Divaina - ඇමැති මලික් සමරවික‍්‍රම මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ නිරීක්‍ෂණ චාරිකාවක

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 
 malik
මෙරට රථ වාහන ක්‍ෂේත‍්‍රයේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් ලබන 17 වැනිදා විවෘත කිරීමට නියමිත මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ නිරීක්‍ෂණ චාරිකාවක සංවර්ධන ක‍්‍රමෝපායික හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති මලික් සමරවික‍්‍රම මහතා පසුගියදා නිරත විය.
 
 කළුතර දිස්ති‍්‍රක්කයේ වැලිපැන්න ප‍්‍රදේශයේ ඉදිකර ඇති මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ කර්මාන්තශාලාවේ සිදු කරන නිෂ්පාදන කටයුතු පිළිබඳ නිරීක්‍ෂණ චාරිකාවකට ඇමැතිවරයා මෙලෙස එක් විය.
 
 මෙම කර්මාන්තශාලාව මගින් මහින්ද්‍රා KUV100 වර්ගයේ SUV රථයක් නිෂ්පාදනය කිරීමට නියමිතය.
 
 මෙම අවස්ථාවට ආයෝජන මණ්ඩලයේ සභාපති මංගල යාපා, අයිඩියල් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ චමින්ද වනිගරත්න, ඉන්දියාවේ මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ දේශීය කළමනාකරු සාගර් බත්කම්කාර්, මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ මෙහෙයුම් සාමාන්‍යාධිකාරි අමන්ද ගුණරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
 
 ඇමැති මලික් සමරවික‍්‍රම මහතා වෙත කර්මාන්තශාලාවේ ක‍්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කරන අයුරු ඡුායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක් වූ අයිඩියල් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ චමින්ද වනිගරත්න මහතා ඇතුළු පිරිස ඡුායාරූපයේ වෙති.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles