Divaina - ලංකා බැංකු කාර්ය මණ්ඩලයෙන් බැංකුවේ 80 වසරක ගමන සමරන්නට ”මතකයේ රැුෙ`දන පා ගමනක්”

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 boc
 
ලංකා බැංකු කාර්ය මණ්ඩලය පසුගියදා දීප ව්‍යාප්ත පා ගමනක් සංවිධානය කර බැංකුුුුුුවේ 80 වසරක දිගු ගමන සමරන ලදී.
 
 එක් එක් පළාතෙහි සේවයේ නියුතු ලංකා බැංකු කාර්ය මණ්ඩලය සියලූ දෙනාගේ සහභාගිත්වයෙන් එක් එක් පළාතෙහි තෝරාගත් ස්ථාන වල ”BoC Walk” පවත්වන ලදි. මෙම වසර 80 පුරාවට දැයට විශිෂ්ට සේවාවක් සලසමින් ලංකා බැංකුව ගත් ගමන් මග සිහිපත් කරවන පාගමනක් ලෙස එය සැලකේ.
 
 කණ්ඩායම් හැ`ගීම ප‍්‍රදර්ශනය කරමින් සෑම පළාතකම තෝරා ගන්නා ලද මාර්ගයෙහි ලංකා බැංකුවේ විශේෂ සංවත්සර සැමරුම් ටී ෂර්ට් වලින් සැරසී දහස් ගණනින් කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙම පාගමනට සහභාගි වූහ. මෙම පාගමනෙහි පෙරමුණෙහි තෝරාගත් පාසල්වල බටහිර තූර්යවාදක කණ්ඩායම් ද ඉන් අනතුරුව ආයතනික හා විධායක කළමනාකාරිත්වය ද ඔවුන් පෙරටු කොට ගත් කාර්ය මණ්ඩල සාමාජිකයින් ද මෙම පා ගමනෙහි ගමන් කළහ. මෙම පා ගමනෙහි උද්යෝගය වැඩි කරමින් බැංකුවේ ”Bank on wheels” ජංගම රථය, සැරසිලි සහිත වෙනත් වාහන සමග සංගීත කණ්ඩායම්ද ඊට එක් වීය. බැංකුවේ මහා කළමනාකරු/ප‍්‍රධාන විධායක නිලධාරි සෙනරත් බණ්ඩාර මහතා මහරගමින් ආරම්භ කර නුගේගොඩ දක්වා ගමන් කළ බස්නාහිර පළාත, දකුණු කණ්ඩායමට එක් වී සිටියේය. නියෝජ්‍ය මහා කළමනාකරු (විකුණුම් සහ හැසිරවුම්) අමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මෙම පා ගමන සහ ඊට අදාල සැමරුම් සියලූ පළාත් නියෝජනය වන පරිදි සංවිධානය කරන ලදී.
 
 ”BoC Walk” යනු දැනට ලංකා බැංකුව දක්වනු ලැබූ දිග කාලීන කැපවීම සැමරීම සඳහා සියලූ පළාත් නියෝජනය කිරීමට එක් දිනයක එක් වේලාවක සමස්ත බැංකුවේ සම්පූර්ණ ශක්තිය ඒකරාශි කර ගත් ප‍්‍රධාන අවස්ථාවන්ගෙන් එකකි. මෙම වැඩ සටහනෙහි අරමුණ වූයේ ලංකා බැංකුවේ සමස්ථ කාර්ය මණ්ඩලය දිරිමත් කිරීම අභිපේ‍්‍රරණය කිරීම සහ විශ්වාසය මෙන්ම ප‍්‍රසාදය ගොඩ නගමින් ගණුදෙනු කාර ප‍්‍රජාව බැංකුව වෙත සමීපකර ගැනීමය. මෙම අවස්ථාව අතීත කාර්ය මණ්ඩලය සහ බැංකව් වත්මන් කාර්ය මණ්ඩලයේ සියලූදෙනා සහභාගී විය.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles