Divaina - වට්ටම් පිට වට්ටම් ලබා දෙන ප‍්‍රයිම් හොට් ඞීල්ස් දේපළ වෙළෙදාම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම E-COMMERCE වෙබ් අඩවි සේවාව හඳුන්වා දෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 
 wattam
ප‍්‍රයිම් ගෲප් හඳුන්වා දුන් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම ඊ-කොමර්ස් වෙබ් අඩවි සේවාව පිළිබඳ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට එක්වූ (ඡුායාරූපයේ වමේ සිට) ප‍්‍රයිම් ගෲප්හි ඩිජිටල් මාධ්‍ය කළමනාකරු දිනෙත් සිල්වා, ප‍්‍රයිම් ගෲප් සමාගම් ලේකම් නන්දන එදිරිසිංහ, ප‍්‍රයිම් ගෲප් නියෝජ්‍ය සභාපතිනි සඳමිනි පෙරේරා, ප‍්‍රයිම් ගෲප් සභාපති පේ‍්‍රමලාල් බ‍්‍රාහ්මණගේ, ඞීඑෆ්සීසී බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි ගිලන් එඞ්වඞ්, ඞීඑෆ්සීසී බැංකුවේ නීති අංශයේ උප සභාපතිනි සමන්ති කාරියවසම් යන මහත්ම මහත්මීන් ඡුායාරූපයෙන් දැක්වේ.
 
ඔබ සැලසුම් කරන්නේ ඉඩමක් මිලදී ගන්නද? නිවෙසක් ඉදි කරන්නද? එසේත් නැත්නම් අපාට්මන්ට් එකක් මිලදී ගන්නද? ලොකුවට හිතන්නත් එපා. වැඩි පුර හිතන්නත් එපා. ඔබගේ අවශ්‍යතාව ඉටු කර දෙන්නට ප‍්‍රයිම් ගෲප් සූදානම්.
 
 පසුගිය අගෝස්තු 6 වැනිදා ප‍්‍රයිම් ගෲප් හඳුන්වා ඳුන් ප‍්‍රයිම් හොට් ඞීල්ස්, ගේ-දොර ඉඩකඩම් මිලදී ගැනීමේ පහසුකම් ලබා දෙන ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම ඊ-කොමර්ස් වෙබ් අඩවි සේවාවයි. දේපළ ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරන්නට එම පියවර සමත් වනු නිසැකය. පොඞ්ඩක් කල්පනා කරලා බලන්න, ඔබ කොතැන සිටියත් එසේම සිටිමින්, ඔබේ සිත් ගත් දේපළ ඔබ හැබැහින් ඉඩමේ සිට දකින සේ නරඹා, ඔන්ලයින් මගින් එය වෙන් කරවා ගැනීමට හැකියාව ලැබීම මොනතරම් පහසුවක්ද කියා. එපමණක් නොවේ.
 
wattam2ප‍්‍රයිම් ගෲප් වෙතින් ඔබට හඳුන්වා දෙන මෙම නවීන තාක්‍ෂණ ක‍්‍රමවේදය භාවිත කිරීම හරහා ඔබ ඔන්ලයින් සේවාදායකයකු වන විට ඔබට ලැබෙන වට්ටම්ද ඉහළ යයි. එහි වාසිය සේවාගයක ඔබ වෙත බැර කිරීමට ප‍්‍රයිම් ගෲප් නිර්ලෝභීව කටයුතු කරන නිසාය. දේපළ වෙළෙඳාම් ක්‍ෂේත‍්‍රය වඩාත් ඉදිරි පියවරක් තැබීම වෙනුවෙන් ඔබ අප වෙත දක්වන අනුග‍්‍රහයට කෘතගුණ දැක්වීම අපගේ යුතුකමක් වන නිසාය.
 
 www.primehotdeals.lk ප‍්‍රයිම් ගෲප් හි නවතම වෙබ් අඩවියයි. රටේ දකුණු අන්තයේ පිහිටි දෙවුන්දර තුඩුවේ සිට උතුරු අන්තයේ පිහිටි පේදුරුතුඩුව දක්වා වූ අලෙවිය සඳහා ඇති අපගේ සියලූම ඉඩ කඩම්, ගේදොර, නිවාස, අපාට්මන්ට්ස් එහි ලැයිස්තුගත කර තිබේ.
 
 ඔබගේ ගේදොර, ඉඩකඩම් හෝ නිවාස-අපාට්මන්ට් සිහිනය සැබෑ කර ගැනීමට පහසුම මග වන්නේ www.primehotdeals.lk පිළිබඳ අවදියෙන් සිටිමයි. දේපළ වෙළෙඳාම් ක්ෂේත‍්‍රයේ ශී‍්‍ර ලංකාවේ වඩාත් විශ්වාසය දිනූ ප‍්‍රයිම් ගෲප් හි ව්‍යාපෘති දිවයින පුරා විහිඳී ඇත.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles