබඳ වැඩමුළු මාලාවක් සංවිධානය කරන ලදී. 
 

we abanse2  මාර්තු මාසය පුරා පැවති මෙම සුවිශේෂී වැඩමුළු මාලාව කාන්තා ව්‍යවසායිකාවක විසින් අරඹන ලද සවිමත් ව්‍යාපාර ජාලයක් ලෙස කීර්තිමත් නාමයක් හිමි අබාන්ස් සමාගමේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කෙරුණි.
 
 
මෙම වැඩපිළිවල පිළිබඳ අබාන්ස් ව්‍යාපාර සමූහයේ අධ්‍යක්‍ෂිකා ආචාර්ය සරෝෂි ඩුබාෂ් මහත්මිය අදහස් පළ කරමින් කියා සිටියේ අබාන්ස් සමාගම 50 වැනි සැමරුම සමරන මේ අවස්ථාවේ හෙට දවසේ කාන්තා ව්‍යවසායිකාවන් දැනුමෙන් සහ හැකියාවෙන් සවි බල ගන්වන මෙවැනි අර්ථවත් වැඩසටහන්වලට දායක වීමට ලැබීම සතුටක් බවයි. කාන්තා ව්‍යවසායිකාවන්ගේ ව්‍යාපාරික ඉලක්ක වෙත සාර්ථකව ලඟා වීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ලබාදීම මෙමඟින් අපේක්‍ෂා කරන බවත් රූපලාවන්‍යාගාර, අවන්හල් මෙන්ම අබාන් පෙස්ටොන්ජි මහත්මිය සිදු කළ අන්දමට තමන්ගේම අලෙවිසැල් ජාලයක් හෝ වෙනයම් ව්‍යාපාරයක් ආරම්භ කර නිවැරදිව පවත්වාගෙන යෑමට අවශ්‍ය මඟ පෙන්වීම මෙමඟින් ලබා ගැනීමට හැකි වන බවත් සරෝෂි ඩුබාෂ් මහත්මිය පවසා සිටියාය.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles