Divaina - ඉහළ අලෙවි කොටස්කාරීත්වයේ නව වාර්තා තබමින් ස්මාර්ට් දුරකථන වෙළෙඳපොළේ සිය බලය තවදුරටත් තහවුරුකර ගැනීමට Samsung සමත්වෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


 samu 2019 අගෝස්තු StatCounter සංඛ්‍යාලේඛණ වාර්තාවලට අනුව Samsung විසින් තමන්ම තැබූ වාර්තාව බි`ද දමමින් පසුගිය වසර දෙකක කාලය තුළ වැඩිම වෙළෙඳපොළ අලෙවි කොටස්කාරීත්වයක් සටහන් කළේය. පසුගිය වසර 5ක පටන් ශ‍්‍රී ලංකාවේ ස්මාර්ට් ජංගම දුරකථන වෙළෙඳපොළේ වැඩිම අලෙවි කොටස්කාරීත්වයක් හිමි පැහැදිළි ප‍්‍රමුඛයා ලෙස තම බලය ර`දවාගෙන සිටි Samsung 2019 වසරේ දී එය තවත් ඉදිරියට ගෙන යමින් සිය වාර්තා නැවතත් අලූත් කළේය. දැනට වසර 10ක් පුරා ශ‍්‍රී ලංකාවේ සිය අලෙවි මෙහෙයුම් සිදුකරන Samsung සිය දුරකථනවලට නව්‍ය විශේෂාංග හ`දුන්වාදෙමින් සහ රටපුරා විහිදී සිටින සුවහසක් Samsung පාරිභෝගිකයන්ට අසමසම ස්මාර්ට් දුරකථන අත්දැකීමක් ලබාදෙමින් සාර්ථකත්වයේ අඛණ්ඩ උරුමයක් පවත්වාගැනීමට සමත්වී තිබේ.
 
 ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන Samsung සතුව සියලූ වයස් කාණ්ඩයන්ට අයත්
 පාරිභෝගිකන් සිටින අතර Millennial සහ Gen Z පරම්පරාව දක්වා සියලූ දෙනාටම ගැලපෙන පරිදි විශේෂාංග පරාසයක් ඇතුළත් ස්මාර්ට් ජංගම දුරකථන පෙළක් තිබේ. තරුණ පරම්පරාවේ වෙනස්වන ජීවන විලාසිතාවන්ට සහ ජවයට ගැළපෙන නිපැයුම් දිගටම වැඩි දියුණු කරමින් ඉදිරිපත් කරන Samsung තමන් සිදුකරන සෑම නව්‍ය හ`දුන්වාදීමක්ම පාරිභෝගිකයන්ගේ හදවතේ අවශ්‍යතාවයන හ`දුනාගනිමින් ඒ වෙනුවෙන්ම නිර්මාණය කරතිබේ.
 
 ගෝලීය වශයෙන් Galaxy innovation දස වසරක් සමරන Samsung මෙම වසරේ මුල සිට මේ දක්වා ශ‍්‍රී ලංකාව තුළ දී සිය flagship ස්මාර්ට් ජංගම දුරකථන පෙළේ Galaxy Note 10, Galaxy Note 10+ සහ Galaxy S10 ලෙස ස්මාර්ට් ජංගම දුරකථන 3ක් හඳුන්වාදී තිබේ. ඉමහත්, පෞද්ගලික සහ තාක්ෂණ ඥාණයෙන් පිරි ඉහළ ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීමක් අපේක්ෂා කරන පාරිභෝගියන් ඉලක්ක කරගනිමින් Galaxy Note 10|10+ දුරකථන දෙක ඉදිරිපත් කර තිබේ. Next - Level Power ස්මාර්ට් ජංගම දුරකථනයන් ලෙස Galaxy Note 10|10+ සඳහා පාරිභෝගිකයන්ගෙන් යහපත් ප‍්‍රතිචාර නිතැතින් ගලා එයි.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles