Divaina - පීපල්ස් ඉන්ෂුවරන්ස් හඳුන්වාදෙන නවතම සංචාරක රක්‍ෂණාවරණය-පීපල්ස් ට‍්‍රැවල්ස්මාර්ට් ඉන්ෂුවරන්ස්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

peopleමහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර් මහතා, පීපල්ස් ලීසිං හා ෆයිනෑන්ස් හි ප‍්‍රධාන විධායක නිලධාරී සබ්රි ඊබ‍්‍රහිම් මහතා හා පීපල්ස් ඉන්ෂුවරන්ස් හි ප‍්‍රධාන විධායක නිලධාරී දීපාල් අබේසේකර මහතා පීපල්ස් ට‍්‍රැවල්ස්මාර්ට් රක්‍ෂණ ඔප්පුවක් ෆින්ලේස් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් හි ප‍්‍රධාන විධායක නිලධාරි සංජීව් කීර්තිරත්න මහතාට පිරිනමන අයුරු.


ශී‍්‍ර ලාංකේය සංචාරක රක්‍ෂණ ක්‍ෂේත‍්‍රයට නැවුම් මුහුණුවරක් එක් කරමින් මහජන බැංකුව සහ පීපල්ස් ලීසිං හා ෆයිනෑන්ස් සමාගම් සමූහයේ ශක්තිමත් සාමාජිකයකු වන පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය විසින් සිය නවතම සංචාරක රක්‍ෂණාවරණය වන ‘‘පීපල්ස් ට‍්‍රැවල්ස්මාර්ට්" (People's Travelsmart) හඳුන්වාදීම පසුගියදා කොළඹදී සිදු කෙරුණි.

මෙම රක්‍ෂණාවරණය මගින් පුද්ගලයකු විදෙස් රටක සංචාරය කරන විට මුහුණ දීමට සිදුවන හදිසි අවස්ථා රැසකට ආවරණය සැලසෙනු ඇත. කණ්ඩායම්, පවුල් වශයෙන් හා අවුරුදු 18 ට අඩු දරුවන් සඳහා සුවිශේෂ වට්ටම් ට‍්‍රැවල්ස්මාර්ට් රක්‍ෂණාවරණය ලබාගැනීමේදී හිමි වේ. මීට අමතරව වයස අවුරුදු 80 ට අඩු ඕනෑම පුද්ගලයකුට වෛද්‍ය සහතිකයක් නොමැතිවද පීපල්ස් ඉන්ෂුවරන්ස් වෙතින් මෙම රක්‍ෂණාවරණය ලබාගත හැකිය. තවද පිපල්ස් ට‍්‍රැවල්ස්මාර්ට් රක්‍ෂණාවරණයක් ගන්නා පුද්ගලයකුට රක්‍ෂණයෙන් ආවරණය වන රටවලට වසරක් හෝ වසර 2 ක් ඇතුළත සංචාරය කරන ඕනෑම ගමන් වාර ගණනක් (බහුවාර - Multi Trip Coverage) සඳහා ඔප්පුවේ සඳහන් පරිදි එක් චාරිකාවක උපරිම දින ගණනට යටත්ව ආවරණය ලැබෙනු ඇත.

ඕනෑම පුද්ගලයකුට පහසුවෙන් අවම පිරිවැයක් යටතේ මිලදී ගත හැකි පීපල්ස් ට‍්‍රැවල්ස්මාර්ට් ඉන්ෂුවරන්ස් මගින්;

* විදෙස් ගමන් අවලංගු වීමකදී හෝ සීමා වීමකදී (Trip Cancellation & Curtailment )  * ගුවන්සේවාවට භාර දුන් ගමන් මලූ නැතිවීමකදී හෝ ප‍්‍රමාද වීමකදී (Loss/Delay in Checking Baggageැ) * පුද්ගල හදිසි අනතුරකදී (Personal Accident Benefit) *  පුද්ගල නෛතික වගකීම් (Personal Liability) * විදෙස්ගත වීමකදී වෛද්‍ය ප‍්‍රතිකාර සේවා (Overseas Medical Treatment) * පුද්ගලික මුදල් සහ ලියකියවිලි නැතිවීමකදී (Loss of Personel Money/Documents) වැනි ඔබට අවශ්‍ය හදිසි අවස්ථා රැසකදී ආවරණය ලැබෙනු ඇත.

පීපල්ස් ඉන්ෂුවරන්ස් වෙතින් ලබාදෙන පීපල්ස් ට‍්‍රැවල්ස්මාර්ට් රක්‍ෂණාවරණය, සංචාරක අලෙවි නියෝජිතයන්ගෙන් (Travel Agents) රක්‍ෂණ තැරැව්කරුවන්ගෙන් (Insurance Brokers) සහ දිවයින පුරා පිහිටි පීපල්ස් ලීසිං ශාඛා ජාලයෙහි ස්ථාපිත පීපල්ස් ඉන්ෂුවරන්ස් සේවා මධ්‍යස්ථානවලින් ලබා ගැනීමේ හැකියාව පවතී.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles