Divaina - ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් වෙතින් නව තාක්ෂණය හරහා අසමසම පාරිභෝගික පහසුව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 
 
 
 slic
ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් වෙතින් නව තාක්‍ෂණය හරහා අසමසම පාරිභෝගික පහසුව පිළිබඳව පසුගියදා කොළඹදී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට එක්වූ (ඡුායාරූපයේ වමේ සිට) ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ව්‍යාපාර සංවර්ධන ප‍්‍රධාන නිලධාරි රුක්මන් වීරරත්න, ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන තොරතුරු නිලධාරි ආලෝක ජයවර්ධන, ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් කළමනාකාර අධ්‍යක්‍ෂ දුෂ්‍යන්ත බස්නායක, ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන විධායක නිලධාරි චන්දන එල්. අලූත්ගම, ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් සාමාන්‍ය රක්‍ෂණ ප‍්‍රධාන නිලධාරිනී රුවන්ති ගුණරත්න, ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රථවාහන ලලිත් ද සිල්වා යන මහත්ම මහත්මීන් ඡුායාරූපයෙහි දැක්වේ. ඡුායාරූපය - කමල් බෝගොඩ
 
 
මෝටර් ප්ලස් රක්ෂණය හිමි මෝටර් රථ ස`දහා රු 75,000/- ට අඩු හිමිකම් වැඩකරන පැය 3 ක් තුළදී පියවීම සහ රු 500,000/- ට අඩු හිමිකම් ස`දහා වේගවත් හිමිකම් පියවීමේ ක‍්‍රමවේදයක් රක්ෂණ අවශ්‍යතා සදහා වේගවත් හා පහසු ප‍්‍රවේශයක් ලබාදීම සහ අනතුරකදී ඔබ ඉන්නා තැන නිශ්චිතවම දැන ගැනීමේ පහසුව ස`දහා SLIC ජංගම දුරකථන යෙදුම (App) දැන් ලබාගත හැකිය.
 
 ශ‍්‍රී ලංකාවේ අංක එකේ මෝටර් රථ රක්ෂණ සන්නාමය වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් වඩා ඵලදායී හා ගුණාත්මක සේවාවක් ලබාදීම ස`දහා පාරිභෝගිකයන්ට ලබාදෙන ප‍්‍රතිලාභ පුළුල් කර තිබේ. නවීන තාක්ෂණයෙන් හා නව්‍ය සේවා අංගයන්ගෙන් සන්නද්ධ වූ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් සිය
 
 පාරිභෝගිකයන්ට සහ ඔවුන්ගේ වාහන ස`දහා පූර්ණ ආරක්ෂාව සමග වේගවත් හා පහසු සේවාවක් සපයයි.
 
 මෙම නවතම ප‍්‍රතිලාභ සම`ගින් මෝටර් ප්ලස් රක්ෂණ ඔප්පු හිමියන්ට දැන් රු 75,000/- වඩා අඩු හිමිකම් ඇස්තමේන්තු, අලූත්වැඩියා කිරීමේ බිල්පත්, අබලි ද්‍රව්‍ය භාරදීම හා අලූත්වැඩියා කිරීමෙන් පිරික්සුමකින් (ARI) තොරව වැඩකරන පැය 3 ක් තුළදී පියවීමේ පහසුව අත්වි`දිය හැකි අතර අලූත්වැඩියා කිරීමේ බිල්පත් හා අබලි ද්‍රව්‍ය භාරදීමකින් තොරව රු 500,000/- ට අඩු හිමිකම් ඉතාමත් ඉක්මනින් කාර්යක්ෂම ක‍්‍රමවේදයක් ඔස්සේ පියවීමේ පහසුකම ලබාගත හැකිය.
 
 මෙම සුවිශේෂී නව හ`දුන්වාදීම් අතරට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ඔප්පු හිමියන්ට හදිසි අනතුරක් හේතුවෙන් සිදුවන මරණයකදී හෝ පූර්ණ සදාකාලික අකර්මණ්‍යතාවයකදී පුද්ගලික භාවිතයේ යොදවන කාර් රථ, ඩබල් කැබ් රථ හා ද්විත්ව කාර්ය වාහන ස`දහා රු 1,000,000 ක් වටිනා පුද්ගල හදිසි අනතුරු ආවරණයක් ද හිමිවේ.
 
 මෙහි වඩාත් සුවිශේෂී අංගය වන්නේ අනතුරකට පත්වූ අවස්ථාවේදී ඔබ ඉන්නා තැන, නිවැරදිව අප පරිගණක ජාලයේ සටහන් වීමයි. මෙයින් ඔබ වෙතට වඩාත් ඉක්මනින් අපගේ සහය සේවාව ලබා දීම ට හැකියාව ලැබෙයි.
 
 රක්ෂණයේ නියමුවාගේ නවතම ප‍්‍රතිලාභ අතර තවත් එක් සුවිශේෂී සේවාවක් වන්නේ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජංගම දුරකථන යෙදුම App හරහා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අන්තර්ජාල පිවිසුම ඔස්සේ සිය රථවාහන රක්ෂණය අලූත් කරගැනීමේ පහසුව සැලසීමයි. එමෙන්ම ප‍්‍රමුඛ පෙළේ ක්‍රෙඩිට් කාඞ් පත් Visa, Master, Amex, Frimi,
 Genie, eZ Cash සහ mcash ඇතුළු විකල්ප ගෙවීමේ ක‍්‍රම භාවිතයෙන් නම්‍යශීලී ගෙවීම් සැළසුම් ලබාගැනීමේ පහසුව පාරිභෝගිකයන්ට අත්වි`දිය හැකිය.
 
 රක්ෂණ ක්ෂේත‍්‍රයේ නව මානයන් සලකුණු කරමින් පාරිභෝගිකයන්ගේ කාලීන රක්ෂණ අවශ්‍යතා හඳුනා ගනිමින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජංගම දුරකථන යෙදුම (App) 2019 අගෝස්තු මස 01 වැනිදා සිට Android තාක්ෂණය ඔස්සේ ලබාගැනීමේ පහසුකම සලසා තිබෙන අතර ළ`ගදීම IOS තාක්ෂණය ඔස්සේද ලබාගැනීමේ හැකියාව පාරිභෝගිකයන්ට ලැබේ.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles