Divaina - 2019 පළමු භාගය තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් රු.බි. 42.6ක ආදායමක් සමගින් 42%ක මෙහෙයුම් ලාභ වර්ධනයක් වාර්තා කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


 bp2
 
ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2019 පළමු භාගය සඳහා සිය මූල්‍යමය ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කළ අතර එහි පසුගිය වසරට සාපේක්ෂව 42%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින් මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 4.5 දක්වා ළඟා කර ගැනීමට සමත් වී ඇත.
 
 මෙම වර්ධිත ප‍්‍රගතියට මනා පිරිවැය කළමනාකාරිත්වය සහ පසුගිය වසරට වඩා 7.9%ක වර්ධනයක් සහිතව රුපියල් බිලියන 42.6ක ආදායම හේතු පාදක විය. සිය මූලික නිෂ්පාදන කළඹ වන ජංගම දුරකථන බ්‍රෝඞ්බෑන්ඞ් සේවා, Career Domestic, Career Global, Enterprise Business Solutions " PEO TV fiajd" National Backboneසේවා සහ ඩිජිටල් සේවාවන්හි කැපී පෙනෙන දායකත්වය ආදායමේ වර්ධනයට දායක විය . සිය ජංගම දුරකථන හස්තය වන මොබිටෙල් (පෞද්ගලික) සමාගම ඇතුළු අනුබද්ධිත සමාගම් නවයක් සමූහයට අයත්ය. පසුගිය වසරට සාපේක්ෂව දළ ලාභය 13%කින් වර්ධනය වී රුපියල් බිලියන 18.8ක් ලෙස වාර්තා විය.
 
 වෙළෙඳපොළෙහි දැඩි තරඟකාරිත්වය සහ 2019 වසරේ මුල් භාගයේ රටේ ආර්ථිකය සහ පොදු ආරක්ෂාව කෙරෙහි වූ පීඩනය මධ්‍යයේ වුවද පසුගිය වසරෙහි මුල් මාස හයෙහි 30.9%ක් වූ පොලී, බදු, ක්ෂය වීම් හා ලියා හැරීම් වලට පෙර ඉපැයීම් ආන්තිකය මෙම වසරෙහි අදාල කාලය තුල 33.4%ක් දක්වා ඉහළ යාමක් වාර්තා කිරීමට සමූහය සමත් විය. පොලී, බදු, ක්ෂය වීම් හා ලියා හැරීම් වලට පෙර ඉපැයීම් රුපියල් බිලියන 14.2ක් ලෙස වාර්තා විය. බදු වලට පසු ආදායම පෙර වසරට වඩා 23%කින් වැඩි වී රුපියල් බිලියන 3.5 දක්වා ළඟා විය. රුපියලෙහි ස්ථායීතාව, ඵලදායී ඉදිරි ආරක්ෂණ උපාය මාර්ග සහ විදේශ ව්‍යවහාර මුදල් නාමික ණය අඩු වීම යනාදියෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් 2018 පළමු භාගයෙහි රුපියල් මිලියන 550ක් වූ විදේශ විනිමය අලාභය රුපියල් මිලියන 15 දක්වා පහතට ගෙන ඒම බදු වලට පසු ආදායමෙහි වර්ධනයට සාධනීය ලෙස දායක විය. විමර්ෂණයට ලක් කෙරෙන කාලය තුල බදු වලට පසු ආදායමෙහි ආන්තිකය 2018 වසරේ එම කාලයේ වූ 7.2% සිට 8.2% දක්වා ඉහළ ගියේය. 2019 ජූනි 30 වනදායින් අවසන් වූ මාස හය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය සෘජු හා වක‍්‍ර බදු සහ අනෙකුත් ගෙවීම් වශයෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 13.9ක් ගෙවා ඇත.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles