Divaina - ‘කේශා ලයිට්’ සමග ලින්ක් කේශා හිසතෙල් නිෂ්පාදන පෙළ නව මුහුණුවරකින් වෙළෙඳපොළට ඉදිරිපත් වෙයි

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 kesha

ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් (පුද්.) සමාගම විසින් දශක 02ක් පුරාවට ශී‍්‍ර ලාංකේය පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් ලින්ක් කේශා හිසතෙල් නිෂ්පාදන පෙළ නූතන කාන්තාවන්ගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි නව මුහුණුවරකින් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට පසුගියදා කටයුතු කළේය.
 
 එමෙන්ම නොඇලෙනසුලූ‍, සැහැල්ලූ (ඝනත්වයෙන් අඩු) නව නිෂ්පාදනයක් වන ‘කේශා ලයිට්’ එළිදැක්වීමද මෙහිදී සිදුකෙරිණි. මෙලෙස නව පියවරක් තබමින් ලින්ක් කේශා නිෂ්පාදන වල යහගුණය තවදුරටත් පාරිභෝගිකයන්ට අත්විඳීමට අවස්ථාව සලසමින් එය මිලි ලීටර් 50 බෝතල් වශයෙන්ද, වෙළඳපොළට නිකුත් කෙරෙනු ඇත.
 
 මේ පිළිබඳව අදහස් දක්වමින් ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගමේ Personal care අලෙවි අංශ කළමනාකාරිණී අන්‍යා දල්පදාදු මහත්මිය මෙසේ පැවසුවාය. ‘‘ආරම්භයේ පටන්ම අප රටපුරා කාටත් ගැළපෙන, විශ්වාසය තැබිය හැකි, කෙස් කළඹට නන් අයුරින් ගුණ දෙන නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත ලබාදීමට කටයුතු කළා. දැන් මේ නව ඇසුරුම සහ ‘කේශා ලයිට් ’ නව නිෂ්පාදනය නිසා එය පෙරටත් වඩා වැඩි පිරිසකගේ, විශේෂයෙන්ම තරුණ පරපුරේ අවධානයට ලක්වේවි. කේශා ශාකෞෂධ හිසතෙල් සඳහා අප භාවිත කරන්නේ නිසි ප‍්‍රමිතියෙන්, නිසි ආකාරයට තෝරාගත් ස්වාභාවික අමුද්‍රව්‍ය පමණයි. තවද අප මෙම නිෂ්පාදන ආයුර්වේදයේ දැනුම සහ නවීන තාක්ෂණය භාවිත කරමින් උසස්ම නිෂ්පාදන ක‍්‍රමවේදය උදෙසා වු GMP සහතිකය, ISO 9001 සහ ISO 14001 වැනි අන්තර්ජාතික ප‍්‍රමිති සහතිකවලින් පිදුම් ලැබු නවීන කර්මාන්තශාලාවක නිපදවනවා. මේ නව හඳුන්වාදීම් සමගින් සුපුරුදු විශිෂ්ටත්වය සහ නවීනත්වය එකට මුසු කරමින් දිගින් දිගටම අපගේ පාරිභෝගිකයන්ට විශිෂ්ටතම නිෂ්පාදන ලබාදීම අපගේ ඉලක්කයයි”.‍


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles