Divaina - අලූත් අවුරුද්දට RDB සමඟ ගණුදෙනු කරමු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

rdbනැවුම් බලාපොරොත්තු සමඟින් උදාවු 2019 වර්ෂය අප බැංකුවට අතිශය වැදගත් වු වර්ෂයකි. එසේම උදාවන සිංහල හා දමිළ අලූත් අවුරුද්ද ලාංකේය අනන්‍යතාව ලොවට කියාපාන මහා සංස්කෘතික මංගල්‍යයකි. තවද ජාතීන් අතර සුහදතාව වර්ධනය කරගනිමින් අළුතින් හිතන්නට, කටයුතු කරන්නට අවස්ථාව උදාකරමින් ලබන්නාවු සිංහල හා හින්දු අළුත් අවුරුද්ද අප බැංකුවේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයටත්, සමස්ථ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සැමටත්, අප බැංකුවේ වටිනාම සම්පත වන ගණුදෙනුකාර භවතුන්ටත් ලක්වාසී සැමටත් සතුට, සොම්නස හා සෞභාග්‍ය සපිරි වාසනාවන්ත සුබ නව වසරක් වේවායි ප‍්‍රාර්ථනා කර සිටිමු.
 
 ජාතික සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් නැවුම් හැඟුම්, නැවුම් බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීමට මේ නව වසරේ අධිෂ්ඨාන කර ගනිමු. හෙළ සිරිත් විරිත් වලට මුල් තැන දෙමින් ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව පෙර වසර වලදී මෙන් මෙම නව වසරේදී ද සුබ මොහොතින් ගණුදෙනුකරන්නට දිවයින පුරා පිහිටි 276 කින් යුත් ශාඛා ජාලය අපේ‍්‍රල් මස 16 දින පෙ.ව. 8.30 සිට ප.ව. 3.30 දක්වා විවෘතව තබන බව දන්වා සිටීමට කැමැත්තෙමු.
 
 එදින අප සමඟ ගණුදෙනු කරන සැමට ආකර්ශනීය ඉහළ පොලියක් අවුරුදු තිළිණයක් ලෙස ලබාදීමට කටයුතු යොදා ඇත. අපේකම හඳුනන රාජ්‍ය බැංකුවක් වන ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව මෙසේ සෑම වසරකදීම ඔබත් සමඟ අවුරුද්දේ ගණුදෙනු කරන්නට අත්වැල් බැඳගනු ලබන්නේ ඔබටත් ඔබේ අනාගත පරපුරටත් ”ඉතිරි කිරීම හොඳ පුරුද්දක්ය” යන පණිවිඩය ද නව වසරේ සැමට අවබෝධ කර දීමටයි.
 
 එබැවින් පෙර වසරේ දී මෙන් මෙම වසරේදීද ගණුදෙනුකාර ප‍්‍රජාවටත්, ලක්වාසී සැමටත් ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ ගණුදෙනු කරන්නට පැමිණෙන ලෙස ආරාධනා කර සිටිමුග ඔබ සැමට සතුට හා සෞභාග්‍යය සපිරි සුබ අලූත් අවුරුද්දක් වේවා!
 
 ටි. කුහන්
 වැඩබලන සාමාන්‍යාධිකාරී/ප‍්‍රධාන විධායක නිලධාරී
 ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles