Divaina - මොබිටෙල් සමාගම පෙරළිකාර Unlimited IDD ඇමතුම් පහසුකමක් හඳුන්වා දෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 mobitel
 
හැම විටම සිය පාරිභෝගිකයන්ට වැඩි වටිනාකමක් අත් කරදීමට කැප වී සිටින මොබිටෙල් සමාගම දැන් Unlimited IDD ඇමතුම් පහසුකමක් හදුන්වාදී ඇත. ශ‍්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ඇමතුම්වලට අදාළව මෙවැනි පහසුකමක් හඳුන්වා දෙනු ලබන්නේ පළමු වරටය.
 
 මොබිටෙල් සමාගමෙන් සැපයෙන මෙම නවතම පහසුකම නිසා මොබිටෙල් පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට දැන් කිසිදු අපහසුතාවකින් තොරව සිය ආදරණීයයන් ඇමතීමට හැකියාව ලැබී ඇත. මෙම Unlimited IDD පහසුකම
 රු. 750.00ක් තරම් අඩු මුදලකට දින 14ක් තරම් දීර්ඝ විස්මිත ඇමතුම් කාලයක් පාරිභෝගිකයන්ට හිමි කර දෙයි! මෙම IDD පහසුකම ලබා ගන්නා මොබිටෙල් පාරිභෝගිකයන්ට ඕස්ටේ‍්‍රලියාව, බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව, කුවේටය, මලයාසියාව, සිංගප්පූරුව, එක්සත් රාජධානිය වෙසෙන සිය ආදරණීයයන් ඇමතීමට හැකියාව ලැබෙනු ඇත.
 
 මෙම සේවාව සක‍්‍රිය කිරීම පිණිස මොබිටෙල් පෙර ගෙවුම් පාරිභෝගිකයන් කළ යුතු වන්නේ IDD <space> UL ටයිප් කර අංක 433ට SMS පණිවුඩයක් යැවීම හෝ ඊට අදාළ නියමයන් හා කොන්දේසි පිළිබඳව වැඩි විස්තර දැන ගැනීම සඳහා අංක 433 ඇමතීම යි. හැම විට ම පාරිභෝගිකයන්ට මුල් තැන දෙමින් ‘හැමවිටම ඔබ සමගයි’ තේමාව මත කටයුතු කරන මොබිටෙල් සමාගම ශ‍්‍රී ලංකාව තුළ වඩාත් ම මිල පහසු, වඩාත් ම වැඩි දියුණු ජංගම දුරකථන තාක්ෂණය පිරිනමමින් සිය පාරිභෝගිකයන් හැම විට ම සිය ආදරණීයයන් සමග සම්බන්ධතා පවත්වන බව සහතික කරයි.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles