Divaina - 2019 සිංගර් විලාසිතා දැක්ම සහ සම්මාන උළෙල අතිඋත්කර්ෂවත් අන්දමින් අවසන් වේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 singer
 
ලොවට මැහුම් කලාව දායාද කළ සිංගර් හි අනුබද්ධිත ආයතනයක් වන සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් 2019 වර්ෂය සඳහා වූ විලාසිතා දැක්ම සහ සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් නිමා කළේය.
 
 පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයේදි පැවති මෙම උළෙල සඳහා සිංගර් හි කළමනාකාරිත්වය ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.
 
රටෙහි තරුණ තරුණියන්ගේ නිර්මාණශිලීත්ව හැකියාවන් වර්ධනයෙහි ලා මහඟු‍ මෙහෙවරක් ඉටු කරන සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් මෙවර විලාසිතා දැක්ම සඳහා සිසුන් 49කගේ නිර්මාණ 60කට අධික ප‍්‍රමාණයක් ඉදිරිපත් කර තිබිණ. පෙර වසරන් හීදී සිංගර් කාර්ය මණ්ඩලය, සිසු සිසුවියන් ඇතුලූ‍ සීමිත පිරිසක් සඳහා පමණක් වෙන් වූ ප‍්‍රදර්ශනය මෙවර පුළුල් පේ‍්‍රක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගන්නා අයුරින් සංවිධානය කර තිබීම විශේෂත්වයකි. මේ හේතුවෙන් සාමාන්‍ය ජනයාට අමතරව විලසිතාකරණය සම්බන්ධ වෘත්තිකයන් හා ප‍්‍රසිද්ධ චරිත රැසකගේ ආකර්ෂණය මෙවර සිංගර් විලාසිතා දැක්ම කෙරෙහි යොමු වුයේ කොළඹ නගරයේ වාර්ෂිකව පවත්වන ඒ හා සමාන උළෙලන් හි වාර්ෂික දින කැලැන්ඩරයට නව දිනයක් එකතු කරමිනි.
 
singer2විලාසිතා දැක්ම හා සමගාමීව සම්මාන පදානෝත්සවයක් ද සංවිධානය කර තිබූණි. මෙම සම්මාන උළෙලේදී සිංගර් ෆැෂන් ඇකඩමියේ සිසු සිසුවියන්ගේ නිර්මාණ ඇගයීමට පාත‍‍්‍ර විය. සිසු සිසුවියන් සිංගර් ෆැෂන් ඇකඩමියේ පාඨමාලා හදාරමින් සිටින අතරතුරදීම සිය නිර්මාණ ඉදිරිපත් කරමින් සම්මාන දිනාගැනීමට අවස්ථාව හිමිකර ගැනීම මෙහිදී දක්නට ලැබුණු විශේෂත්වයකි. තවද මෙහිදී සිසු සිසුවියන්ට සිය නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව උදාවීම පමණක් නොව මහා පරිමාණයේ විවිධ ව්‍යාපාර අවස්ථා උදාකරගැනීම සඳහා වන ආත්ම විශ්වාසය ද හිමි විය.
 
 මෙහිදී ළමා සහ කාන්තා විලාසිතා, තරුණයින් සඳහා වූ විලාසිතා, උඩරට සාරි විලාසිතා, ඉන්දීය සාරි විලාසිතා, කාර්යාලීය ඇඳුම් විලාසිතා සහ සැඳෑ ඇඳුම් විලාසිතා ආදී වශයෙන් විලාසිතා අංග 07ක් යටතේ ඉදිරිපත් කර තිබූ නිර්මාණ අතුරින් ප‍්‍රථම සහ දෙවැනි ස්ථානයන් හිමි කරගත් ජයග‍‍්‍රාහකයන් තෝරා ඔවුන් වෙත සම්මාන පිරිනැමීම සිදුකෙරිණ. තවද ෆැෂන් ඇකඩමිය විසින් මෙහෙයවනු ලැබූ ප‍්‍රධානතම පාඨමාලා ද්විත්වයක් වන විද්‍යානුකූල ඇඳුම් මැසීම පිළිබඳ පාඨමාලාව නිමකළ සිසුන් 69 දෙනෙකු සඳහා සහ මැෂින් එම්බ්‍රෙයිඩරි පිළිබඳ ඩිප්ලෝමාවන් සාර්ථකව නිම කළ සිසු 13 දෙනෙකු සඳහා සම්මාන පිරිනැමීමක්ද සිදු විය. මෑතකදී හඳුන්වා දුන් විලාසිතා නිර්මාණකරණය පිළිබඳ සහතික පත‍්‍ර පාඨමාලාව නිම කළ සිසුන් 34 දෙනෙකු සඳහා සහතික පත‍්‍ර බෙදාදීම සිදු වීම මෙවර සම්මාන උළෙලේදී සුවිශේෂී විය.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles