Divaina - මන්චි තුන්වන වරටත් ජාතික ප‍්‍රමිති සම්මානය දිනයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 munchee
 
සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින්, සිලෝන් බිස්කට්ස් (CBL) සමාගමේ ප‍්‍රමුඛතම සන්නාමය වන මන්චි, තුන්වන වසරටත් මහා පරිමාණ කාණ්ඩය යටතේ ජාතික ප‍්‍රමිති සම්මානය (NQA) හිමිකර ගත්තේය.
 
 මන්චි විසින් ආරම්භයේ සිට සිය නිෂ්පාදන සහ සියලූ කටයුතු වල ගුණාත්මක භාවය පිළිබඳ දක්වන කැපවීම මෙම සම්මානය හිමි කර ගැනීමට හේතු වී ඇත.
 
 ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය (SLSI) සංවිධාන කරනු ලබන මෙම සම්මාන උළෙල මගින් ප‍්‍රමිති කළමනාකරණය සහ ප‍්‍රමිති ජයග‍්‍රහණ තුළ විශිෂ්ටත්වය පෙන්නුම් කරන ශ‍්‍රී ලාංකේය ආයතන ඇගයුමට ලක් කෙරේ. මෙම කීර්තිමත් සම්මානය වසර පහකට වරක් පමණක් පිරිනැමෙන බැවින් තුන්වන වරටත් එය තමන් සතුකර ගැනීම හරහා මන්චි තිරසාරත්වය සහ ප‍්‍රමිතිය වැඩිදියුණු කිරීම සඳහා දක්වන කැපවීම සැබෑ ලෙස පිළිබිඹු කර ඇත.
 
 උසස්ම ප‍්‍රමිතිය පිළිබඳ සිලෝන් බිස්කට්ස් සමාගමේ ගෞරව සභාපති මිනෙක වික‍්‍රමසිංහ මහතා තුළ වූ දැක්ම අනුව යමින් එම සමාගම ආරම්භයේ පටන් සිය නිෂ්පාදනවල උපරිම ප‍්‍රමිතිය පවත්වා ගැනීමට කටයුතු කළ සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියයි.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles