Divaina - සිංගර් ශ‍්‍රී ලංකා සමාගම වියට්නාමයේ විකිනෝ නිෂ්පාදන සඳහා ශ‍්‍රී ලංකාවේ බලයලත් එකම වෙළෙඳ නියෝජිත බවට පත්වෙයි

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 singer
සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි මහෙෂ් විජේවර්ධන සහ ස්වීම් සමාගමේ අධ්‍යක්ෂ ලෙ වියෙට් හුං අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාව. එම අවස්ථාවට එක් වූ සිංගර් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර සමරසිංහ මහතාද ඡුායාරූපයේ වෙයි.
 
 
සිංගර් ශ‍්‍රී ලංකා සමාගම විකිනෝ අත් ට‍්‍රැක්ටර් සහ මිනි ටේ‍්‍රලරය ඇතුළු සියලූ‍ නිෂ්පාදන සඳහා ශ‍්‍රී ලංකාවේ එකම අලෙවි නියෝජිත ලෙස වියට්නාමයේ ස්වීම් සමාගම සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගියදා සිදු කෙරිණි.
 
 ශ‍්‍රී ලංකේය කෘෂි ක්ෂේත‍්‍රයේ අවශ්‍යතා සපුරාලන විවිධ යන්ත‍්‍ර සූත‍්‍ර සහ මෙවලම් මෙරටට හඳුන්වා දුන් සිංගර් සමාගම 2013 වසරේ සිට විකිනෝ ෆාම් මාස්ටර් අත් ට‍්‍රැක්ටරය අලෙවි කරන අතර මෙම අවබෝධතා ගිවිසුමට අනුව ජාත්‍යන්තරව පිළිගත් වියට්නාමයේ ස්වීම් සමාගමේ සියලූ‍ නිෂ්පාදන ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා බලයලත් එකම නියෝජිත ලෙස සිංගර් ශ‍්‍රීලංකා සමාගමට සියලූ‍ හිමිකම් පැවරෙනු ඇත.
 
 විකිනෝ ෆාම් මාස්ටර් අත් ට‍්‍රැක්ටරය 2015 වසරේ සිට මේ දක්වා වැඩිම අලෙවිය ඇති රෝද දෙකේ අත් ට‍්‍රැක්ටරය ලෙස අංක එක ස්ථානයේ වැජඹීමෙන් පිළිබිඹු වන්නේ එහි විශිෂ්ට ක‍්‍රියාකාරිත්වය, කාර්යක්ෂමතාවය සහ කල් පැවැත්ම පිළිබඳ ගොවි ජනතාවගේ විශ්වාසයයි.
 
 වසර 50ක විශිෂ්ට ඉතිහාසයකට උරුමකම් කියන විකිනෝ කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කරන ස්වීම් සමාගම වියට්නාමයේ කර්මාන්ත සහ වෙළෙඳ අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වෙයි. ලෝකයේ කෘෂි කර්මාන්තයේ උන්නතිය උදෙසා නවීනතම කෘෂි උපකරණ සහ මෙවලම් නිෂ්පාදනය සම්බන්ධයෙන් වියට්නාමය ජාත්‍යන්තර කීර්තියක් හිමිකරගෙන සිටින අතර එරට විශාලතම කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදකයා වන්නේද ස්වීම් සමාගමයි. නිෂ්පාදනාගාර 40කදී 400කට අධික යන්ත‍්‍රසූත‍්‍ර භාවිතයෙන් වාර්ෂිකව ඞීසල් එන්ජින් 45,000ක සහ කෘෂි යන්ත්‍රෝපකරණ 25,000ක නිෂ්පාදන ධාරිතාවක් ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම ISO 9001:2008 සහ ISO 14001:2004 තත්ත්ව සහතිකද හිමිකරගෙන ඇති ස්වීම් සමාගම ජපානය, ජර්මනිය, ප‍්‍රංශය, ඉන්දියාව, කොරියාව, සිංගප්පූරුව ඇතුලූ 20කට අධික රටවල් සංඛ්‍යාවකට සිය නිෂ්පාදන අපනයනය කරනු ලබයි.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles