Divaina - වසර 37 ක ඉතිහාසය තුළ සැලසිනේ වැඩිම ආදායමක් වාර්තා කළ වසර 2019 යි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 year

*  ‘සැලසිනේ’ සභාපති ප‍්‍රභාත් සී. පෙරේරා
 
රූපවාහිනි කර්මාන්ත සඳහා අවශ්‍ය වැඩසටහන් නිෂ්පාදනය කිරීම උදෙසා ශ‍්‍රී ලංකාවේ පළමු රූපවාහිනි නිෂ්පාදන ආයතනයක් ලෙස ප‍්‍රතිපත්ති සැලසුම් කිරීමේ අමාත්‍යාංශය යටතේ ‘සැලසිනේ’ 1982 පෙබරවාරි මස 02 වැනිදා ස්ථාපිත කෙරෙන්නේය. මෙහි මූලික අරමුණ වී ඇත්තේ මහවැලි කඩිනම් සංවර්ධන වැඩසටහන පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමයි. 2001 වසරේ සිට සැලසිනේ ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ විෂය පථයට පවරා තිබේ. රාජ්‍ය යාන්ත‍්‍රණයේ සංවර්ධන හා මෙහෙයුම් සහ සියලූ ව්‍යාපාර ක්‍ෂේත‍්‍රයන්හි ප‍්‍රවර්ධනයන් නිර්මාණාත්මකව සන්නිවේදනය කිරීම තුළින් ප‍්‍රචාරණ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වීම ‘සැලසිනේ’ දැක්ම වෙයි. එහි වත්මන් සභාපති ප‍්‍රභාත් සී. පෙරේරා මහතා සමග ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ කළ සාකච්ඡුාවක් මතුදැක්වෙයි.
 
 ප‍්‍රශ්නය - ඔබ සැලසිනේ ආයතනය භාර ගෙන දැනට මාස තුනක් පමණ ගත වෙනවා. හඳුන්වාදුන් ‘වන්බී’ කියන සංකල්පය පැහැදිලි කළොත්?
 
 පිළිතුර - සැලසිනේ වසර 37 ක් පැරණි ආයතනයක්. සාමාන්‍යයෙන් සැලසිනේ ආයතනය පසුගිය වසර කිහිපයේදී වාර්ෂිකව රුපියල් මිලියන 450 ක් පමණ අලෙවි ඉලක්කයක් පමණයි සපුරා ගෙන තිබුණේ. රුපියල් මිලියන 600 ක් පමණ වාර්තා කළේ එක වර්ෂයක් පමණයි. සැලසිනේ කියන රාජ්‍ය ආයතනයට ලාභ ලබන්න හැකියාව තිබෙනවා. අවශ්‍ය වන්නේ උත්සාහය පමණයි. ඒ නිසා වන්බී කියන සංකල්පය තුළින් මේ වසර අවසන් වීමට පෙර රුපියල් බිලියනයක ආදායමක් ලබා ගැනීම අපගේ අරමුණ වී තිබෙනවා. ආයතනයේ කණ්ඩායම් පහකට බෙදා ඒ සේවකයන් අතර තරගයක් ඇති කරනවා. සමස්ත සේවකයන් කණඩායම් පහකට වෙන් කළ පමණින් අලෙවි ඉලක්කය සපුරා ගන්න බැහැ. ඒ සඳහා නව සැලසුම් අවශ්‍යයි. මේ සියලූම දෙනාගේ කැපවීම තුළින් අදාළ ඉලක්කයට යනවා. ඒ නිසා වසර 37 ක ඉතිහාසය තුළ සැලසිනේ වැඩිම ආදායමක් වාර්තා කළ වසර ලෙසට 2019 සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා.
 
 ප‍්‍රශ්නය - අලූතින් හඳුන්වා දී තිබෙන සංකල්ප මොනවාද?
 
 පිළිතුර - මේ වන විට සැලසිනේ ආයතනය තුළින් ඉසව් කළමනාකරණය, විiුත් සහ මුද්‍රිත මාධ්‍යවල උපලේඛනගත කිරීම, ශ‍්‍රව්‍ය දෘශ්‍ය නිෂ්පාදනය, ග‍්‍රැෆික් නිර්මාණය සහ මුද්‍රණ කටයුතු සිදුකරනවා. මේවායින් බොහෝ ව්‍යාපෘති අප හරහා වෙනත් ආයතන තමයි සිදුකළේ. දැන් අපි ක‍්‍රමානුකූලව පිටස්තර ආයතනවලට ලබාදුන් ව්‍යාපෘති සැලසිනේ තුළින්ම සිදුකිරීමයි දැන් කරගෙන යන්නේ. උදාහරණයක් ලෙස පි‍්‍රන්ටින් කටයුතු අපගේ ආයතනය තුළින්ම කරගෙන යන්න වැඩපිළිවෙළක් සකස් කරමින් සිටිනවා. කාර්යාලයීය උපකරණ අතරින් ඡුායා පිටපත් කොල අපට රාජ්‍ය ආයතනවලට අලෙවි කරන්න පුළුවන්. දැනට රාජ්‍ය ආයතනවලට ඡුායා පිටපත් කොල ලබා දෙන්නේ පෞද්ගලික ආයතන කිහිපයක්. අපි ඒ අවස්ථාව ලබා ගත්තාම සහ අඩු මිලට ඒවා දුන්නාම ඒ ආයතනයටත් ලාභයක් ලැබෙනවා. අපටත් ආදායමක් ලැබෙනවා. අවසානයේ ආදායම සහ ලාභය ලැබෙන්නේ රජයටමයි. ඒ වගේම කාර්යාලයීය උපකරණ නිෂ්පාදනය කිරීමත්, අලෙවි කිරීමත් ඇතුළුව විවිධ නව ව්‍යාපාරික අවස්ථා හඳුනාගෙන තිබෙනවා. අලූත් ව්‍යාපාරික අවස්ථාවලට යොමු වීමට ආයතනය කටයුතු කරමින් සිටින නිසා නව ඉලක්කය සපුරා ගැනීමට කිසිදු බාධාවක් වෙන්නේ නැහැ.
 
 ප‍්‍රශ්නය - බොහෝ රාජ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයක පවතින්නේ. නමුත් ඔබ මේ ආයතනය ලාබ ලබන තත්ත්වයට පත් කර ගැනීමට උනන්දුවක් දක්වනවා. සැලසිනේ මේ වෙනස කරන්නේ කොහොමද?
 
 පිළිතුර - දැනට රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ වර්ගීකරණය කර තිබෙන ආකාරයට අපි ඉන්නේ ‘ඞී’ කියන වර්ගයේ. ඒ, බී, සී, ඞී, ඊ, එෆ් කියලා රාජ්‍ය ව්‍යාපාර වර්ගීකරණය කර තිබෙනවා. මේ ව්‍යාපාර වර්ගීකරණය කර තිබෙන්නේ වාර්ෂික ආදායම පදනම් කරගෙනයි. එනිසා රුපියල් බිලියනයක වාර්ෂික ආදායමක් ලබා ගැනීම තුළින් අපට සී හෝ බී කියන වර්ගයට එන්න පුළුවන්. එහෙම වුණොත් මෙරට තිබෙන මහා පරිමාණ ආයතන අතරට සැලසිනෙත් අයත් වෙනවා. ඊට සමගාමීව ආයතනය තුළ සිටින සේවක සේවිකාවන්ට වැටුප් තල සියල්ලම ඒ අනුව වෙනස් වෙනවා. සේවකයන්ටත් විශේෂ වාසියක් හිමිවෙනවා වගේම ආයතනයත් රටේ ප‍්‍රධාන තැනක් ගන්නවා. එසේම අපනයනය සහ ආනයනයට වැඩි අවස්ථාවක් ලබා ගන්න පුළුවන්.
 
 ප‍්‍රශ්නය - සැලසිනේ ලාභ ලබන තත්ත්වයකට ගෙන ඒම තුළින් ඔබගේ ඉදිරි පියවර පැහැදිලි කළොත්?
 
 පිළිතුර - සැලසිනේ පසුගිය කාලයේ පාඩු ලැබුවා. නමුත් දැන් එහෙම නැහැ. දැනට ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන අතරින් ලාභ ලබන එකම ආයතනය සැලසිනේ. බොහෝ රාජ්‍ය ආයතන පාඩු ලබන්නේ නිසි කළමනාකරණයක් නොමැති නිසයි. රාජ්‍ය ආයතනත් නිසි කළමනාකාරණයකින් සහිතව පෞද්ගලික අංශය සමග කරටකර තරග කළ යුතුයි. තරගකාරීත්වයක් තිබෙන විට ඔය කියන පාඩුව වෙන්නේ නැහැ. සැලසිනේ ඉහළ ලාභ ලබනවා කියන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයට ලබාදෙන මුදල වැඩි වෙනවා. ඒ වගේම සේවකයන්ටත් ඉහළ වැටුපක් ලබා දෙන්න පුළුවන්. අවශ්‍ය නම් අමාත්‍යාංශය යටතේ පවතින අලාභ ලබන අනිකුත් රාජ්‍ය ආයතන නඩත්තු කරන්නත් පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වන්නේ අදාළ අනුමැතිය පමණයි. අපි ඒ දේ කරන්න වුණත් ලෑස්තියි.
 
 ප‍්‍රශ්නය - සැලසිනේ රියැලිටි වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවාද?
 
 පිළිතුර - ඔව්. අපි ඒ රියැලිටි වැඩසටහන කරන්නේ යුරෝපයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් සඳහා පමණයි. එහිදී ගායන සහ මිස් යූරෝ ස්ටාර් නමින් තරග දෙකක් සංවිධානය කර තිබෙනවා. එංගලන්තය, ප‍්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ස්විට්සර්ලන්තය සහ සයිප‍්‍රස් යන රටවල් කේන්ද්‍ර කරගෙන තමයි මේ තරගාවලිය සංවිධානය කළේ. මේ සඳහා දෙස් විදෙස් අනුග‍්‍රාහකයන් රැුසක් ඉදිරිපත් වී තිබෙනවා. මෙහි අවසන් මහා තරගය ලබන ජනවාරි මස කොළඹදී පැවැත්වීමට කටයුතු කරනවා. සෑම රටකම තරග දෙකෙහි ජයග‍්‍රාහකයන් දෙදෙනකු බැගින් සමස්ත ජයග‍්‍රාහකයන් 12 තෝරා ගැනීමට නියමිතයි. සැලසිනේ විදේශයක සංවිධානය කරන ප‍්‍රමුඛ පෙළේ රියැලිටි වැඩසටහන ලෙසට මෙය හඳුන්වන්න පුළුවන්.
 
 සංවාද සටහන - ලසිත දුමින්ද
 ඡුායාරූප - ධර්මසේන වැලිපිටිය


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles