The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali

peo tvශී‍්‍ර ලංකාවේ ජාතික ජනසන්නිවේදන සේවා සැපයුම්කරු වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් (SLT) තම PEO TV පාරිභෝගිකයන්ට නවතම රූපවාහිනී අත්දැකීමක් ලබාදෙමින් ජංගම දුරකථන, පරිගණක හා ටැබ්ලට් පරිගණක ඔස්සේ රූපවාහිනී නැරඹිය හැකි PEO TV Go සේවාව හඳුන්වා දෙයි.
 
 එය පහසු මෙන්ම ඉතා ආකර්ෂණීය රූපවාහිනී නැරඹීමේ සේවාවක් වන අතරම ඕනෑම ස්ථානයක සිට ඕනෑම වේලාවක ඕනෑම ජාලයක් හරහා එම සේවාව ලබාගත හැකිවීම මෙය සතු සුවිශේෂීතම ලක්ෂණයකි. දැනට PEO TV සම්බන්ධතාවයන් හිමි පාරිභෝගිකයන්ට පිරිනැමෙන මෙම විශේෂිත වූ සේවාව පියවර 2ක් යටතේ ලබාගැනීමට හැකිවේ. එහි පළමු පියවර ලෙස PEO TV නරඹන රූපවාහිිනිය ඇතුළුව ජංගම දුරකථනය හා පරිගණකය ආදී උපකරණ දෙකක් ඔස්සේ රූපවාහිනී නාලිකා නැරඹීමට අවස්ථාව හිමි වේ. මේ සේවාව වෙනුවෙන් ඇති PEO TV Go නැමැති App එක හෙවත් යෙදුම Android භාවිත කරන්නන් හට Google Play තුළින්ද Apple භාවිත කරන්නන් හට Apple store හරහාද බාගත කරගත හැකිය.
 
 මෙම සේවාව කිසිදු විශේෂ ගාස්තුවක් ගෙවීමකින් තොරව සකී‍්‍රය කළ හැකි අතර එය භාවිතයේදී මාසික ගාස්තුවට අමතරව රජයේ නියමිත බදු අය කෙරේ. දේශීය හා විදේශීය නාලිකා 50කට අධික සංඛ්‍යාවක් මෙහිදී නැරඹීමට හැකිවන අතර පාරිභෝගිකයන්ට තම රුචිකත්වය සහ අවශ්‍යතාවන් අනුව විවිධ තේමාවන්ගෙන් යුත් නාලිකා රාශියක් අතුරින් අවශ්‍ය නාලිකාවන් වෙන් වෙන් වශයෙන් තෝරාගැනීමට හැකිවේ. ඊට අමතරව On Demand ඔස්සේ කෙටි වීඩියෝ, චිත‍්‍රපට, සංගීතය හා අධ්‍යාපනික වැඩසටහන් නැරඹීමට අවස්ථාව සැලසී තිබීමද විශේෂත්වයකි.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles