Divaina - වත්තල හේමාස් රෝහල ශ‍්‍රී ලංකාවේ නවීනතම සාඵල්‍යතා මධ්‍යස්ථානය විවෘත කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

we hemasඔස්ටේ‍්‍රලියානු සෞඛ්‍ය ප‍්‍රමිති කවුන්සිලය හෙවත් ACHSI (Australian Council on Health Standards) ප‍්‍රමිතිකරණය ලක් වූ ශ‍්‍රී ලංකාවේ පළමු සහ එකම රෝහල් සමූහයට අයත් වන වත්තල හේමාස් රෝහල ශ‍්‍රී ලංකාවේ නවීනතම සාඵල්‍යතා මධ්‍යස්ථානය පසුගියදා විවෘත කරන ලදී. 
 
 
මෙම මධ්‍යස්ථානය ආරම්භ වීමත් සමඟම මෙතෙක් රෝහල මඟින් සැපයූ රෝග විනිශ්චය සහ ස්ක‍්‍රීනින් සේවාවන්ට අමතරව වඩාත් දියුණු සහ අති නවීනතම සාඵල්‍යතා ප‍්‍රතිකාර මෙම නව මධ්‍යස්තානය මඟින් ලබා දීමට හැකි වනු ඇත.
 
we hemas2 
වර්ෂ 1960 දශකයේ සිට ශ‍්‍රී ලංකාවේ ජනගහණයේ යම් අඩුවී යෑමක් පෙන්නුම් කරන අතර වර්ෂ 2006/7 සහ 2016 සංගණනවලින් ද මෙය තහවුරු වී ඇත. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2006/7 සංගණනයන්ට අනුව ශ‍්‍රී ලංකාවේ මඳසරුභාවය 3% ක ප‍්‍රතිශතයක් වූ අතර මෑතකදී සිදුකළ 2016 සංගණනයේදී එය 5% දක්වා වැඩි වී ඇත. ශ‍්‍රී ලංකාව මුහුණදෙන මෙම ගැටලූ‍වට පිළියමක් ලෙස ලෝකයේ සාඵල්‍යතා ප‍්‍රතිකාර සඳහා භාවිත වන නවීනතම උපකරණවලින් හේමාස් රෝහලේ මෙම නව සාඵල්‍යතා මධ්‍යස්ථානය සමන්විත වේ.
 
 
නව මධ්‍යස්ථානය විවෘත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන හේමාස් රෝහලේ කළමනාකාර අධ්‍යක්‍ෂ අචාර්ය ලකිත් පීරිස් මහතා, ”කලාපයේ සෙසු රටවල් හා සැසඳීමේදී ශ‍්‍රී ලංකවේ සාඵල්‍යතා අනුපාතය 2.2 ක් වන අවම මට්ටමක ඇති බව පෙනෙන්නට තිබෙනවා. ඉන්දියවේ සහ කාම්බෝජයේ එය 2.6 ක් වන අතර පකිස්තානයේ එම අගය 3.8 ලෙස වාර්තා වෙන අතර එය කලාපයේ ඉහළම අගය වේ. ආර්ථික සමාජීය සහ ජීවන රටාවේ වෙනස්කම් හේතුවෙන් වර්තමානය වන විට බොහෝ විවාහක යුවළ දරුසම්පත් ලැබීම පමා කිරීම බොහෝ සුලභ කාරණයක්. මේ හේතුවෙන් ශ‍්‍රී ලංකාව තුළ සාඵල්‍යතා ප‍්‍රතිකාර ලබාගැනීමේ පිරිස වැඩිවෙමින් පවතින බව අපට පෙනෙන්නට තිබෙනවා.”‍

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles