Divaina - මොබිටෙල් 5G විප්ලවීය සිහිනය සැබෑවෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali


we mobitel1ළමු 5G ස්මාට් ජංගම දුරකථනය හුවාවී ලංකා ප‍්‍රධාන විධායක නිලධාරී ෂුන්ලී වැංග් මහතා, මොබිටෙල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා සහ ශී‍්‍ර ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සභාපති පී.ජී.කුමාරසිංහ සිරිසේන යන මහත්වරුන් විසින් හඳුන්වා දුන් අයුරු.
 
 
ශී‍්‍ර ලංකාවේ ජාතික ජංගම දුරකථන සේවා ඡාලය වන මොබිටෙල් 2019 අපි‍්‍රයෙල් 5 වන දින මොබිටෙල් ජාලය තුළින් දකුණු ආසියාවේ පළමු 5G තාක්‍ෂණය භාවිතා කරන්නා බවට සාර්ථක ලෙස පත් විය. 
 
 
මොබිටෙල් මගින් 5G තාක්‍ෂණය සාර්ථකව කි‍්‍රයාත්මක කිරීම, ඇමෙරිකා එක්සත් ජනපදයේ (2019 අප‍්‍රියෙල් 02) සහ දකුණු කොරියාවේ (2019 අපි‍්‍රයෙල් 04 ) වාණිජ ජංගම ස්මාට්-දුරකථන 5G ජාලය සමග සම්බන්ධ කිරීමත් සමගම සිදු කිරීමට හැකිවීම ඉතා උණුසුම් සාර්ථකත්වයක් බවට පත් ව ඇත. 5G තාක්‍ෂණය ජංගම දුරකථන හරහා ලබාදීමේ පුරෝගාමී කි‍්‍රයාකාරකම ශී‍්‍ර ලාංකික තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ ප‍්‍රජාව අමන්දානන්දයට පත් කරවන සිද්ධියක් වී ඇත්තේ සාර්වති‍්‍රක ජංගම දුරකථන සහ ස්මාර්ට් ජංගම දුරකථන හරහා ශී‍්‍ර ලංකාව වාණිජ තොරතුරු (InfoComm) සහ දැනුමපිරි සමාජයක් කරා ගෙනයෑමට හැකිවන පුරෝගාමී පරපුරක් බලගැන්වීමේ අවස්ථාව ඒ මගින් ලැබී ඇති නිසාය. 
 
we mobitel2 
2016 වසරේ සිටම පුඵල් ජංගම බ්‍රෝඞ්බෑන්ඞ්, සුවිශාල අන්තර්ජාලයේ තොරතුරු (Massive IoT) සහ මෙහෙවර නිශ්චිත සේවා (Mission Critical Services) යන අංශයන් 5G විප්ලවයේ ප‍්‍රධාන අඩිතාලම බව මොබිටෙල් නිවැරදිව හඳුනාගන්නා ලදී. ඒ අනුව, මොබිටෙල් 5G සඳහා උපායමාර්ගිකව අවධානය යොමු කරනු ලැබූ අතර 2017 දී සුවිශාල අන්තර්ජාල තොරතුරු නිරූපණයත් සමග සිය නිවැරදි නායකත්වය ප‍්‍රදර්ශණය කරනු ලැබීය. මෙය 2018 දී මෙහෙවර නිශ්චිත සේවාවන් මගින් අනුගත කරනු ලැබීය. සිකුරාදා සිදුකරනු ලැබූ පුඵල් මොබිටෙල් බ්‍රොඞ්බෑන්ඞ් (ජංගමතාවය) නියමු විහිදුවීම මගින් සිදුකළ දකුණු ආසියාවේ 5G විප්ලවය අද්විතීය ජයග‍්‍රහණයක් වූ අතර මොබිටෙල් උපායමාර්ගික ප‍්‍රවේශය නිවැරදි බවත්, එමගින් ශී‍්‍ර ලංකාවට ප‍්‍රතිලාභ ලබා ගැනීමේ නිවැරදි මාවතට එය පිවිස ඇති බවත් සනාථ කරන ලදී. 
 
 
මොබිටෙල් ප‍්‍රධාන විධායක නිලධාරි නලින් පෙරේරා මහතා මෙසේ පවසා සිටියේය, මොබිටෙල් මගින් පෙන්වා දී ඇති තාක්‍ෂණීක විප්ලවය සුවිශේෂී වන අතර ඵය අප ලබා ගත් ප‍්‍රධාන ඡුයග‍්‍රාහනයයි. අපට තාක්‍ෂණයේ පෙරගමන් කරුවන් බවට පත්විය හැකි බව අද මොබිටෙල් පෙන්නුම් කර ඇති අතර ඊටත් වඩා වැදගත් වන්නේ ඔවුන් යටපත් කර තබාගත නොහැකි බවත් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමෙන් සහ නිවැරදි නායකත්වය යටතේ විශාල ජයග‍්‍රහනයන් ලබාගැනීමේ හැකියාව ඔවුන්ට ඇති බවත් පෙන්නුම් කිරීමය. මොබිටෙල් ජාත්‍යන්තර වේදිකාව මත පිලිගැනීමට ලක්වීම සුඵකොට තැකිය යුතු දක්‍ෂතාවයක් නොවේ. අප මොබිටෙල් මගින් හඳුන්වා දුන් 5G විප්ලවයේ ප‍්‍රතිඵල සතුටින් බුක්ති විඳින අතර ඒ ගැන ශී‍්‍ර ලාංකිකයින් ලෙස පළමුව සතුට ප‍්‍රකාශ කර සිටිමු.”

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles