Divaina - මොබිටෙල්, සිය ලෙන්ගතු පාරිභෝගිකයන් සඳහා ‘මොබිටෙල් රිවෝඞ්ස්’ වැඩසටහන දියත් කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 
 mobitel
නවෝත්පාදන මත පදනම්වූ සමාගමක් ලෙස, ශී‍්‍ර ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල්, පාරිභෝගික මුලීක සේවාවන් සඳහා නිරතුරුව සැදී පැහැදී සිටී.
 
 තවත් එක් ඉදිරි පියවරක් තබමින් සිය ලෙන්ගතු පාරිභෝගිකයින්ට ප‍්‍රතිලාභ ලබාදීම සඳහා ‘මොබිටෙල් රිවෝඞ්ස්’- සුවිශේෂී වැඩසටහන මොබිටෙල් විසින් සාඩම්බරයෙන් දියත් කරයි.
 
 මොබිටෙල් සමග පාරිභෝගිකයින්ගේ පවතින සබඳතා ශක්තිය හඳුනාගැනීම සඳහා නිර්මාණය කර ඇති පක්‍ෂපාතිත්ව ප‍්‍රතිලාභ ක‍්‍රමය මගින් ඔවුන්ට විශේෂ දීමනා සහ වට්ටම්ද හවුල්කාර වෙළඳුන් විසින් ලබා දෙන විශේෂ වාසිද ඇතුළු ප‍්‍රතිලාභ රැසක් පිරිනමනු ලැබේ.
 
 බිල්පත් ගෙවීම්, නවීන ස්මාර්ට් දුරකථන, උපකරණ, උපාංග මිලදී ගැනීම් සහ පෙර ගෙවුම් ප‍්‍රතිපූරණය කිරීම් සඳහා සිය ප‍්‍රසාද ලකුණු භාවිතා කළ හැකි වීමද මෙම ප‍්‍රතිලාභියන්ට ඇතුලත් වේ. භාවිතය සහ මොබිටෙල් ජාලයට දක්වන පක්‍ෂපාතිත්වය අනුව මෙම ප‍්‍රතිලාභ ප‍්‍රමාණය වෙනස් වේ. ඒ අනුව සිය පාරිභෝගිිකයින් නිල්, රිදී, රන් සහ ප්ලැටිනම් යන කාණ්ඩ යටතේ නමිකර ඇත. මෙය සිය පාරිභෝගිකයින් මොබිටෙල් ජාලය සමග ඇති අඛන්ඩ පක්‍ෂපාතිත්වයට ප‍්‍රතිචාර දැක්වීමටත්, පාරිභෝගිකයින් සහ ජාලය අතර ඇති බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීමටත් මොබිටෙල් විසින් ගනු ලැබූ මුලීක ආරම්භක පියවරකිි. පෙරගෙවුම්, පසුගෙවුම් සහ බ්‍රෝඞ්බෑන්ඞ් පහසුකම් ලබාගෙන ඇති සියලූම පුද්ගලික පාරිභෝගිකයින් මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබන අතර #071# ඇමතීමෙන් හෝ මොබිටෙල් සෙල්ෆ්කෙයා ස්මාර්ට් දුරකථන යෙදවුම හරහා සිය ප‍්‍රසාද ලකුණු ප‍්‍රමාණය
 දැනගැනීමට සහ ඒවා භාවිතා කිරීමට ඔවුන්ට හැකියාව ඇත.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles