Divaina - ලංකා බැංකුවේ 80 වැනි අභිමානවත් සංවත්සර සැමරුම ප‍්‍රධාන කාර්යාලයේදී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


  boc
 
කොළඹ කොටුව, ලංකා බැංකු මාවතේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදී සර්ව ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් පසුගියදා ලංකා බැංකුව තම අභිමානවත් 80 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් සමරන ලදී.
 
 බෞද්ධ, කතෝලික, හින්දු සහ ඉස්ලාම් ආගමිකක වතාවත් ඉටුකරමින් ආරම්භ වූ උත්සවය සඳහා ලංකා බැංකුවේ වැඩබලන සභාපති කුමා මායාදුන්නේ මහතා, මහා කළමනාකාර සෙනරත් බණ්ඩාර මහතා, අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික පී. ඒ. ෂාෆ්ටර් මහතා ඇතුළුව ආයතනික හා විධායක කළමනාකාරීත්වය මෙන්ම බැංකුවේ කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සම්බන්ධවී සිටියහ.
 
 1939 අගෝස්තු මස 01 දින කොළඹ කොටුව බි‍්‍රස්ටල් වීදියේ අංක 41 දරණ ස්ථානයෙන් ඇරඹි ලංකා බැංකුව දශක 08ක් පුරා සිය ශාඛා ජාලය දිවයිනේ සිව්දෙස ව්‍යාප්ත කරමින් ඩිජිටල්කරණ පෙරළිය ඔස්සේ නව තාක්ෂණය හා මුසුවෙමින් ඉදිරියේදී එලඹෙන සියවස සඳහා ර්‍ණනව්‍යකරණයෙන් ඉදිරියට” යන තේමාව ඔස්සේ නව දැක්මකින් තම ගනුදෙනුකාර සේවාව තවදුරටත් ව්‍යාප්ත කරනු ඇත.
 
 මෙම අවස්ථාවේදී ලංකා බැංකුව හරිත බැංකුකරණ සංකල්පයට අනුගත වෙමින් පවත්වාගෙන යන ශාඛා මෙන්ම දැනට හරිත සංකල්පය යටතේ ඉදිකරනු ලබන ශාඛාවන්ද, ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 1ක සූර්ය බල ශක්ති දායකත්වයක් ලබාදීම වෙනුවෙන්ද, ලංකා බැංකු ප‍්‍රධාන කාර්යාලයේ බල ශක්ති ඉතිරි කිරීමෙි සැලැස්ම යනාදී කරුණු සැලකිල්ලට ගනිමින් ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි සංසදය මගින් ර්‍ණහරිතකරණය සඳහා වූ විශිෂ්ටත්වයේ සම්මානය” ප‍්‍රදානය කරන ලදී.
 
 80 වැනි සංවත්සරයට සමගාමීව ලංකා බැංකුවෙ මූලස්ථාන ගොඩනැගිල්ල “BOC TOWER” ලෙස නම් කිරීම ලංකා බැංකුවේ වැඩ බලන සභාපති කුමා මායාදුන්නේ මහතා සහ මහා කළමනාකාර සෙනරත් බණ්ඩාර මහතා අතින් සිදුවිය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles