Divaina - DSI නවතම ශාඛාව දඹුල්ලට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 dsi
 
ඞී. සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගම විසින් සිය නවතම DSI ප‍්‍රදර්ශනාගාරය පසුගියදා දඹුල්්ලේ අනුරාධපුර පාරේ අංක 547 දරණ ස්ථානයේ විවෘත කරන ලදී.
 
 වසර පුරා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ඇස ගැටෙන ස්ථානයක් තෝරාගනිමින් දඹුල්ල නගරයේ අනුරාධපුර පාරේ ස්ථාපිත නව DSI ශාඛාව, විවිධ සන්නාම හා මාදිලි රැසක් සිත්සේ තෝරාගනිමින් සංචාරකයන්ගේ අවශ්‍යතා කඩිනමින් සපුරාගත හැකි ආකාරයේ විශේෂිත සේවාවක් ලබාදීම වඩාත් කැපී පෙනෙයි. ඕනෑම අවස්ථාවකට ගැලපෙන අනර්ඝ තත්ත්වයේ දෙස් විදෙස් කාන්තා පිරිමි හා ළමා පාවහන් වර්ග රැසක් මෙම නව ප‍්‍රදර්ශනාගාරයෙන් දැන් ලබාගත හැකිය.
 
 ඞී. සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගමේ හිටපු කීර්තිමත් සභාපති දේශමාන්‍ය නන්දදාස රාජපක්ෂ මහතා, ඞී. සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා, අධ්‍යක්ෂ අසංක රාජපක්ෂ, දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත, දඹුල්ල නියෝජ්‍ය නගරාධිපති සමීර ජයසේකර මහතා, ඞී. සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගමේ ජාතික අලෙවි කළමනාකාර (සිල්ලර) නලීන් වීරවර්ධන මහතා, ජ්‍යෙෂ්ඨ කළමනාකාර (කාර්යාල පරිපාලන) තිලක් වීරකෝන් මහතා, ජ්‍යෙෂ්ඨ කළමනාකාර (අලෙවි සහ තොග මෙහෙයුම්) දුවීන්ද්‍ර කොරයා මහතා යන මහත්වරුන් දඹුල්ල නගරයේ නව DSI ප‍්‍රදර්ශනාගාරය විවෘත වූ අවස්ථාවට එක්ව සිටියහ.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles